හොලිවුඩයේ සරාගීම තැනැත්තිය හැටියට සැලකෙන්නිය කිම් කාර්ඩේශියන් කිවුවොත් එහි පුදුම වෙන්න දෙයක් නැහැ. සඟරා කවරයක් සඳහා ඇය පෙනී සිටි නිරුවත් ඡායාරූප පෙළකින් අන්තර්ජාලය කැළඹුණා.
කිම්, ඒ කටයුත්ත ගැන සම්මුඛ සාකච්ඡාවක් ලබා දීලා තිබුණා.
“ඇත්තටම අපි එදා සූදානම් වුණේ කිසිසේත්ම නිරුවත් ඡායාරූප කිහිපයක් අරගන්න නෙමෙයි. සාමාන්‍ය ඇඳුමකින් මම පින්තූරවලට පෙනී හිටියා. ඒ වෙලාවේ මගේ ඡායාරුප ශිල්පියා මට නිරුවත් පින්තූර වගයක් පෙන්නුවා. මට ඒ ගැන අස හිතුණා. මටත් ඒ වගේ කලාත්මක පින්තූරයකට පෙනී ඉන්න ඕන උනා. අපි හැමෝම හුඟක් මහන්සි වෙලයි ඔය කවරය ලස්සන කළේ..”
“කවදාහරි ඔබේ දුව ඔය විදියේ පින්තූරයක්ට පෙනී ඉන්න ඔබෙන් අවසර ඉල්ලුවොත් ඔබ මොකද කරන්නෙ?”යනුවෙන් ඇයගෙන් ප්‍රශ්නයක් අසා තිබුණා.
“ඒ ගැන මගේ ලොකු කැමැත්තක් නැහැ. දෙයක් කරනවා නම් කලාත්මක සීමාව ඇතුළේ විතරක් කරන්න ඕන. දුවට ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මා ඇයට ඊට අවසර දෙන එකක් නැහැ.” යැයි කිම් කියා තිබුණා.