" නෑ මචං, වතුර හොඳටම වැඩියි. මම office එකට ගියා. ලමයින්ට විදින්න ගෙනාපු ලක්ෂ ගාණක ඉන්ජෙක්ෂන් එහෙ ෆ්‍රිජ් එකේ තියනවා"
අයහපත් කාළගුණය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර පවුල් රැසක් අපදා තත්වයට මුහුණදී අසරණ වී තිබෙනවා.
මෙවැනි අවස්ථාවක තම ජිවිතය ගැනද නොසලකා පාසල් සිසුන් වෙනුවෙන් වෛද්‍යවරයෙක් කල කැපකිරීමක් පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වනවා.
එවැනි කැපකිරීමක් කර ඇත්තේ කඹුරුපිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රසාද් කොඩිතුවක්කු මහතායි.