ස්කොට්ලන්තයේ පැවැත්වෙන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස 23වනදා රාත්‍රියේ පැවැත්වුනා. මෙයට ලෝකයේ නන්දෙසින් රාජ්‍ය නායකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල සංඛාවක් සහභාගී වුනා.
පැමිණි සිටි සියලුදෙනාම විමතියට පත්කරමින් සුවිශේෂි සුදුවීමක් මේ අතරතුර සිදූවීම ලොව පුරා රසිකයින් කතාබහට ලක්වුනු මාතෘකාවක් බවට දැන් පත්වී අවසන්. ඒ සමාරම්භක උත්සවයේ ගීත ගායනා කරමින් සිටි ගායක ජෝන් බැරෝව්මන් එහි සිටි නර්ථන ශිල්පියෙක්ට සමලිංගික හාද්දක් දීම මුල් කරගෙනයි. නොසිතූ මොහොතක සිදුවූ මේ සිදුවීමෙන් සියලු දෙනාගේම අවධානය එම හාද්දට යොමු වූ අතර එහි දර්ශන හා ඡායරූප ලොව පුරා සමාජ ජාල වෙබ් අඩවිතුල සීඝ්‍රයෙන් හුවමාරු වුනා.
එහි ඡායාරූප හා විඩියෝව ඡායාරූප පහතින් නරඹන්න