Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු කරවිල කොළ දියවැඩියාවට ගුණදායකයි

- ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු කරවිල කොළ දියවැඩියාවට ගුණදායකයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,583 Views
ධනවතුන්ගේ රෝගයක් විදිහට තමයි ඒ කාලේ ජනතාව දියවැඩියාව හැදින්නුවේ. නමුත් ධනවතුන්ට විතරක් නෙමෙයි වැඩිහිටි හෝ අද පරම්පරාව තුළත් දියවැඩියාව බහුලවම දකින්න ලැබෙනවා.  දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානයි මේ වෙනකොට.  බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව  ජයගන්න බැරි  වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන හොයාගෙන යනවා. බොහෝ අය මං මුලා වෙනවා.  ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව පාලනය කර ගන්නේ කොහොමද කියලා  නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් මහත්මිය සමඟ  පුවත්පත් සාකච්ඡාවක් කරලා තිබුණා. මේ ඒ ගැනයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වාදෙනවා.

ආයුර්වේද විග්‍රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු වන්නේ  ආහාර. ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම  තන්තු කොටස් අඩු ආහාර ගැනීමද දියවැඩියාවට හේතුවන බව ආයුර්වේද විග්‍රහයේ සඳහන්.

 අකල්හි නින්ද ලැබිම, සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේනවා. දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙන බව මතක් කරන්න ඕන .ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා.

මෙකී ශාක කොටස් අතර වඩාත්  විශේෂ ලෙස තෙබු, කෝවක්කා, මස් බැද්ද වැනි ශාක දක්වන්න පුළුවන්. එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී තිබෙනවා.ඉන් පළමු වැන්න වන්නේ දියවැඩියාව  වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයි. එහෙත් සැබෑවට  නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලුවක් නැහැ.

නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්. ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැහැ . උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැකයි. කෝවක්කාද එසේමයි. විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැකයි . එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්‍රමයක්

දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල හදුන්වන්න පුළුවන්. ඇතැම් කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිනවා. එහෙත් මෙය කිසිසේත් අනුමත කරන්න බැහැ. කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකයි.

කරවිල  ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයක්. විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙනවා. දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්. එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත්.

කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කර ගන්න පුළුවන්.  එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයක්  ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර (කැප්සියුල්) ලෙස සකසා පානය කරනවා.ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසා ගන්න පුළුවන්.

 ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගන්න.කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙනවා. අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ කරන්න.දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගන්න පුළුවන්.

කරවිල කොළවල Polypeptider නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙනවා. එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ ‍සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙනවා.එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙනවා.  මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වාසිදායකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  709 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,248 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,765 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,296 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,765 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,513 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,119 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,336 Downloads



Top 10 Commenters

Latest Comments

Top