Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
07
රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයේ හත්වන අදියර කළුතරදී - Video & Photos

- රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයේ හත්වන අදියර කළුතරදී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83 Views
රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයේ හත්වන අදියර අද ක්‍රියාත්මක වන්නේ කළුතර - අඟුරුවාතොට - උඩුවර - උක්කල්ල - ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදීයි.  

මේ අතර රත්නපුර - ඇලපාත - දෙරළබඩ - ශ්‍රී මුචලින්දාරාම ධම්මේ විහාරය කේන්ද්‍ර කරගනිමින් සහ ගාල්ල - නාගොඩ - කැටගොඩ උතුර හා දකුණ ග්‍රාමසේවා වසම් කේන්ද්‍ර කරගනිමින් ඊයේ හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය පැවැත්වුණා.  

මේ අතර, ආපදා තත්ත්වයෙන් විපතට පත් සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 11 වන ආධාර තොගය කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාවට ඊයේ බෙදා දුන්නා. තවදුරටත් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ආධාර බෙදාදීමට ආසියානු මාධ්‍ය ජාලය සූදානම්. 


------------------------------------------------
"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ආ ඔබ සැමට "හිරු TV සහ හිරු FM" අපගේ ගෞරවනීය ප්‍රණාමය

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට එක්වූ ඔබ විසින් ලබාදුන් ආධාර තොග දිවයිනේ නන්දෙස ආපදාවට ලක්වූ ජනතාව අතරේ අති සාර්ථක ලෙස බෙදාහැරුනා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ, පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළු අප ආධාර එකතුකිරීමේ මධ්‍යස්ථාන වලට විශාල වශයෙන් ජනතාව අඛණ්ඩව ද්‍රව්‍යමය ආධාර රැගෙන පැමිණ අපවෙත භාර කළා.

මෙලෙස එක්රැස්වූ අතිවිශාල  ආධාර තොග දිවයිනේ නන්දෙස ආපදාවට ලක්වූ ජනතාව අතරේ අති සාර්ථක ලෙස බෙදාහැරීමට අප සමත් වුනා.


පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.

රුදුරු ගංවතුරේ පිටාර ගලන මනුෂ්‍යත්වයෙන් කැපවුණු "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, ආදරණීය අපේම මිනිසුන්ගේ දුක විමසා සෙත  සලසාදීමට අනන්තවූ ආදරයේ පොහොසත්කමින්, වියළි ආහාර ද්‍රව්‍ය, ජල බෝතල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිරු විශේෂ ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සඳහා රැගෙන ආ ඔබට "හිරු TV සහ හිරු FM" අපගේ ගෞරවනීය ප්‍රණාමය.




--------------------------
"රට වෙනුවෙන් හිරු", සහන යාත්‍රා ක්‍රියාන්විතය සාර්ථකව අවසන්! 11 වන ආධාර තොගය තවත් ප්‍රදේශ රැසකට - හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද 6 වන දිනටත් - Video & Photos

විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණින් "රට වෙනුවෙන් හිරු", සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත්  පියවරක් වන "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතය 06 වන දිනටත් අද (07) ක්‍රියාත්මකයි.

ඒ, රත්නපුර ඇලපාත - දෙරළබඩ - ධම්මේවිහාරය සහ ගාල්ල - නාගොඩ - කැටගොඩ උතුර හා දකුණ ග්‍රාමසේවා වසම් කේන්ද්‍ර කරගනිමින්.

මේ අතර ආපදා තත්ත්වයෙන් විපතට පත් සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතය අවසන් කරමින් 11 වන ආධාර තොගය අද කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව වෙත බෙදාදීමට නියමිතයි.


"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 10 වන ආධාර තොගය ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් බෙදාදුන්නා.


වියළි ආහාර ද්‍රව්‍ය ජල බෝතල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිරු විශේෂ ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සඳහා රැගෙන ආ ඔබට "හිරු TV සහ හිරු FM"
අපගේ ගෞරවනීය ප්‍රණාමය.

දුක් කරදර පැමිණි හැමවිට ආපදාවන් පහව යනතුරු සිත් සුවයෙන් නැඟී සිටින තුරු අප්‍රමාණ මනුෂ්‍යත්වයෙන් සැමදා 'හිරු ඔබ සමඟමයි'





---------------------------------------------

"රට වෙනුවෙන් හිරු", 10 වන ආධාර තොගය  කළුතරට - හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි - Video & Photos


ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත්  පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද 5 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ, කළුතර, තෙඹුවන, පැලපිටියාගොඩ සුවිසුද්දාරාම විහාරස්ථානයේදියි.

ඊයේ දිනයේදී කඩුවෙල - වැලිහිඳ සරණංකර විහාරස්ථානයේදි හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය සාර්ථකව ක්‍රියාත්මක වුණා.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතයට විපතට පත් ජනතාව විශාල වශයෙන් පැමිණීම විශේෂත්වයක්.

එමෙන්ම කරාපිටිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් ද රට වෙනුවෙන් හිරු, සෞඛ්‍ය ක්‍රියාන්විතයට එක්ව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවා ලබාදීම සිදුකරනු ලබනවා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක වන්නේ කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්.

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 09වන ආධාර තොගය ඊයේ රත්නපුර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාව වෙත බෙදා දුන්නා.

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 08වන ආධාර තොගය ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, ගල්අන්දල සහ නෙළුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාව වෙත බෙදා දුන්නා.

එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 6 වන සහ 7 වන ආධාර තොග අප ලබාදුන්නේ ආපදා හේතුවෙන් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙතයි.   

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.



