Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
"රංගනයට ආවෙත් ඉන්නෙත් අනවශ්‍ය දේවල් කරලා නෙමෙයි..දක්ෂ නිසයි.." - අශිකා මතසිංහ - Exclusive - Photos

- "රංගනයට ආවෙත් ඉන්නෙත් අනවශ්‍ය දේවල් කරලා නෙමෙයි..දක්ෂ නිසයි.." - අශිකා මතසිංහ - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,611 Views
"යන්තම් අවුරුදු අටක් පවුල් කෑවා.."

"එයා හමුදා නීතිය මට දාන්නේ නැහැ.."

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය කෙටි කලකින් විවිධ චරිත නිරුපණය කරන්නට සමත් වුණා.වෙළෙද දැන්වීම්වලත් ටෙලි නාට්‍ය වලත් දකින්න ලැබෙන ඇය ගැන හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ ඇය ගැනයි.

කොහොම අශිකා..?
හොඳයි.සතුටින් නමුත් දරුවෝ නිසා මම හරිම කාර්යබහුලයි.

දරුවෝ තුන්දෙනෙක්ගෙ වැඩ කටයුතු එක්ක කාර්ය බහුල වෙලා ඉන්න නිසා ඔබෙන් රංගන ජිවිතේ මග හැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද..?
මම රංගනයට ආ කාලේ ඉදලම අඩු නිර්මාණ සංඛ්‍යාවකට සම්බන්ධ වුණේ. අදටත් ඒකේ වෙනසක් නැති නිසා මට රංගනය අතහැරිලා පවුලේ වැඩ නිසා කියලා හිතෙන්නේ නැහැ. අපේ ලොකු දුවගේ වයස දැන් හතයි. දෙවැනියාට පහයි. පොඩ්ඩාට තවම වයස අවුරුදු දෙකයි. මේ තුන්දෙනාගේ වැඩත් එක්ක මම යුද්දේ කරනවා. ඒක ලෙහෙසි නැහැ. නමුත් පවුල කියන වගකීමට මම කැමතියි. එපා වීමක් නැහැ.

අලුත් නිර්මාණවලට ලැබෙන අවස්ථා අඩුද..?
එහෙම අඩුවක් නම් මට දැනෙන්නේ නැහැ. මම අලුත් නිර්මාණයක් භාර ගත්තා. ඒකේ වැඩ හෙට අනිද්දට පටන් ගනීවි.

ඔබව දකින්න ලැබෙන නිර්මාණ ගැන කිව්වොත්..?
ටෙලි නාට්‍ය හතරක් රූගත කරලා අවසන්. ඒවා විකාශය වෙයි.ඊට අමතරව චිත්‍රපටයකට සම්බන්ධ වුණා. මම පොඩි කාලයයි රංගනයට ඇවිත්. කියන්න සතුටුයි මට ලැබුණේ විවිධ චරිත කියලා.

රංගනය ගැන හදාරන්න හොදම තැන වේදිකාව. ඔබ වේදිකාවෙන් බැහැර වෙලා ඉන්නේ ඇයි..?
මම රංගනය ගැන හදාරන්න ආසයි. නමුත් ඒකට අවශ්‍ය පසුබිම ලංකාවේ නැහැ. මම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ ඉගෙන ගත්තා. ඇය දැනුම බෙදන්නේ ඇය රංගනය ගැන එංගලන්තයෙන් ඉගෙන ගත් දැනුමයි. මටත් ලොකු ආසාවක් තියෙනවා එංගලන්තේ ගිහිං ඉගෙන ගන්න. වේදිකා නාට්‍ය වලට මගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒත් ඒකට ලොකු කාලයක් කැප කරන්න ඕන. මගේ දරුවෝ නිසා මට වේදිකාවට කාලේ වෙන් කරන්න විදිහක් නැහැ.

රංගනයේ රැදෙන්න තැනක් හදා ගන්න අනිසි දේවල් කරන කෙනෙක්ද අශිකා කියන්නේ..?
මම තැනක් හදා ගත්තේ හෝ හදාගත්ත තැන පවත්වාගෙන යන්නේ මගේ රංගන දක්ෂතාවයෙන් මිසක් අනවශ්‍ය දේවල් කරලා නෙමෙයි. මම කාවවත් කපාගෙන යන්නෙත් නැහැ. රගපාන්න දක්ෂ නම් අවස්ථාව ලැබෙනවා. මම මගේ පාඩුවේ ජිවත් වෙන කෙනෙක්.

සැමියාගේ හමුදා නීතිය නිසා ඔබ පවුලට වැඩිපුර කොටු වෙනවා කිව්වොත්..?
එයා හමුදාවේ සේවය කළත් මට විතරක් නෙමෙයි කිසිම කෙනෙකුට තදින් නීති දාන්නේ නැහැ. මම රගපාන්න කම්මැලියි කිව්වොත් එයා තමයි මාව උනන්දු කරන්නේ. වැඩසටහන් වලට කතා කළොත් හොද ඇදුමක් හදා ගන්න කියලා එයා තමයි මට බල කරන්නේ. මම මාසෙකට දවස් දෙක තුනක් යොදාගෙන රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ. එදාට දරුවෝ බලා ගන්නේ අම්මා. නැත්තම් මගේ සැමියා නිවාඩු දාලා හරි දරුවෝ ළගින් ඉන්නවා. ඒ වගේ ලොකු කැපකිරීමක් මං වෙනුවෙන් කරනවා.

විවාහ වෙලා දැන් අවුරුදු අටක් වුණා නේද..?
ඔව්. යන්තම් අවුරුදු අටක් පවුල් කෑවා. දැන් සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක හරි පුදුමයි පවුල් ජිවිතයක් තියෙනවා කියන එකත්. මම නම් මරෙනකල්ම මොන ප්‍රශ්නේ ආවත් මගේ සැමියා එක්ක පවුල් ජිවිතේ ගෙනියනවා.

විලාසිතාවලට කැමතිද..?
මම ලොකුවට විලාසිතා පස්සේ යන්නේ නැහැ. එළියට යන්නෙත් මේකප් නැතුව. අඩු තරමින් ලිප්ස්ටික් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මම මේකප් දැම්මත් නැතත් ජනතාව මාව අදුරගන්නවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  154 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  34 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,249 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  3,699 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,264 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  21,058 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,340 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,638 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,389 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top