තව ක්‍රීඩා කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
අවුරුදු 14 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළා. දැන් ඇති කියලා හිතෙනවා. ඒ තැනට වෙන කෙනෙක් එන්න ඕනේ දැන්.
එතකොට සමුගන්න හොඳම වෙලාවද මේ?
මං හිතනවා මේ හොඳම වෙලාව කියලා. ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වුණාට මේ අවුරුද්දේ මහනුවර පිල වෙනුවෙන් ක්‍රීඩා කරනවා.
ළඟ ළඟ ආබාධ ආපු එකත් සමු ගැනීමට හේතුවක්‌ද?
නෑ. මගේ ආබාධ දැන් සම්පූර්ණයෙන් සුව වෙලා තියෙන්නේ.
එහෙමත් නැත්නම් ළඟදි පිය පදවිය ලබන්න ඉන්න නිසාද?
නෑ නෑ. ඒක සමු ගැනීමට හේතුවක් වුණේ නෑ.
දුවෙක්‌ටද පුතෙක්‌ටද ආසාවෙන් ඉන්නේ?
එයා කවුරු වුණත් ප්‍රශ්නයක් නෑ.
පුතෙක් වුණොත් කවද හරි රගර් ක්‍රීඩා කරනවාට කැමතිද?
එයා ඒකට දක්‌ෂයෙක් නම් අනිවාර්යයෙන් සප් එක දෙනවා.
සමුගැනීම ගැන බිරිඳ යසාරා කැමති ඇති?
නෑ. එයා කිව්වා පුළුවන් නම් තව අවුරුද්දක් ක්‍රීඩා කරන්න කියලා.
එතකොට මේ සමුගැන්ම කලින්ම තීරණය කරලාද තිබුණේ?
ගිය අවුරුද්ද වෙද්දී සමුගන්න තීරණය කරලා තිබුණේ.
ආසියානු රග්බි තරගාවලිය දිනලා සමුගැන්ම ජයකින් සමරන්න තිබුණා?
අපි හැමෝම හිතාගෙන හිටියේ එහෙම. ඒත් අන්තිම තරගයේදී ටිකක් අමාරු වුණා අපිට.
ෆයිනල් එක පරාද වුණේ මැලේසියා පිලේ ෆීජී ක්‍රීඩකයින් 5 ක් සෙල්ලම් කරපු නිසාද?
ඒක තමයි ලොකුම අවුල වුණේ. ඒත් ඒ තරගයේදී අපේ අතින් පොඩි වැරදි කිහිපයක් වුණා. ධනුෂ්ක රංජන්ටයි, රිච්ඩ්ටයි ඒ තරගයේ ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒකත් ලොකු පාඩුවක් වුණා ටීම් එකට.
නායක රොෂාන් ඇතුළු කොල්ලො ටික හිතාගෙන හිටියේ ජයග්‍රහණයකින් ඔබට සමුදෙන්න. ඒත් බැරි වුණා. කට්‌ටිය අවුලෙන්ද හිටියේ?
සෑහෙන්න අවුලෙන් කට්‌ටිය හිටියේ. මං දැක්‌කා කට්‌ටිය මහන්සි වුණ විදිහ. පොඩි කට්‌ටියත් වැඩේ හොඳටම කළා.
රග්බි ගැන තියෙන දැනුම බෙදන්න කැමති නැද්ද?
කැමැත්තක් තියෙනවා. කාලයත් එක්‌ක ඒක තීරණය වෙයි.
දැනටමත් පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන්න ඇරයුම් ලැබිලා කියලයි ආරංචිය?
පාසල් දෙක තුනකින්ම ඇරයුම් ලැබිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම රග්බි වලින් සමුගත්තදාට ඒ ගැන හිතනවා.
තව කොච්චරකල් සත් සාමාජික රග්බි ක්‍රීඩා කරයිද?
ආසියානු ක්‍රීඩා උළෙල වෙනකම් ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නේ.
සත් සාමාජික රග්බි වලටද වැඩියෙන් කැමති?
මං පෞද්ගලිකව සත් සාමාජික රග්බි ක්‍රීඩා කරන්න කැමතියි.
අනාගතයේදී ශ්‍රී ලංකාවේ ජාතික මට්‌ටමේ රග්බි වලට ෆාසිල්ගේ දායකත්වය කොහොම වෙයිද?
රග්බි යුනියන් එකෙන් කතාකළොත් මගේ සහයෝගය ඔවුන්ට ලබාදෙනවා. එතකම් මං හෙමීට මගේ සුදුසුකම් සපුරා ගන්නවා.
ලංකාවේ රග්බි තියෙන තැන ගැන තෘප්තිමත්ද?
යම්තාක් දුරට තෘප්තිමත්.
ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ හොඳම කාලය තමයි වයස 30-37 වගේ කාලය කියන්නේ. ඒත් අපේ අය 30 වෙද්දි අයින් වෙනවා?
ගොඩක් රටවල සෙවන්ස්‌වලට වෙනම කණ්‌ඩායමකුයි. 15 සාමාජික ඒවට වෙනම කණ්‌ඩායමකුයි ඉන්නවා. නමුත් අපේ එහෙම නෑ. ඒ නිසා ක්‍රීඩකයින්ට ඔරොත්තු දෙන්නේ නෑ.
ඒ කියන්නේ ඒ ඒ රටාවන්ට හරියන කණ්‌ඩායම් දෙකක් තියෙන්න ඕනේ?
එහෙම තිබුණ නම් හොඳයි. දැන් යුනියන් එක එහෙම කරන්න හිතලා තියෙනවාලු.
ළඟම තියෙන අරමුණ මොකක්‌ද?
අපිට ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවක් ලබන්න තාම පුළුවන් වෙලා නෑ. මේ අවුරුද්දේ කොහොම හරි ඒක ගන්න තමයි බලාපොරොත්තුව.
රග්බි දිවියේ ඉටු කරගන්න බැරිවුණ බලාපොරොත්තු?
රග්බි එක්‌ක තිබුණ සේරම බලාපොරොත්තු ඉටු කරගත්තා. ඒත් නවසීලන්තයේ ප්‍රාන්ත ක්‌ලබ් එකක ක්‍රීඩා කරන්න තිබුණ අවස්‌ථාවක් අවාසනාවකට වගේ මිස් වුණා.
මේ ආපු දුර ගැන නැවත හැරී බැලුවොත්?