-----------------------------
"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 9 වන ආධාර තොගය රත්නපුරයේ ප්‍රදේශ රැසකට - හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය 4 වන දිනටත් - Video & Photos


දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 9 වන ආධාර තොගය අද බෙදා හැරීමට නියමිතයි.

ඒ, රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාවටයි. ඒ අනුව රත්නපුර, කිරිඇල්ල සහ අයගම ප්‍රදේශවල විපතට පත් ජනතාව වෙත මෙම අධාර තොග බෙදා හැරෙනවා.

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 08වන ආධාර තොගය ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, ගල්අන්දල සහ නෙළුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාව වෙත බෙදා දුන්නා.


එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 6 වන සහ 7 වන ආධාර තොග අප ලබාදුන්නේ ආපදා හේතුවෙන් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙතයි.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ, පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයට විශාල වශයෙන් ජනතාව අඛණ්ඩව ද්‍රව්‍යමය ආධාර රැගෙන එමින් සිටිනවා.

මේ අතර, විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණින් රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද දිනයේදී කඩුවෙල - වැලිහිඳ සරණංකර විහාරස්ථානයේ හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය පැවැත්වෙනු ඇති.

ඊයේ දිනයේදී  වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතය සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතයට විපතට පත් ජනතාව විශාල ලෙස එක්ව සිටීම ද විශේෂත්වයක්.

එමෙන්ම කරාපිටිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් ද රට වෙනුවෙන් හිරු, සෞඛ්‍ය ක්‍රියාන්විතයට එක්ව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවා ලබාදීම සිදුකරනු ලබනවා.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.





----------------------------------
රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 8 වන ආධාර තොගය ගාල්ලේ  ප්‍රදේශ රැසකට - සෞඛ්‍ය ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මකයි - Video & Photos
2017-06-04 22:00:19

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 8 වන ආධාර තොගය අද ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක පීඩාවට පත් ජනතාව වෙත ලබාදීමට නියමිතයි.

ඒ අනුව උඩුගම, ගල්අන්දල, නෙළුව යන ප්‍රදේශවලට ආධාර තොගය රැගත් විශේෂ රථ පෙළ අද පිටත්ව යනවා.

පසුගිය දින දෙකේදී ආපදා තත්ත්වය බලපෑ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙත 6 වන සහ 7 වන ආධාර තොග ලබාදීමටයි අප කටයුතු කළේ.

අකුරැස්ස - අතුරලිය සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඊයේ එම ආධාර තොග බෙදාදුන්නා.

එම ආධාර ලබාගත් ජනතාව ආසියානු මාධ්‍ය ජාලයට සිය කෘතඥතාව පළ කළා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ, පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ දිනයේද විශාල වශයෙන් ජනතාව ආධාර ලබා දුන්නා.

අදත් එම මධ්‍යස්ථානයේ ආධාර එක් රැස්කිරීම සිදුකරනු ලබනවා.   

මේ අතර, හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය ද තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මාතර හා හංවැල්ල - කළු අග්ගල ප්‍රදේශවලදී ඊයේ දිනයේදී අදාළ සෞඛ්‍ය ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුණා.

ඊට එම ප්‍රදේශවල ආපදාවන්ට මුහුණ දුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම සෞඛ්‍ය කදවුරු හරහා ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූ ජනතාවට විශේෂඥ වෛද්‍ය පහසුකම්, ප්‍රථමාධාර ඇතුළු සෞඛ්‍ය සේවාවන් රැසක් සැලසීම විශේෂත්වයක්.

සෞඛ්‍ය සේවා ලබාගැනීමට රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයට එක්වූ ජනතාව ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිළි කළා.

අද දිනයේදී වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශයේද සෞඛ්‍ය කඳවුරු ක්‍රියාත්මක කෙරෙනවා.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.







-----------------------------------------------------------------
"රට වෙනුවෙන් හිරු"  07 වන ආධාර තොගය අකුරැස්ස - අතුරලිය ප්‍රාදේශීය ලේකම්ට භාරදෙයි  - සෞඛ්‍ය කඳවුරු ක්‍රියාන්විතය දෙවන දිනටත් - Video & Photos

ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 7 වන ආධාර තොගය අකුරැස්ස - අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද භාරදෙනු ලැබුවා.

මෙම ආධාර තොගය රැගත් විශේෂ රථ පෙළ අද පෙරවරුවේ පිටත්වුණේ නුගේගොඩ - නාවල පාරේ පිහිටා ඇති ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන්.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් අකුරැස්ස - අතුරලිය ප්‍රදේශයේ  පවුල් 5186 ක පුද්ගලයින් 18 000 ක් පමණ ආපදාවට ලක්වුණා.


ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 7 වන  ආධාර තොගය රැගත් විශේෂ රථ පෙළ නුගේගොඩ - නාවල පාරේ පිහිටා ඇති ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන් අද පෙරවරුවේ මාතර බලා ගමන් ආරම්භ කළා.

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කරනු ලැබුවේ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්.

එමෙන්ම හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කළ "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය ද මාතර හා හංවැල්ල ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා.

මෙම සෞඛ්‍ය කදවුරු හරහා ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූ ජනතාවට විශේෂඥ වෛද්‍ය පහසුකම්, ප්‍රථමාධාර ඇතුළු සෞඛ්‍ය සේවාවන්, රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය කඳවුර හා එක්වීමෙන් ලබාගත හැකියි.

හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කළ "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් ලෙසයි "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතය ආරම්භ කිරීමට අප පියවර ගත්තේ.

ඒ අනුව මාතර - නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් මාතර මහ විද්‍යාලයේ තවත් සෞඛ්‍ය කඳවුරක් පැවැත්වුණා.

