Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
කුරුණෑගල වැව රවුමේ ටියුෂන් ළමයින් රඟන රැඟුම් - Photos

- කුරුණෑගල වැව රවුමේ ටියුෂන් ළමයින් රඟන රැඟුම් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,932 Views
"අපි සෙනසුරාදා, ඉරිදා පොලිස් නිලධාරීන් යොදවලා ඉන්නෙ" - කුරුණෑගල මූලස්ථාන පොලිස්ථානාධිපති

කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ප්‍රදේශවලින් අමතර පංති සඳහා පැමිණෙන ඇතැම් පාසල් දරුවන් කුරුණෑගල නගරයේ ඇති වැව රවුමෙහි ඇතැම් ස්ථානවල ඉතාමත් අසෝබන අයුරින් හැසිරීම නිසා එහි පැමිණෙන පිරිස් දැඩි අසරණතාවකට පත්ව සිටිනවා.

බොහෝ විට උසස් පෙළ අමතර පංති සඳහා සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි කුරුණෑගල නගරයට පැමිණෙන ළමුන්  මේ ආකාරයෙන් නිකරුණේ කාලය කා දමමින්, පංතිවලට සහභාගි නොවී වැව රවුම ආශ්‍රිත රැඳී සිටින අයුරු දැකිය හැකි බවත් එහි ඇති ලදු සහිත ස්ථාන ආශ්‍රීතව ලිංගික සන්තර්පනයේ යෙදෙන අයුරුද දැකිය හැකි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

‍කෙසේ වෙතත් සති අන්ත නිවාඩු දිනයන් නිසා සෙනසුරාදා හා ඉරිදා දිනවල දූ දරුවන් සමග විනෝද වීමට පවුල් වශයෙන් මෙහි පැමිණෙන දෙමාපියන් මෙම පෙම්වතුන්ගේ නොහොබිනා හැසිරීම නිසා දැඩි අපහසුතාවකට පත්වන බවත්, විවේකය ගත කිරීමට සුදුසු පරිසරයක් සති අන්තයේදී කුරුණෑගල වැව රවුමේ දැකිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එසේම වයස අවුරුදු 17, 18, 19 යන වයස්වල ගැහැණු හා පිරිමි ළමුන් මේ ආකාරයෙන් අශෝභනව හැසිරීම ඉතාම දුක්බර තත්ත්වයක් බවද මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ රජයේ ආයතනයක උසස් නිලධාරියෙක් පැවසුවා.

මීටර් 300 ක් පමණ කැට අල්ලා සකස් කර ඇති මාර්ග කොටසෙහි මේ ආකාරයෙන් අමතර පංති සදහා පැමිණෙන ළමයින් විසින් පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට පත් කරගෙන ඇති අතර ඒ ආසන්නයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය - කුරුණෑගල මහ නගර සභාව යන නමින් සවි කර ඇති දැන්වීම් පුවරුවක්ද සවි කර ඇති අයුරුද දැකිය හැකියි.  
එහි ද සඳහන්ව ඇත්තේ අශෝභන ලෙස හැසිරීම, මත් භාවිතයෙන් වැළකීම හා කුණු කසල බැහැර කිරීම තහනම් බවයි.

නමුත් මෙහි පැමිණෙන ඇතැම් පිරිමි ළමයින් මෙම ස්ථානයේ දුම්වැටි පානය කිරීම, කල්ලි ගැසී එහි යන එන කාන්තවන්ට උසුලු විසුලු කිරීම ආදියද දක්නට ලැබෙන අතර මෙම තත්ත්වය නිසා එහි එන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවත් වාර්තාවනවා.

කෙසේ වෙතත් මේ කාරණය සම්බන්ධයෙන්  කුරුණෑගල පොලිස්ථානයේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්. එස්. අයි. වික්‍රමනායක මහතා පවසා සිටියේ මෙවැන්නක්.

‘‘ඇත්තටම දැන් දීර්ඝ කාලයක ඉදන් මේ ප්‍රශ්නය ගැන අපිටත් වාර්තා වෙනවා. නමුත් අපි සෙනසුරාදා ඉරිදා දිනවල මේ වැව රවුම ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යොදවලා ඉන්නවා. අශෝබන විදිහට හැසිරෙන ළමයි පොලීසියට ගෙනැල්ලා අවවාද කරලා මුදා හරිනවා. අපිට මේ ළමයි ලේසියෙන්ම උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එයාලා පාසල් දරුවෝ නිසයි අපි එහෙම කරන්නෙ නැත්තෙ. අනික් කාරණාව තමයි මේ සතියෙ එන අය නෙමේ ලබන සතියෙ එන්නෙ. අපිට හැකියාවක් නෑ නිරන්තරයෙන් ඒ වෙනුවෙන්ම පොලිස් නිලධාරීන් පත් කරන්න. නමුත් අපි සති අන්ත දින දෙකේ ඒ වෙනුවෙන් නිලධාරීන් යොදවලා ඉන්නවා. අපිට හැකි අයුරින් මේ තත්තවය පාලනය කරන්න අපි කටයුතු කරනවා.“


Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  338 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,153 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,798 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,362 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,229 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,848 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,443 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,123 Downloads



Top 10 Commenters

Latest Comments

Top