බ්‍රිතාන්‍යයේදී තවීෂ ලකිදු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයන් දෙදෙනාට බ්‍රිතාන්‍ය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. මෙම ඝාතනයේ වරදකරුවන් වූ 18 හැවිරිදි කාසිම් අහමඞ්ට සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන 26 හැවිරිදි ශම්රාස් ඛාන්ටයි මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ.
නාවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තවීෂ ලකිදු පීරිස් උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යට ගොස් තිබුණා. ඔහු ෂෙෆීල්ඞ් - හාලම් විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද ලබා ගෙන ඇති අතර අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයා ගනු ලැබුවේ පීසා අවන්හළක සේවය නිරත වෙමින්. තවීෂ සන්තකයේ තිබූ ජංගම දුරකතනය ලබා ගැනීම සඳහා සැකකරුවන් ඔහු ඝාතනය කරනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තොම්බර් 27 වැනිදායි.
අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (24) කියා සිටියේ ඉදිරියේ දී සමාජයට සේවයක් කිරීමට සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයක් නිසා ඝාතනය කිරීම කණගාටුවට කරුණක් බවයි.
ඝාතනයේ වරදකරුවන් වූ 18 හැවිරිදි කාසිම් අහමඞ්ට සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ 26 හැවිරිදි ශම්රාස් ඛාන්
-මේ පිළිබඳව පෙර පුවත-