Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
තමාගෙන් කියලා එක පිච්චියක් වියදම් කරලා කරානම් අපිට දුක නැහැ.. - ගීතා Exclusive - Photos

- තමාගෙන් කියලා එක පිච්චියක් වියදම් කරලා කරානම් අපිට දුක නැහැ.. - ගීතා Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,899 Views
"ඇමති තුමා ඔබතුමාට කල්පනාවක් නැද්ද ? ඇයි තවමත් බලාගෙන ඉන්නේ කරන්නැතුව"

"බෙන්තර පාලමට ලයිට් නැති වුණු වෙලාවේත් මම තමයි පළවෙනි යෝජනාව කලේ"

සිනමාවේ විවිධ චරිත මැවූ ඇය අද විවිධ ක්ෂ්‍රේත්‍රයන් ඔස්සේ කතාබහට ලක්වී ඇත. විටෙක ඇගේ ගණිත ගුණය පිළිබඳව විවිධාපන්න වන අතර තවත් විටෙක ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්වේ. ඇගේ අළුත්ම මාතෘකාව බවට පත්වී ඇත්තේ සූර්ය කෝශය වෙනුවට ජෙනරේටරයයි. සූර්යකෝෂ සහ ජෙනරේටරය පිළිබඳව ඇයගේ ඇති විශේෂඥතාවය පිරික්සනුවත් අපි ඇය සමඟ මෙසේ සංවාද වූයෙමු. ඇය ගීතා කුමාරසිංහයි...

ඔබ සුර්ය බල ශක්තිය ගැන දන්නවද?
ඔව් සුර්ය බලශක්තිය කියන්නේ Solar Power කියලා මම දන්නවා. මේ ලංකාවට Solar Power ආව කාලේ තමයි මගේ නිවසටත් මම Solar Power ගත්තේ. මම බෙන්තර ඇල්පිටිය සංවිධායක වෙලා ඉන්න කාලේ.බෙන්තර පාලමට ලයිට් නැති වුණු වෙලාවේත් මම තමයි පළවෙනි යෝජනාව කලේ සෝලා බලශක්තිය මගින් හරි ආලෝකය ලබාදෙන්න ඕන කියලා.

පාර්ලිමේන්තුවේදී සුර්ය බලශක්තිය ගැන විවාදයක් ඇති වුණා නේ..?
ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර නිසා ආපධාවට ලක්වෙච්ච ජනතාව වෙනුවෙන් තමා මම මට ලැබුන විනාඩියේදී කතාකරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ විතරක් නෙවේ මේක මුළු ලංකාවටම කරන්න ඕන දෙයක්. මගේ ප්‍රාදේශීය ලේකම්වරු මේ පිළිබඳව දැනුම් දී තිබුණු නිසා මම ඒ දේවල් දෑසින් දුටුව නිසාත් ජෙනරේටර් එකක් ලබාදෙන්න කියලා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. ගංවතුරක් එන්නේ මහ වර්ෂාවකින් පස්සේ. වර්ෂාපතනය ඉහල යනකොට සුර්යතාපය ලැබෙනවා සීමිතයි. එතකොට තියන එකම ප්‍රශ්නය විදුලිය නැතිවීම. ඒ වෙද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයම ගංවතුරෙන් යටවෙලා. මේ ජනතාවට තමාගේ ආපධාව  ප්‍රාදේශීය ලේකම් වරුන්ට දැනුම්  දෙන්නවත්, ඉස්පිරිතාලවල කටයුතු කරගන්නවත් විදිහක් නැහැ. බොහොම පැහැදිලිව මම කිවුවේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ජෙනරේටර් එකක් දෙනවනම් හොඳයි කියලා. මොකද ඒ වගේ තැන් වලට ජෙනරේටර්  කියන එක අත්‍යවශ්‍යයි. මැති ඇමති වරුන්ට කෝටි ගණනින්  වාහන ගෙන්වන්න හදන්නේ නැතුව.  මන්ත්‍රී ,ඇමති පහසුකම් ජනතා නියෝජිතයෝ හැටියට දුක් විදින ජනතාවට දුන්නනම් හරිනේ. මම මහ ලොකු ජෙනරේටර් ඉල්ලුවේ නැහැ. එතකොටම තමා අජිත් පී පෙරේරා ඇමතිවරයා  නැගිටලා කියන්න පටන් ගත්තේ මම Solar Power එකක් ලබාදෙන්න යනවා කියලා. හොදයි Solar Power එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සවිකරලා තියනවා. නමුත් දවස් තුන හතරක් වහිනකොට  එකට බලයක් නැහැ. එතකොට කොහොමද එක ක්‍රියාත්මක කරන්නේ. එතුමාට එක කල්පනා වෙන්නේ නැතුව ඇති.