ඒ සඳහා තුඩාව, අත්තුඩාව, නාඳුගල, උයන්වත්ත යනාදී ප්‍රදේශවල ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල ජනතාව සහභාගි වෙමින් සිටි බවයි එහි සිටි අප විශේෂ නියෝජිත අමිල නාත් මාසිංහගේ ප්‍රකාශ කළේ.

එසේම තවමත් ජලය බැස නොගිය ප්‍රදේශවලට බෝට්ටු මගින් ගොස් ප්‍රථමාධාර ලබාදීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා ආසියානු මාධ්‍ය ජාලය කටයුතු කිරීමද විශේෂත්වයක්.

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා නාවල පාර, නුගේගොඩ පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත අදත් ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් ලැබී තිබුණා.

එලෙස ලැබුණු ආධාර තොග බෙදාහැරීමේ කටයුතු තව තවත් පුළුල් කරමින් ඊයේ හිරු සහන යාත්‍රාව ක්‍රියාත්මක කළේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්. හයවන අදියර ක්‍රියාත්මක වූ  දවසේත් ගොඩබිමින් සහ ගුවනින් ගොස් ආධාර බෙදාදීමට අප කටයුතු කළා.

එසේම ලැබුණු අති විශාල ආධාර තොග ඊයේ පෙරවරුවේ කන්ටේනර් සහ ලොරි රථ මගින් නුගේගොඩ ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සිට මාතර බලා පිටත්ව ගියා.

එම ආධාර තොග රැගත් ලොරි සහ කන්ටේනර් රථ ඊයේ දහවල් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර කෙරුණා.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඔබ වෙුනවෙන් ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.






--------------------------------------------------
"රට වෙනුවෙන් හිරු" 07 වන ආධාර තොගයත් මාතර ජනතාවට  - හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයේ දෙවන දිනයත් ඇරඹෙයි Video & Photos







---------------


"රට වෙනුවෙන් හිරු" 6 වන ආධාර තොගය ගුවනින් සහ ගොඩබිමින් මාතර පීඩාවට පත් ජනතාවට බෙදාදෙයි - හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය හෙටත් - Video & Photos
2017-06-02 22:00:19


ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන්ට සහ ශ්‍රාවකයන්ට ලබාදෙන සියලුම මුදල් ත්‍යාගත් විපතට පත්


තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය තව තවත් පුළුල් කරමින් විපතට පත් ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීම ද අද අප ආරම්භ කළා.

ඒ, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව ආපදාවට ලක්වු ප්‍රදේශයන්හි සෞඛ්‍ය කඳවුරු පවත්වමින්.


හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කළ "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් ලෙසයි රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය ආරම්භ කිරීමට අප පියවර ගත්තේ.

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූ ජනතාවට විශේෂඥ වෛද්‍ය පහසුකම්, ප්‍රථමාධාර ඇතුළු සෞඛ්‍ය සේවාවන්, රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය කඳවුර හා එක්වීමෙන් ලබාගත හැකියි.

එහි පළමු අදියර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව අද ක්‍රියාත්මක කළේ ගම්පහ, කොළඹ සහ මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.

බියගම - මල්වාන - යබරලුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවති රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය කඳවුර සඳහා ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාව විශාල වශයෙන් පැමිණ සෞඛ්‍ය සේවාවන් ලබාගත්තා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ තවත් සෞඛ්‍ය කඳවුරක් පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දේවමාතා දෙව්මැදුරේදී ක්‍රියාත්මක වුණා.

ඉන් නොනැවතුණු අප මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය කඳවුරු පැවැත්වූවා.

මාතර - රාහුල විද්‍යාලයේ ද ඊට අදාළව එක් සෞඛ්‍ය කදවුරක් පැවැත්වුණා.  

එසේම තවමත් ජලය බැස නොගිය ප්‍රදේශවලට බෝට්ටු මගින් ගොස් ප්‍රථමාධාර ලබාදීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා ආසියානු මාධ්‍ය ජාලය කටයුතු කිරීමද විශේෂත්වයක්.

රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය කඳවුරේ දෙවන අදියර හෙට ක්‍රියාත්මක වන්නේ මාතර මධ්‍ය මහා විද්‍යාලය සහ හංවැල්ල - කළුඅග්ගල - අකරවිට ශ්‍රී උපතිස්සාරාමය කේන්ද්‍ර කරගනිමින්.

මේ අතර, රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා නාවල පාර, නුගේගොඩ පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත අදත් ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් ලැබී තිබුණා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු පිරිස් ද්‍රව්‍යමය ආධාර රැගෙනවිත් තිබුණා.  

එලෙස ලැබුණු ආධාර තොග බෙදාහැරීමේ කටයුතු තව තවත් පුළුල් කරමින් අද හිරු සහන යාත්‍රාව ක්‍රියාත්මක කළේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්.

හයවන අදියර ක්‍රියාත්මක වන අද දවසේත් ගොඩබිමින් සහ ගුවනින් ගොස් ආධාර බෙදාදීමට අප කටයුතු කළා.

එසේම ලැබුණු අති විශාල ආධාර තොග අද පෙරවරුවේ කන්ටේනර් සහ ලොරි රථ මගින් නුගේගොඩ ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සිට මාතර බලා පිටත්ව ගියා.

එම ආධාර තොග රැගත් ලොරි සහ කන්ටේනර් රථ අද දහවල් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර කෙරුණා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක කියා සිටියේ මෙම සත්කාරය මහත් සේ අගය කරන බවයි.  

