ආපදාවට ලක්ව සිටි ගැබිණි මවක් ගුවන් මගින් රැගෙන යන අවස්ථාවක හෙලිකොප්ටර් යානය තුලදී දරුවා ලැබීම ආරම්භවූ පුවතක් රත්නපුරයෙන් වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙසේ බිහිවූ දරුවා මේ වනවිට මියගොස් ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බැවින් මෙලෙස දරුවා මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
-----------------------
ගංවතුරෙන් පීඩාවට පත්වූ ගර්භණී කාන්තාවක් ගුවනේදී දරුවා බිහිකරයි!
ආපදාවට ලක්ව සිටි හෘද රෝගියෙකු සහ ගැබිණි මවක් ගුවන් මගින් රැගෙන යන අවස්ථාවක හෙලිකොප්ටර් යානය තුලදී දරුවා ලැබීම ආරම්භ වූ පුවතක් රත්නපුරයෙන් වාර්තා වුණා.
කලවානේ සිට රත්නපුරය දක්වා රැගෙන යමින් සිටියදී ගැබිණි කාන්තාව දරුවා ප්රසූතකිරීම ආරම්භ කර තිබෙනවා.
මේ වන විට මව සහ දරුවා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් රත්නපුර රෝහලේ අධ්යක්ෂ F.P.A.L රණවීර ගෙන් අප විමසීමක් කළා.
ඔහු කියාසිටියේ හෙලිකොප්ටරය තුලදී දරුවා බිහිකිරීම ආරම්භ කර ඇතත් එය අවසන් කෙරුනේ රෝහල තුලදී බවයි.
මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බවද කියා සිටි වෛද්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එවැනි දරුවෙකු ජීවත් කරවීමේ හැකියාව ඉතා අවම බවයි.