අයහපත් කාළගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම මහජනතාවද මේ වෙද්දි ක්‍රියාත්මක වී තිබෙනවා.
මේ අතර ගොඩබිමෙන් ළඟාවීමට අසීරු ස්ථානවලට ගුවනින් ආධාර ලබාදීමද සිදුවනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රට පුරා ඇති ගංවතුර තත්ත්වය දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත් කර ඇති අතර නාය යාම් හා නිවාස ජලයෙන් යටවී ඇති අකාරය එම ඡායාරූපවලින් දැකගන්නට ලැබෙනවා.