Solar Power හි  චාර්ජ් වෙන  බැටරියක් තියනවනේ?
ඔව් එකත් වැඩ කෙරේ නැහැ කියලා හිතමුකෝ එහෙම බැටරි චාර්ජ් නොවන ඒවා පවා අත්දැකීමෙන් දන්න කෙනෙක් මම. මොකද මගේ ආයතනයක පවා තිබුනා Solar Power ඒවා සමහර වෙලාවට වැඩ කරන්නැතුව යනවා. ඕවා මේ වහින කාලේදී විතරක් කතාකරලා ඊලඟ ගංවතුර එනකොට තමා ආයිත්  මතක් වෙන්නෙ. නමුත් එතුමාට එක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය දවස්වලට සුර්ය තාපයෙන් බැටරි චාර්ජ් කරලා තියෙන්නත්  පුළුවන් ,බැටරි චාර්ජ් නොකර තියෙන්නත්  පුළුවන්. ආපදා වෙන්නේ කියකිය නෙවෙයි.  ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් මම සංවිදායක හැටියට මම කතා කරලා බූමිතෙල් වලින් වැඩකරන  යන්ත්‍රයක් අරන් දුන්නා .ඒ වෙලාවේ වැස්සක් තිබුනේ නැහැ නමුත් එක දැන් අවශ්‍ය වුණා. ඒකට ප්‍රාදේශීය ලේකම් වරු සාක්ෂි දරනවා. එතැනදී මම කිවුවේ ඇමති තුමා ඔබතුමාට කල්පනාවක් නැද්ද ,මේවගේ දවස් ගණන් වැහලා, නාය ගිහිල්ලා. මේ වගේ ආපදාවලට ලක්වෙද්දී ගංවතුර ගලාගෙන යද්දී එතකොට ඔය වගේ එකක් කරනවා කියලනේ එතුමා කියන්නේ.

ඔබ ඔය කියන විදිහට ජෙනරේටර් එකක් ගෙනත් තිබ්බයි කියමුකෝ.. නමුත් මේ තරම් සුවිශාල ගංවතුරෙන් ජෙනරේටර් එක පමණක් බේරෙයිද ?
ඔබ කියන විදිහට මුළු ලංකාවටම වතුර එන්න ඕන එහෙනම්... එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්වත් ඉතුරු වෙන්න බැහැ . මම නේ මේ උත්තර දෙන්නේ ඔබ නෙවේනේ. මම පිළිතුරු දෙන්නම්. එහෙම වුනොත් එක වෙනම ප්‍රශ්නයක් . මෙතන අපි ඉල්ලන්නේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ගංවතුර ගැලුවා හෝ නොගැලුවා  හෝ ආපදා තත්වයකදී විදුලිය විසන්ධි වුව හොත් ඉස්පිරිතාලයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනිවර්යේන්ම ජෙනරේටර් එකක් ලබා දෙන්න කියන එක විතරයි.

නමුත් අජිත් පී පෙරේරා ඇමතිවරයා පුන පුනා  කියනවා  මේ  Solar Power එකකින් මේ ගැටලුව විසදගන්න් පුළුවන් කියලා?
හරි එහෙම කිවුවට කෝ එතුමා තාම මේක කරලා නැහැනේ. ඇයි තවමත් බලාගෙන ඉන්නේ කරන්නැතුව.

ඔබ ඔය වගකිමෙන්ද කියන්නේ?
ඔව් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඇහුවා මෙහෙම දෙයක් කරලා තියනවා ද කියලා .ඔවුන් මට කිවුවේ එහෙම දෙයක් නැහැ කියලා. මම ඒ කතාව කලේ ඉතාම සත්භාවයෙන් . ඒගොල්ලෝ කියන්නේ ඊලඟ ගංවතුරේදී ඕක කරනවා කියලා.

ගංවතුර වෙලාවේදී  ඔබ චෝදනා කළා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් ඒ තැන වලට ගිහින් . මිනිස්සු ගැන හොයලා බැලුවේ නැහැ කියලා .ඔබ කි තැනකට ගියාද?
මමත් මගේ පුද්ගලික මුදල් ලක්ෂ හතරහ මාරක් විතර යට කළා ගංවතුරෙන් අසරණ වුන ජනතාව වෙනුවෙන්. මම ඒ ගැන හදවතින්ම සතුටු වෙනවා. මගේ වියදමින් පාන්දර  1 ක 2 වෙනකම්  මම මගේ ජනතාව වෙනුවෙන් කටයුතු කළා.  මගේ ආසනේ යට වෙලා තිබුන තැන් වලට බෝට්ටුවක් අරගෙන ගියා. මම ඒ ආසනේ ග්‍රාමසේවක මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්තුමාවත් එකතු කරගත්තා, මම කිවුවා වහාම මට දෙන්න ගංවතුරෙන් යට වෙලා තියන ප්‍රදේශවල, නම් සහ යට වුන අයගේ ලිස්ට් එක. යන්න බැරිතැන්වලට පවා ගිහින් අපි සහනාදාර ලබාදුන්නා.

මේ වගේආපදාවක් සිදුවුණ වෙලාවක රජය කටයුතු කල ආකාරය ගැන ඔබ සතුටුයිද?
ආණ්ඩුපක්ෂය ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල හදලා තියන කෑම පාර්සල් ටික උස්සගෙන ගිහිල්ලා ඒගොල්ලෝ  බෙදනවා. ඊට පස්සේ වියලි සලාක ටික ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා ශාකා සමිතිවල සභාපතිලට  කියනවා අපේ කට්ටියට එන්න කියලා  මේක බෙදන්න කියලා. නමුත් මම බත් බෙදනකොට මම ඇහුවේ නැහැ උඹ යූ. එන්. පි , ශ්‍රී ලංකාද කියලා. නමුත් සමහර ඇමති වරු අනිත් අයගෙන් එකතු කරගත්ත ඒවා ගෙනල්ලා තමන්ගේ බූදලේ වගේ බෙදනවා. තමාගෙන් කියලා එක පිච්චියක් වියදම් කරලා කරානම් අපිට දුක නැහැ. ආණ්ඩුව කලේ පක්ෂග්‍රාහී ලෙස.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  3,901 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  975 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,201 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,303 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,215 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,610 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,571 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,615 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,982 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  7,022 Downloads



Top 10 Commenters

Latest Comments

Top