අඩු වශයෙන් සහනාධාර ලැබුණු ප්‍රදේශ, දිස්ත්‍රික් ලේකම්වරයාගේ මග පෙන්වීම යටතේ තෝරාගෙන විපතට පත්වූ ජනතාව වෙත කඩිනමින් ලබාදීමට අප නියෝජිතයින් කටයුතු කළා.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඔබ වෙුනවෙන් ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.




------------------------------------------------------------
"රට වෙනුවෙන් හිරු" හයවන ආධාර තොගය මාතර ජනතාවට  - හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයත් ඇරඹෙයි  Video & Photos

ජනතාව සුවපත් කරන සෞඛ්‍ය මෙහෙයුමත් ඇරඹෙයි...

විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් රට වෙනුවෙන් හිරු, සෞඛ්‍ය ක්‍රියාන්විතය ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ විපතට පත් ජනතාව ඉදිරියට මුහුණදෙන රෝග සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබද ගැටලු හදුනාගත් රට වෙනුවෙන් හිරු, සෞඛ්‍ය ක්‍රියාන්විතයයි.

ඒ අනුව, ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග එක්ව ආපදාවට ලක්වූ ප්‍රදේශවල වෛද්‍ය කදවුරු පැවැත්වීමට අද සිට අප සූදානම්.ඒ අනුව අද පහළ හංවැල්ල, ශ්‍රද්ධා රෝපිත දේව මාතා දෙව් මැදුරේ මෙන්ම, ගම්පහ බියගම - යබ්බලූව දකුණ බෝධිරුක්ඛාරාම විහාරයේද සෞඛ්‍ය කඳවුරු සංවිධාන කර තිබෙනවා. එමෙන්ම, මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය, රාහුල විද්‍යාලය සහ උයන්වත්ත කණිෂ්ඨ විද්‍යාලයේදීද විශේෂ ප්‍රථමාධාර කඳවුරු පීඩාවට පත් ජනතාව වෙනුවෙන් හිරු සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඒකාබද්ධව අද පවත්වනු ලබනවා.

මේ අතර, විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා ලැබුණු අති විශාල ආධාර තොගය අද මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදා හැරෙනවා.

ඊයේ ගාල්ල දිස්ත්‍රික්කය පුරා ද්‍රව්‍යාධාර බෙදනු ලැබූ අතර, ඊට පෙර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වෙත ඒවා පිරිනැමුණා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ පළමු ආධාර තොග ගුවනින් බෙදාහැරුණේ ගොඩබිමින් ළගා විය නොහැකි ප්‍රදේශවල විපතට පත් ජනතාවටයි.

එසේම, හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා අඛණ්ඩව විශාල වශයෙන් ආධාර ද්‍රව්‍ය තොග ලැබෙමින් පවතිනවා.

අයහපත් කාළගුණයෙන් රෝගීවු ඔබ, ඔබේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ගන්න

අද - 2017 06 02 වෛදය කඳවුරු පැවැත්වෙන ස්ථාන පහතින්

ස්‍රද්ධා රෝපිත දේවමාතා දෙව් මැඳුර - පහල හංවැල්ල
යබ්බලුව බෝධිරුඛ්කාරාමය - බියගම
ශාන්ත තෝමස් විද්‍යාලය - මාතර
උයන්වත්ත ප්‍රථමික විද්‍යාලය - මාතර







------------------------------
"රට වෙනුවෙන් හිරු" පස්වන ආධාර තොගය ගුවනින් සහ ගොඩබිමින් ගාල්ලේ පීඩාවට පත් ජනතාවට බෙදාදෙයි - Video & Photos
2017-06-02 - 07.30

විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා ලැබුණු අති විශාල ආධාර තොගයේ පස්වන කොටස ඊයේ (01) වෙන් කෙරුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්.

ඒ අනුව එම ආධාර තොගය ගුවනින් සහ ගොඩබිමින් පීඩාවට පත් ජනතාවට බෙදා හැරීමට අප කටයුතු කළා.

මීට පෙර ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව පළමු සහ දෙවන ආධාර තොගය ගොඩබිමින් ළගා විය නොහැකි ප්‍රදේශවල විපතට පත් ජනතාවට රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ බෙදා දුන්නා.

තුන්වන සහ 4 වන ආධාර තොග කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වෙත ලබාදීමටයි අප පියවර ගත්තේ.   

ගාල්ල දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් කන්ටේනර් රථ සහ ලොරි රථ මගින් රැගෙන ගිය විශාල ආධාර තොගය ඊයේ (01) නිල වශයෙන් භාර කෙරුණේ ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකවරයාටයි.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ අඩු වශයෙන් සහනාධාර ලැබුණු ප්‍රදේශ කරා අප නියෝජිතයින් ගමන් කළේ විපතට පත්වු ජනතාවට ඒවා ලබාදීම සඳහායී.

එසේම, හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා අඛණ්ඩව විශාල වශයෙන් ආධාර ද්‍රව්‍ය තොග ලැබෙමින් පවතිනවා.

නාවල පාර, නුගේගොඩ පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත විශ්වවිද්‍යාල සිසුන් එක්රැස් කළ ද්‍රව්‍යමය ආධාර රැගෙනවිත් භාරදීමෙන් අනතුරුව ඔවුන් ආධාර ද්‍රව්‍ය එකලස් කිරීමේ කටයුතුවලටද දායක වුණා.

ලැබෙන ආධාර තොග සකස් කිරීමේ කටයුතු සඳහා හිරු පිරිවරට ශක්තියක් වීමට ස්වෙච්ඡාවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින්ද අද අප හා එක්වුණා.

