දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසක් මේ වන අයහපත් කාළගුණයෙන් මේ වන විටත් පීඩා විඳිනවා.
ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්. ගෙවල් දොරවල් මෙන්ම ආගමික ස්ථානද මෙම ආපදා තත්ත්වයට ගොදුරු වුණා.
මේ අතර කළුතර පන්විල හේනවත්ත ප්‍රදේශයේ මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ පන්සලද ජලයෙන් යට වී තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමාජ ජාල මාධ්‍යයේ සඳහන් වනවා.
ගං වතුර කියන දේ අපි හැමෝටම පොදු දෙයක්. ගෙවල් වගේම පන්සලුත් යටවෙලා තියෙනවා. ඒ අතර මේ සිදුවීම අහම්බෙන් ඡායාරූපයට හසුකරගෙන මුහුණු පොත හරහා පැතිරෙනවා.
මාගල්කන්දේ සුදත්ත හිමියන් පොඩි හිමි නමක් සමග සිටින ඡායාරූපයක් පිළිබඳ සමාජ ජාල තුළ මෙසේ සටහනක් තබා තිබුණා.