"මේ වගේ දේවල් වුණා කියලා අපි ගංවතුර ආධාර බෙදාහරින වැඩ නවත්වන්නේ නැහැ". "ගුවන් හමුදාවේ නියමුවන් විදිහට අපි පුහුණුව හොඳට ලබලා තියෙන්නේ"ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක් බද්දේගම ප්‍රදේශයේදී අද (29) උදෑසන අනතුරට ලක්වුණා.
එම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි දස දෙනෙකු ගමන් කළ ඇති අතර කිසිවෙකුට හානි සිදුවුනේ නැහැ.
මේ අතර එම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.