මෙම කටයුත්තට සුවහසක් ජනතාව සිය සහය ලබාදෙද්දී ආසියානු මාධ්‍ය ජාලයත් ඒ හා සමාන දායකත්වයක් මෙම දැවැන්ත ක්‍රියාන්විතය සඳහා ලබාදෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රේක්ෂකයින් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලූම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළේ ඒ හේතුවෙන්.

විපතට පත් ජනතාව ඉදිරියට මුහුණදෙන අභියෝගය ව්‍යාප්ත වන රෝග සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබද ගැටලූ බව හදුනාගත් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය  ඒ වෙනුවෙන් ද මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග එක්ව ආපදාවට ලක්වූ ප්‍රදේශවල වෛද්‍ය කදවුරු පැවැත්වීමට අප සූදානම්.

ජනතාවගේ සියලූ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලමින් එම කටයුතු සංවිධාන වන අතර, ඊට අදාළව මූලික සාකච්ඡාවක් ද ඊයේ (01) පැවැත්වුණා.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා රතු කුරුස සමාජ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවෙන් පසු ආසියානු මාධ්‍ය ජාලය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි ධම්මික බණ්ඩාර තෙන්නකෝන් සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.බී. මඩුගල්ලේ ඊට අදාළ ගිවිසුමකට ද අත්සන් කළා.

අනතුරුව මෙම වෛද්‍ය කදවුරු වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි ධම්මික බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ අද දිනයේ සිට අදාළ සෞඛ්‍ය වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඉදිරියටත් කැපවන බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.






------------------------------------------
"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ පස්වන ආධාර තොගය ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට - Video & Photos
2017-06-01 20:00:19

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය දියත් කර ඇති රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 5වන ද්‍රව්‍යමය ආධාර තොගය අද ගාල්ල දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදාහැරීමට නියමිතයි.

ඊයේ දිනයේ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට ලැබුණු ද්‍රව්‍යමය ආධාරවල 4 වන තොගය ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදා හැරුණා.

ඒ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන්.

මීට පෙර කිසිවෙකුටත් ළඟාවිය නොහැකි ස්ථානවලට හිරු ආධාර ලබාදුන්නේ ගුවන් හමුදාවේ සහායද ලබාගෙනයි.

සිව්වන ද්‍රව්‍යමය ආධාර තොගය රැගත් කන්ටේනර් රථ සහ ට්‍රක් රථ පෙළ ඊයේ පෙරවරුවේ නාවල පිහිටි අපගේ ප්‍රධාන ආධාර රැස් කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටත්ව ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඒවා ලබාදුන්නා.

අනතුරුව  රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා විපතට පත් ජනතාවට බෙදාහැරීම සඳහා ආධාර තොග ප්‍රධානය කළා.

මෙතෙක් ආධාර ලබා නොදුන් ඔබ වෙනුවෙන් නාවල පිහිටි අපගේ ප්‍රධාන ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට අමතරව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන ජාලය පැය 24 පුරා ඒවා භාරගැනීම සඳහා සූදානමින් සිටිනවා.  

අපගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිදුවන මෙහෙයුම් ක්‍රියාවලියට විවිධ සංවිධාන මෙන්ම සරසවි සිසුන් ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය මෙන්ම විදේශීය සිසුන් පිරිසක් ආධාර බෙදා හැරීම සදහා එක්ව සිටියා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසල, කෝට්ටේ රජමහා විහාරය, කොළොන්නාව පුරාණ රජමහා විහාරය, ගම්පහ - මැදගම සිරිසුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජමහා විහාරය, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය යන ස්ථානවලදීද තවදුරටත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර ලබාදිය හැකියි.  

කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන, නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, සහ හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේද තවදුරටත් ඊට අදාළ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට වෙල්ලස්ස මාධ්‍ය ඒකකයද හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ පළවන සහ දෙවන ආධාර තොග අප භාරදුන්නේ ගුවන් හමුදාව වෙතයි.  

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලූම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කළා. ඒ, පරිත්‍යාගශීලී ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර හා සමානවමයි.








-----------------------------------

"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ හතරවන ආධාර තොගය ගුවනින් සහ ගොඩබිමින් රත්නපුරයට බෙදාදෙයි - Video

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය දියත් කර ඇති රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 4 වන ද්‍රව්‍යමය ආධාර තොගය ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත ඊයේ (31) බෙදා හැරුණා.

ඒ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන්.

මීට පෙර කිසිවෙකුටත් ළඟාවිය නොහැකි ස්ථානවලට හිරු ආධාර ලබාදුන්නේ ගුවන් හමුදාවේ සහයද ලබාගෙනයි.

සිව්වන ද්‍රව්‍යමය ආධාර තොගය රැගත් කන්ටේනර් රථ සහ ට්‍රක් රථ පෙළ ඊයේ පෙරවරුවේ නාවල පිහිටි අපගේ ප්‍රධාන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා.

අවිස්සාවේල්ල නගරයෙන් එම රථ පෙළට තවත් ලොරි රථ සහ ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් එක්වූයේ දිවයිනේ පිහිටි අපගේ සෙසු මධ්‍යස්ථානවලට එක්වූ ද්‍රව්‍යමය ආධාර තොග සමගයි.

අනතුරුව ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතද ආධාර ලබාදී  රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා විපතට පත් ජනතාවට බෙදාහැරීම සඳහා සිව්වන ආධාර තොගය ප්‍රධානය කළා.

