ගං වතුර සහ නාය යාම් ඇතුළු ආපදාවන් නැරඹීම සඳහා පිටතින් එම ප්‍රදේශවලට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු ගත වූ දින කිහිපය තුළ මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ මේ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ගං වතුරට ගසාගෙන යාම්, දියේ ගිලීම් ආදී විවිධ අනතුරුවලින් මෙම පුද්ගලයින් මිය ගොස් තිබෙනවා.
ආපදාවලට ලක්වූ ප්‍රදේශ නැරඹීමට ඒමෙන් වළකින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.