පෘතුවියේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන තුනක් දුරින් ඔරිගා කියන තරු පන්තිය දෙසින් කෙටි ගුවන් විදුලි සංඥා කිහිපයක් ලැබීමත් එක්ක කැනඩාවේ විද්‍යාඥන් කිහිප දෙනෙක් මවිතයට පත් වෙලා තියෙනවා.
මේ අය කැරිබියානු දුපතක ඉඳිකරලා තියෙනවා රේඩියෝ දුරේක්ෂ. ඒ මගින් තමයි ඒ අයට කෙටි ගුවන් විදුලි සංඥා කිහිපය ලැබිලා තියෙන්නේ. මේ සංඥා කිහිපය ආ තැනක් තවම නිශ්චිතවම හොයාගෙන නැහැ. කොහොම නමුත් මේ අය හිතන්නේ මෙම සංඥා බුද්ධිමත් පිටසක්වල ජීවින්ගෙන් ආ සංඥා කියලයි.
මිට පෙරත් අහම්ඹයෙන් 2007 වර්ෂයේදී ගුවන් විදුලි සංඥා හසු කරගෙන තිබෙන බවත් වාර්ථා වෙනවා.මේවා මිලි තත්ත්පරයකට වරක් නිකුත් වෙලා තියෙනවා කියලා හොයාගෙන තිබුණත් ඒ කොහෙන්ද කියන එක නම් හොයාගෙන නැහැ.
රේඩියෝ දුරේක්ෂ කොටස් තුනකින් යුක්තයි. විශ්වයේ ඉඳලා පැමිණෙන රේඩියෝ තරංග එක්රැස් කරන්න ගන්න කොටස තමයි ප්‍රධාන කොටස.
ඇන්ටනාවේ වැදිලා පරාවර්තනය වන රේඩියෝ තරංග එක් රැස් කරගන්න කොටසට කියන්නේ විස්තරාකය කියලයි.මෙය රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි ප්‍රධන කොටස.තුන්වැනි ප්‍රධාන කොටස වෙන්නේ දුරේක්ෂයට සම්බන්ධකරලා තියෙන පරිඝණක පද්ධතිය. පෘතුවියේ රේඩියෝ තරංග හා විශ්වයේ ඈතින් ඉදලා එන රේඩියෝ තරංග තෝරා බේරාගෙන වෙන් කරගන්නේ මෙයිනුයි.
රේඩියෝ දුරේක්ෂ වලින් කරන්න පුළුවන් වෙන්නේ සංඥා හසු කරගන්න විතරයි.රේඩියෝ තරංග ආලෝක තරංග වලට වඩා දිගයි.
ඒ නිසා විශ්වයේ බුද්ධිමත් පිටසක්වල ජීවින් හිටියත් පෘතුවියේ ජිවත් වෙන අපි ඔවුන් එක්ක සම්බන්ධතා පවත්වනවාද නැද්ද කියලා තර්ක තියෙනවා. නමුත් දැනට ජිවත් වී සිටින විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අගවන්නේ නම් පිටසක්වල ජීවින් එක්ක ගනුදෙනු කිරීම භයානකයි කියලා. ඔහු කියන්නේ පිටසක්වලයන් පෘතුවියේ ඔවුන්ට හිතකර බව දැනගත්තොත් හෝ හදුනා ගත්තොත් පිටසක්වල ජීවින් ඇවිත් පෘතුවිය ආක්‍රමණය කරන්න පුළුවන් කියලයි.
ඒ වගේම සෙටී ආයතනයේ ප්‍රධානි ජිල් ටාටර් කියන්නේ බුද්ධිමත් ජීවින් විශ්වයේ ඉන්නවා නම් ඔවුන් තාක්ෂණයෙන් පිරුණු සාමකාමී ජීවින් පිරිසක් විය හැකියි කියලයි. ඔවුන් සතුරන් වීමට ඉඩකඩ අල්ප බවත් ඔහු සඳහන් කරනවා. ඔවුන්ගේ තාක්ෂණය අපිට තර්ජනයක් කියලා හිතන්න බැහැ කියලත් ඔහු ප්‍රකාශ කරනවා.