මෙතෙක් ආධාර ලබා නොදුන් ඔබ වෙනුවෙන් නාවල පිහිටි අපගේ ප්‍රධාන ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට අමතරව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන ජාලය පැය 24 පුරා ඒවා භාරගැනීම සඳහා සූදානමින් සිටිනවා.

අපගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිදුවන මෙහෙයුම් ක්‍රියාවලියට විවිධ සංවිධාන මෙන්ම සරසවි සිසුන් ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය මෙන්ම විදේශීය සිසුන් පිරිසක් ආධාර බෙදා හැරීම සදහා එක්ව සිටියා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසල, කෝට්ටේ රජමහා විහාරය, කොළොන්නාව පුරාණ රජමහා විහාරය, ගම්පහ - මැදගම සිරිසුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජමහා විහාරය, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය යන ස්ථානවලදීද තවදුරටත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර ලබාදිය හැකියි.  

කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන, නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, සහ හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේද තවදුරටත් ඊට අදාළ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට වෙල්ලස්ස මාධ්‍ය ඒකකයද හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

මේ අතර, පෙරේදා දිනයේ තුන්වන ආධාර තොගය කළුතර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදා දෙනු ලැබුවා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ පළමු සහ දෙවන ආධාර තොග අප භාරදුන්නේ ගුවන් හමුදාව වෙතයි.  

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලූම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කළා.

ඒ, පරිත්‍යාගශීලී ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර හා සමානවමයි.



---------------------------------------------------
Update‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 4 වන ආධාර තොගය රත්නපුරයේ ජනතාවට - Video
2017-05-31 20:00:19

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ හතර වන ආධාර තොගය අද රත්නපුරයේ ජනතාවට බෙදාහැරෙනවා.

ඒ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේයි.

ඊයේ (30) දිනයේ තුන්වන ආධාර තොගය කළුතර දිස්ත්‍රික්කයට බෙදා දුන්නා.

එසේම "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයට මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවලට මේ වනවිටත් ආධාර විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසලේ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, කෝට්ටේ රජමහා විහාරයේ සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයටත්, ද්‍රව්‍යාධාර තවදුරටත් ගෙනවිත් භාරදිය හැකියි.

ගම්පහ - මැදගම සිරිසුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජමහා විහාරය, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය ආදී ස්ථානයන්ට ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන වන ඔබට ද්‍රව්‍යමය ආධාර භාරදීමේ හැකියාව පවතිනවා.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන යන ස්ථානයන්ට තවදුරටත් ආධාර භාරදිය හැකියි.

නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය මෙන්ම මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, සහ හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේද රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර එක් රැස් කෙරෙනවා.

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට වෙල්ලස්ස මාධ්‍ය ඒකකයද හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ පළවන සහ දෙවන ආධාර තොගය අප භාරදුන්නේ ගුවන් හමුදාව වෙතයි.

ඒවා ගොඩබිමින් ළඟාවීමට නොහැකි ප්‍රදේශවල රැදී සිටි ජනතාවට ලබාදීම ගුවන් හමුදාව විසින් සිදුකළා.

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් වාර ගමන් වාර විශාල ප්‍රමාණයක් වෙන් කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලුම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කළා.

ඒ, පරිත්‍යාගශීලී ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර හා සමානවමයි.

සැබෑ ලෙසම විපතට පත් ජනතාව වෙනුවෙන් නිසි පරිදි අවශ්‍ය ආධාර ලබාදීමට ‘‘රට වෙනුවෙන් හිරු’’, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සූදානම්.


-------------------------------------------------------
Update  ‘‘රට වෙනුවෙන් හිරු’’ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය තෙවන දිනටත් ක්‍රියාත්මකයි - ද්‍රව්‍යමය ආධාර රැගත් රථ පෙළ අද කළුතරට - Video & Photos

2017-05-30

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව ද්‍රව්‍යමය ආධාර එක්රැස් කරනු ලැබූ රථ පෙළ අද (30) උදෑසන කළුතර දිස්ත්‍රික්කයේ ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත ආධාර බෙදීම සඳහා පිටත්ව යනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අදාළ භාණ්ඩ තොග පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ලබාදීමට පියවර ගනු ඇති.

එමෙන්ම "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ දෙවන ආධාර තොගය ද ඊයේ (29) පස්වරුවේ ගුවන් හමුදාව වෙත භාරදුන්නා.

කන්ටේනර් සහ ලොරි රථ විශාල ප්‍රමාණයකින් පුරවාගත් මෙම භාණ්ඩ තොගය රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත භාර දුන් අතර, ඒවා ගොඩබිමින් ළඟාවීමට නොහැකි ප්‍රදේශවල රැදී සිටින ජනතාවට ලබාදීම ගුවන් හමුදාව විසින් අද (30) තෙවන දිනටත් සිදුකෙරෙනු ඇති.

ඊයේ එහි දෙවන කොටස භාරදුන් අතර මීට පෙර ලබාදුන් ආධාර තොග ගුවන් වාර 30කට වැඩි ප්‍රමාණයකින් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ලබාදීම ද විශේෂත්වයක්.

දුකේදීත් සැපේදීත් නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටින හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීිමේ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කළේ පසුගිය සිකුරාදා දිනයේයි.

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ අංක 156/ 2 නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථානය වෙත සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත මේ වනවිටත් විශාල වශයෙන් ආධාර ලැබෙමින් පවතිනවා.

මෙලෙස ලැබෙන ආධාර තොගයෙන් පළමු කොටස විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා හිරු පිරිවර පෙරේදා පියවර ගත්තා.

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලුම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර සහ සමානවම ආසියානු මාධ්‍ය ජාලයත් මෙම ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීම විශේෂත්වයක්.

