අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන ලබා දෙන්න ගුවනින් මෙන්ම ගොඩබිමින්ද ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.
මේ අතරේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණේ ජලය පිරී ඇති ස්ථානවලට පවා ළඟා වෙමින් විපතට පත්වූවන්ට උදව් කරන යුද හමුදාවේ ‘‘බෆල් “ රථය වෙතයි.
‘‘බෆල් රථය“ යනුවෙන් හඳුන්වන මෙය ශ්‍රි ලංකා යුද හමුදාව සතු වෙඩි නොවදින මෙන්ම ගින්නට සහ ජලයට එක සේ ඔරොත්තු දෙන රථයක්.