ඒ, පසුගිය දිනෙක තම දියණිය මුහුණදුන් හදිසි ඛේදවාචකය නිසා වෛද්‍යවරුන් ඇයගේ මොළය මියගොස් ඇති බවට සනාථ කිරීමෙන් අනතුරුවයි.
ගයනි විශාඛා ලියනගේ1996 වසරේ දී උපත ලැබූ විශාකා ලබන මස 14 වැනිදා සිය 17 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටියා. දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියණිය වූයේ ඇයයි
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි විශාකා 2015 වර්ෂයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණා. පසුගිය ඉරිදා පස්වරුවේ තම නිවස බලා ගමන් කරමින් සිටි ගයනි විශාකා පන්නිපිටිය, දෙපානම පිහිටි මෙම පදික හුවමාරුවේදී බරපතල අනතුරකට මුහුණ පෑවා. පදික හුවමාරුවෙන්, පදික වේදිකාවට ගොඩවනවාත් සමගම වේගයෙන් පැමිණි කැබ් රථයක වැදී විශාඛා අඩි 100ක් පමණ ඈතට විසි වී බිම වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවා.
බරපතල තුවාල ලැබූ ගයනි විශාකාව පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. අනතුර සිදුකළ කැබ් රථය මේ වනවිට මහරගම පොලීසිය භාරයේ තිබෙනවා.
ඇයගේ දෙමව්පියන්, ඥාතීන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා, ඇයගේ අවයව වෙනත් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම සදහා දන්දීමට. මේ අනුව ඇයගේ අක්මාව දන්දීමටත්, ඒ වගේම ඇස් දන්දීම සදහාත් අවශ්‍ය කටයුතු කරගෙන යනවාආයේ උපදින උපදින හැම ආත්මයකදීම හොඳ නිරෝගී සම්පත් ලැබෙන්න කියලා මගේ දරුවාට මමයි මගේ මහත්තයයි එකතු වෙලා ප්‍රාර්ථනා කරලා, මං මේ පිංකම කළා... මං කියන්න කැමතියි මේ වගේ ප්‍රශ්නයක් වෙලාවට මනුස්සයෝ විදිහට මනුස්සකම හිතලා මනුස්සයෙක්, මනුස්සයෙක්ට උදව් කරන්නජීවිත ආධාරයක් මත තිබූ විශාකාගේ බලාපොරොත්තු සහ සිහින අද ගුවනට මසු වී අවසන්. ඇය එසේ වෙන්ව ගියත්, මව්පියන්ගේ උදාර සිතිවිලි මේ සමාජයට සපයන්නේ සංවේදී පූර්වාදර්ශක්.