ආපදා හේතුවෙන් සැබෑ ලෙසම විපතට පත් ජනතාව වෙනුවෙන් නිසි පරිදි මෙම ආධාර ලබාදීම සිදුකිරීමටයි  ‘‘රට වෙනුවෙන් හිරු’’, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සූදානම්ව ඇත්තේ.




-------------------------------------
Update ‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතයට නන් දෙසින් ආධාර - දෙවන ආධාර තොගයත් ගුවන් හමුදාව වෙත භාරදෙයි - Videos & Photos

‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතය අති සාර්ථකව ඉදිරියට - ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන්ට සහ ශ්‍රාවකයන්ට ලබාදෙන සියලුම මුදල් ත්‍යාගත් විපතට පත් ජනතාවට

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සදහා ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට මේ වනවිට අඛණ්ඩව දිවයිනේ නන් දෙසින් ආධාර ලැබෙමින් පවතිනවා.

දුකේදීත් සැපේදීත් නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටින හිරු ටී. වී සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කළේ පෙරේදා දිනයේයි.

ඒ අනුව හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ අංක 156 න් 2 නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථානය වෙත සහ ඒ සඳහා ස්ථාපිත කර ඇති ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත මේ වනවිටත් විශාල වශයෙන් ආධාර ලැබෙමින් පවතිනවා.

මෙලෙස ලැබෙන ආධාර තොගයෙන් පළමු කොටස විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා හිරු පිරිවර ඊයේ (28) පියවර ගත්තා.

ගොඩබිමින් මෙතෙක් ළඟාවිය නොහැකි ස්ථානවල සිටින විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා දෙවන ආධාර තොගයද අද (29) දිනයේ ගුවන් හමුදාව වෙත භාරදීම මීට සුළු මොහොතකට පෙර භාරදී තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලුම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල්ද ආපදා හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.  

එමෙන්ම ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර සහ සමානවම ආසියානු මාධ්‍ය ජාලයත් මෙම ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීම විශේෂත්වයක්.

මේ අතර, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව ආධාර එක් රැස් කිරීමේ විශේෂ රථ පෙළ ද මීගමුව නගරයේ සිට ගමන් ආරම්භ කරනු ලැබුවා මේ වන විට එය මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයට ළඟාවෙමින් පවතිනවා.






---------------------------
‘‘රට වෙනුවෙන් හිරු’’, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ ආධාර රැස් කිරීමේ රථ පෙළ අද මීගමුවෙන් ගමන් අරඹයි - Photos

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සදහා ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වනවිටත් අති සාර්ථකව ක්‍රියාත්මක වනවා.

ඊයේ රාත්‍රිය වනතුරුත් දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා විශාල වශයෙන් ආධාර ලබාදුන් බවයි එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව ගොඩබිමින් මෙතෙක් ළඟාවිය නොහැකි ස්ථානවල සිටින විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා දෙවන ආධාර තොගයද අද පෙරවරුවේ ගුවන් හමුදාව වෙත භාරදීමට නියමිතයි.

මේ අතර ගොඩබිමින් මෙතෙක් ළඟාවීමට නොහැකි ස්ථානවල සිටින විපතට පත් ජනතාව වෙත කඩිනමින් බෙදාහැරීමට හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් ලැබුණු ආධාරවලින් පළමු ආධාර තොගය ඊයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදෙනු ලැබුවා.

ගුවනින් පමණක් ළගා විය හැකි ස්ථානවල රැදී සිටින පුද්ගලයින් සදහා ආධාර රැගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා, ගමන් වාර 30කට අධික සංඛ්‍යාවක් සිදුකළේ කන්ටේනර් ගණනාවක ආධාර තොග බෙදා හැරීම සදහායි.

දුකේදීත් සැපේදීත් නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටින හිරු ටී වී සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කළේ පෙරේදා දිනයේයි.

ඒ අනුව හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ අංක 156 න් 2 නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ ස්ථාපිත ප්‍රධාන කාර්යාලය වෙත ලැබී තිබූ අතිවිශාල ආධාර තොගයෙන් පළමු කොටස විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා හිරු පිරිවර පියවර ගත්තා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත මේ වනවිටත් විශාල වශයෙන් ද්‍රව්‍ය ආධාර ලැබෙමින් පවතිනවා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසලට මෙන්ම කෝට්ටේ රජමහා විහාරයට සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයට ද්‍රව්‍යාධාර ගෙනවිත් භාරදිය හැකියි.

එමෙන්ම ගම්පහ - මැදගම, සිරි සුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජ මහා විහාරස්ථානය සහ දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ ද්‍රව්‍යාධාර රැස් කිරීමේ ස්ථාන ලෙස  ක්‍රියාත්මකයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන යන ස්ථානයන්ට ආධාර භාරදීමේ හැකියාව පවතිනවා.

මහියංගනය රජමහා විහාරස්ථානයත් හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්. නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ විපතට පත්වූ අපේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කරන හිරු සහන යාත්‍රාවට ආධාර ද්‍රව්‍ය භාරදිය හැකි වනවා.

මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයද ආධාර ද්‍රව්‍ය එකතු කරන හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.  

හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය යන ස්ථානවලටද ද්‍රව්‍යමය ආධාර ලබාදිය හැකි වනවා.

ඊට අමතරව ඊයේ පෙරවරුවේ ආධාර ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා තොට ළඟ මංසන්ධියෙන් ආරම්භ කළ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ විශේෂ රථ පෙළ ඊයේ පස්වරුව වනවිට මීගමුව නගරයට ළඟාවුණා.

