අම්මායි තාත්තායි දරු දෙදෙනායි එකට මියයති
කඩේ එක ජනේලයක්‌වත් නෑ
බේර ගන්න ගිය පිරිසත් සිහිසුන් වෙලා
රොටුඹ ඌරව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක 26 වැනිදා රාත්‍රි එකම පවුලේ සිවු දෙනකු හදිසියේ මරුමුවට පත්ව තිබුණා.
ව්‍යාපාරික ස්‌ථානයේ ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් නැගුණ විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් මෙම මරණ සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ ඌරව ප්‍රදේශයේ පදිංචිව සිටි තොග වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබූ එම්. කේ. උපුල් (45) යන අය සහ ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වන ශිරානි (42), පුතා රොෂාන් රහිරු (23), දුව ධනුෂි රශ්මිකා (16) යන අයයි.
ප්‍රදේශය පුරා පැවැති ගංවතුර නිසා ව්‍යාපාරික ස්‌ථානයේ ඔවුන් පදිංචිව සිටි පහත මාලය ජලයෙන් යටවී ඇත. එබැවින් ඉහළ මාලයේ ව්‍යාපාරික ස්‌ථානයට නිදා ගැනීමට ඔවුන් ගොස් ඇතැයි වාර්තා වේ. විදුලිය විසන්ධිවීම නිසා එහි විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳගේ සොහොයුරා මෙම වෙළෙඳ සැලේ චාර්ඡ් කිරීමට දී තිබූ තම ජංගම දුරකථනය රැගෙන යැමට පැමිණි මුත් වෙළෙඳ සල වසා තිබීම නිසා සීනුව නාද කර ගෙහිමියන්ට අඬ ගසා ඇත.එ හෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් සැක සිතී තවත් තරුණයන් දෙදෙනකු සමඟ දොරගුළු කඩා ඇතුළුව තිබුණා.