Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
27
ගොඩක් දුක් මහන්සියෙන් ක්‍රීඩා ජිවිතේ හදාගත්ත ක්‍රීඩකයෙක් මම - ඩිල්ෂාන් මුණවීර -Exclusive Photos

- ගොඩක් දුක් මහන්සියෙන් ක්‍රීඩා ජිවිතේ හදාගත්ත ක්‍රීඩකයෙක් මම - ඩිල්ෂාන් මුණවීර -Exclusive PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67 Views
"විවාහය තමයි මට වාසනාව ගෙනාවේ..."

"ජාත්‍යන්ත මට්ටමින් තරඟ නොලැබෙනකොට දුකයි .."

ඩිල්ෂාන් යශික මුණවීර කියන්නේ 2012 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ  පිතිකරුවෙක්. දකුණතින් පිතිකරණයේ යෙදෙන ඔහු පසු ගිය කාලයේ ජාතික කණ්ඩායමෙන් දකින්න ලැබුණා. පිතිකරුවෙක් විදිහට දක්ෂ ඩිල්ෂාන්ගේ දක්ෂතා දකින්න ලැබෙන්නේ පන්දු වාර 20 යි 20 තරඟවලිනුයි. ක්‍රිකට් ජිවිතේ වගේම පුද්ගලික ජිවිතේ ගැන විමසන්න ඔහුව හිරු ගොසිප් එක්ක එකතු කර ගත්තා.


මේ දවස්වල චැම්පියන් කුසලානය පැවැත්වෙනවා. ඒ නම් ලැයිස්තුවට ඔබේ නම ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා විවේකිව ඉන්නවා ඇති නේද..?
අපිට එහෙම විවේකයක් නැහැ. තරග නැති වුණත් සතියේ දවස් පහේම පුහුණු වීම් තියෙනවා. මගේ දවස ගෙවෙන්නේ මේ දවස්වල ඒ දේවල් එක්ක තමයි.

ඔබ ජාතික කණ්ඩායමට එක් වුණේ 2012 වර්ෂයේ. නමුත් ජාතික කණ්ඩායම එක්ව ක්‍රීඩා කරන්න අවස්ථා  උදා වුණේ වරින් වර. ඒ ගැන කණගාටුවක් ඇති..?
අවුරුදු හතරකට පස්සේ තමයි පහුගිය කාලේ පවතී ඕස්ට්‍රේලියානු හා බංගලාදේශ් කණ්ඩායම නියෝජනය කළේ. එහිදී දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණා. ක්‍රීඩකයකුගේ දක්ෂතා වර්ධනය කර ගන්න නම් තරගවලට සම්බන්ධ වෙන්න ඕන. මට අවස්ථා ලැබුණේ අඩුවෙන්. ඒකට හේතුව මම දන්නේ නැහැ. සමහර විට මට වඩා දක්ෂ අය එනකොට මගේ අවස්ථාව ගිලිහෙන්න ඇති. මට දුක හිතුණු අවස්ථාත් තිබුණා. නමුත් මම විශ්වාස කරනවා මට යලි යළිත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා.

ඒ කියන්නේ ඉදිරි සංචිත සදහා ඔබට අවස්ථාවක් ලැබෙයි කියලා ඔබ හිතනවා..?
ඔව්. පසුගිය දවසවල අන්තර් ජාතික පළාත් තරග තිබුණා. ඒ තරගාවලියේදී මගේ පිතිකරණයේ දක්ෂතා මතු වුණා. ඒ නිසා මට යළිත් අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. ඉදිරියේදී ඉන්දියානු හා සිම්බාබ් කණ්ඩායම් අතර තරග පැවැත්වෙනවා.