ඒ වනවිටත් භාණ්ඩ එක් රැස් කිරීමේ රථ සියල්ල ජනතාවගේ ආධාරවලින් පිරී පැවතුණු බවයි වාර්තාවන්නේ.

මේ අතර අද පෙරවරුවේ යළිත් ආධාර එක් රැස් කිරීමේ එම විශේෂ රථ පෙළ මීගමුව නගරයේ සිට කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව සහ කාකපල්ලිය හරහා හලාවතට ළඟා වනු ඇති.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත්ව සිටින ජනතාවට පිහිටක් වන්නට හිරු සහන යාත්‍රාව හා ඔබත් එකතු වන්න.


----------------------------------
"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ ආධාර ගුවනින් රැගෙන ගොස් බෙදාදෙයි - Video & Photos

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ මහා ජල ගැල්මෙන් ආපදාවට පත්වූවන් උදෙසා ‘‘රට වෙනුවෙන් හිරු’’, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක් රැස් කළ  පළමු ආධාර තොගය රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත භාරදීම අද පෙරවරුවේ සිදු කෙරුණා.

එම ආධාර තොගය මේ වනවිට ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල කිසිවෙකුටත් ගොඩබිමින් ළඟාවිය නොහැකි දුෂ්කර ප්‍රදේශවල විපතට පත් ජනතාවට බෙදාදීම සිදුකෙරෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

මේ අතර, 156 / 2, නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා ඇති අපගේ ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානය සහ දිවයින පුරා පිහිටා ඇති සෙසු එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත විශාල වශයෙන් ආධාර රැගෙන ජනතාව පැමිණෙමින් සිටිනවා.



-----------------------------------

"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය අද දිනයේත්  - Video & Photos
2017-05-28 20:00:19

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා අපේ ම මිනිසුන් සමඟ එක්ව "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය අද (28) දිනයේදීත් ක්‍රියාත්මකයි.

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට මේවන විට ආධාර ද්‍රව්‍ය රැසක් ලැබෙමින් පවතිනවා.

දිවයිනේ ප්‍රදේශ රැසක ස්ථාපිත කර ඇති ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබුනු ආධාර සංකේතාත්මකව ගුවන් හමුදාවට භාරදීම සඳහා රැගෙන යාමයි මේ සිදු කෙරෙන්නේ.
ඒ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙතටයි.

විපතට පත්වුවන්ට කඩිනමින් අත්‍යවශ්‍ය වන භාණ්ඩ මෙහිදී මුලික වශයෙන් ලබාදීම සිදුවනවා.

දුකේදීත් සැපේදීත් නිරන්තරයෙන්  ඔබ වෙනුවෙන් පෙනී සිටින හිරු ටී.වී සහ හිරු එෆ්. එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාළගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙම දැවැන්ත ව්‍යෘපෘතිය ආරම්භ කළා.

මහා ජල ගැල්මෙන් පීඩාවට පත්වූ අපේම ජනාතවට පිහිටක් වීම මුඛ්‍ය පරමාර්ථය කරගත් එය රට වෙනුවෙන් හිරු - හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා වියළි ආහාර ද්‍රව්‍ය , පිරිසිදු පානීය ජලය , අලුත් ඇදුම් පැළදුම් ,ඖෂධ වර්ග , සනීපාරක්ෂක ද්‍රව්‍ය පාසල් උපකරණ  ආදී ද්‍රව්‍ය භාර දිය හැකියි.

ඒ අනුව, විපතට පත් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ආධාර ලබාදීම සඳහා ස්ථාපිත කර ඇති අපගේ  ප්‍රධාන එකතුකිරීමේ මධ්‍යස්ථානය 156/2, නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබෙනවා.

අපගේ මේ ව්‍යාපෘතිය පිළිබදව කණවැකුණු මොහොතේ සිට සංවේදී වූ මිනිසුන් විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් බඩු බාහිරාදිය රැසක් රැගෙන ආවා.






-------------------------------------
2017-05-27 11:27:19

අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීමට "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය ඇරඹේ - Video & Photos

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා අපේ ම මිනිසුන් සමඟ එක්ව "රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඔබටත් හැකි පමණ දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව වියළි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජල බෝතල් හැකි පමණ පහත ලිපිනයෙ හි ස්ථාපිත කර ඇති හිරු විශේෂ ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දෙන ලෙසටයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ.

156/2, නාවල පාර, නුගේගොඩ.

භාවනා මූලස්ථානය
ශ්‍රී ඥාණිස්සර දහම් පාසල
371/ගාලුපාර, රාවතාවත්ත මොරටුව
0112-647247

පාදෙණිය රජමහා විහාරය
පාදෙණිය - 0372267333

දිවුලපිටිය ප්‍රියදර්ශනාරාමය
දිවුලපිටිය - 0777250370

මහියංගන රජමහා විහාරය

ගම්පහ මැදගම සිරි සුනන්දාරාමය
0332222413

ශ්‍රී ජිනරතන සදහම් සෙවණ - 0718268693
කොටවෙහෙර/නිකවැරටිය - 0765-469590

බෞද්ධ මධ්‍යස්ථානය
නුවරඑළිය - 0522235244

බෞද්ධාලෝක විදර්ශික පිරිවෙන
කුරුණෑගල කුරුඳුගස් හංදිය

කෝට්ටේ රජමහා විහාරය

මෙම දුරකථන අංක වලට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.

0114 799770 / 07730 35 926

"රට වෙනුවෙන් හිරු" හිරු සහන යාත්‍රා ව්‍යාපෘතිය, අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර ජනතාව උදෙසායි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top