යුක්රේන සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාරයෙන් විනාශ වී ගිය MH17 යානයේ මියගිය 298 දෙනා අතර ශ්‍රී ලංකීය නිළියක්ද සිට ඇති බව මේ වන විට වාර්තා වෙනවා. 38 වන වියේ පසුවූ ඇය සුභානී ජයරත්නම් වන අතර ඇය ඒ වන විට මැලේසියාවේ ජනප්‍රිය චිත්‍රපට නිළියක් මෙන්ම නර්තන හා ටෙලි නාට්‍ය නිළියක් වශයෙන්ද කටයුතු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තාවෙන්නේ.
ලන්දේසිජාතික තම ස්වාමිපුරෂයා හා මාස 21 පමණ වන තම එකම දියණිය සමග ඇය ඇම්ස්ටර්ඩෑම් නුවරට ගොස් ඇත්තේ තම ස්වාමිපුරෂයාගේ දෙමාපියන් හට මාස 21ක් වයසැති දියණිය වන කයිලා මායා පෙන්වීම සදහායි. ඒ අතර ඇම්ස්ටර්ඩෑම් නගරයේදී සුභානිගේ උපන්දිනය සමරා ඇති අතර ඇය ඒ වන විට මැලේසියාවේ පදිංචිය ලබාගෙන සිටි බවත් වාර්ථා වෙනවා.
සුභානි තම ස්වාමිපුරෂයා හා දියණිය සමග