ඔබට තවමත් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරන්න ලැබුණේ පන්දුවාර 20- 20 පමණයි. එක් දින හා ටෙස්ට් පිටිය වර්ණවත් කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවද ..?
ඇත්තටම මට ඒ තරග නියෝජනය කරන්න ලැබිලා නැහැ. ජාත්‍යන්තර මට්ටමින්. හැම ක්‍රීඩකයෙක්ම පන්දුවාර 20- 20 වගේම එක දින හා ටෙස්ට් තරග නියෝජනය කරන්න හීන දකිනවා. මමත් ආසයි ඒ අත්දැකීම ලබා ගන්න. කවදා හරි අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. පසුගිය දවසවල අන්තර් ජාතික පළාත් තරඟවලදී මම එක්දින තරගවලට සම්බන්ධ වුණා. දක්ෂතා දක්වන්න පුළුවන් වුණ නිසා ලඟදීම මට අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා.

විවාහය ඔබේ ක්‍රීඩා ජිවිතේට වාසනාව ගෙනාවා කිව්වොත්..?
සංජී එක්ක විවාහ වුණාට පස්සේ තමයි මම යළිත් ජාතික කණ්ඩායමට තේරුණේ. අවුරුදු හතරක් බලාගෙන හිටියා නැවත කණ්ඩායමට එකතු කර ගන්නකල්. විවාහයත් එක්කම මට යළිත් අවස්ථාව ලැබුණා.

ඔබ ක්‍රීඩකයෙක්. ඔබේ කාර්යබහුලත්වය ගැන ඇයගේ තේරුම් ගැනීම කොහොමද..?
මම හිතන්නේ හැම ක්‍රිකට් ක්‍රීඩකක්ගේම බිරින්දෑවරු ලොකු කැපකිරීමක් කරනවා පවුල වෙනුවෙන්. වැඩි කාලයක් ඉන්නේ ක්‍රීඩාව එක්ක. මගේ බිරිඳත් මම ගැන හොද අවබොධයක ඉන්නවා. එයාට ක්‍රිකට් ගැන හොද දැනීමක් රසයක් තියෙන නිසා මට නීති දන්නා එන්නේ නැහැ. මගේ හැම දෙකටම උදව් කරනවා. එයා ඇදුම් නිර්මාණ ශිල්පිණියක් නිසා එයත් කාර්යබහුල වෙන අවස්ථා තියෙනවා.

ඔබ ක්‍රීඩකයෙක් වුණත් පවුල් ජිවිතේ පැත්තෙන් ගත්තොත් ගෘහ මුලිකයා ඔබයි. පවුල් ජිවිතේ සාර්ථක කරගන්න ඔබෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
අපි දෙන්නා වෙනම ජිවත් වෙන්නේ. මගේ දෙමාපියන්ට ඉන්න එකම දරුවා මම. මගේ දෙමාපියන් වගේම සංජිගේ දෙමාපියන් අපිට උදව් කරනවා. මම ගෙදර ඉන්න වෙලාවට එයාට උදව් කරනවා. පවුලක් කියන්නේ වගකීමක්. මම ඒ වගකීම ඉටු කරන්න දන්නවා.

බිරිද ඇදුම් නිර්මාණ ශිල්පිණියක් නිසා ඩිල්ෂාන්ට ලස්සන විලාසිතා කරන්න අවස්ථාව ලැබෙනවා ඇති..?
එයා නිතරම ජාත්‍යන්තරයට එන විලාසිතා හොයන කෙනෙක්. ඒවා අනුගමනය කරන කෙනෙක්. මගේ හැම විලාසිතාවක්ම තෝරලා දෙන්නේ එයා තමයි. මට ගැළපෙන විදිහට.

ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන නිසා ආර්ථික මට්ටම අතින් දැන් ශක්තිමත් ඇති නේද..?
මුල් කාලේ ක්‍රීඩා ජිවිතේ සාර්ථක මට්ටමකට ගෙන්න මහන්සි වෙන්න සිදු වෙනවා. මමත් ගොඩක් දුක් මහන්සියෙන් ක්‍රීඩා ජිවිතේ හදාගත්ත ක්‍රීඩකයෙක්. දැන් නම් ආර්ථික මට්ටම අතිනුත් යම් මට්ටමක මම ඉන්නවා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top