පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මේ මස අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ 3වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත සහ විවෘත තරඟ විභාග කල් දමා තිිබෙනවා.
එමෙන්ම අද දිනට පැවැත්වීමට නියමිතව තිබූ සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය ද අවලංගු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍රගත හෝ කාර්යාලගත ඛණ්ඩ දෙක සේවා ගණයේ උපදේශ නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අද දිනට පැවැත්වීමට නියමිතව තිබූ විවෘත තරඟ විභාගය ද කල් දමා ඇති අතර, ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ තරඟ විභාගය ද කල් දමා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම විභාග නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ලබන අතර දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු කරන බවයි.