ඊශ්‍රායිලය හා පලස්තීනය අතර ආරම්භ වී ඇති යුධමය තත්වය තුල මේ වන විට දහසකට අධික සාමාන්‍ය ජනතාව සිය ජීවත වලින් වන්දිගෙවා අවසානයි. ඒ අතර ජීවත් වූ පලස්තීනයේ චීනා නම් වූ ඇයට වයස අවුරුදු 23ක් පමණ විය. මාස 9ක දරුගැබක් හොවාගෙන සිටි ඇයගේ නිවස ඊශ්‍රායිලය විසින් එල්ලකල රොකට් ප්‍රහාරයකට හසුවුයේ ඇයට හෝ ඇය අසල සිටි කිසිවෙකුටත් සිතාගත නොහැකි ආකාරයටයි.
ප්‍රහාරයත් සමග ක්ෂණිකව බිම ඇදවැටුනු ඇය රෝහලට ගෙනගිය අතර ඒ වනවිටත් ඇය මේලොවින් සමුගෙන සිටියාය. දෛවයේ සරදමකට සියලු දෙනාම විශ්මයට පත්කරමින් ඇයගේ මාස 9ක දරුගැබ බේරාගැනීමට එම රෝහලේ වෛද්‍ය මණ්ඩලය සමත්වීම සියලු දෙනාම විශ්මයට පත්කල කරුණක් වු අතර එම බිළිදිය මේ වන විට ඉතා ගහපත් සොඛ්‍ය තත්වයකින් පසුවන බවටත් වාර්තා වෙනවා.
ඊශ්‍රායිලය විසින් මෙම නිවසට රොකට් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මියගිය චීනාගේ ස්වාමිපුරුෂයා ජිහාඩ් ත්‍රස්ථවාදී සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මෙහි විඩීයෝව පහතින්......