Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
27
සමයං එක්ක 8 ක් මරලා රටම බය කළ ‘‘අංගොඩ ලොක්කා“ගේ ෆිල්ම් එක චෙන්නායි හිදි අවසන් වූ හැටි

- සමයං එක්ක 8 ක් මරලා රටම බය කළ ‘‘අංගොඩ ලොක්කා“ගේ ෆිල්ම් එක චෙන්නායි හිදි අවසන් වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

81 Views
තලෛයිමන්නාරමෙන් ඉන්දියානු මුහුදු සීමාවට...
බෝට්ටුවට 50,000 ක් දීලා...
ඩුබායි ඉන්න මධූෂ් ළඟට යන්න ගිහින්...

පාතාල නායක සමයං ඇතුළු පිරිස ඝාතනය වීමත් සමගම බොහෝ දෙනෙකුගේ කතා කළේ ‘‘අංගොඩ ලොක්කා ගැනයි“. සමාජයට පිළිලයක් වූ මේ පාතාල නායකයාව පසුගියදා ඉන්දියාවේදී නීතියේ රැහැණට හසුවුණා. අංගොඩ ලොක්කා කොටුකළ මෙහෙයුම ගැන සති අන්තපුවත්පතක පළවූ ආකාරයයි මේ.

අළුයට සැඟවී තිබුණු පාතාලයේ ගිනි පුපුරු මේ වසර උදාවෙත්ම යළිත් සක්‍රිය විය. පාතාල ගැටුම් දිනෙන් දින උත්සන්න විණි. කොළඹ පාතාලයේ රජ දහනක් ලෙස සලකන්නේ කඩුවෙල බල ප්‍රදේශයයි.

කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ පාතාලයේ කලක් කිරුළු පැලඳුවේ 'කඩුවෙල වසන්තලා', 'කරාටේ ධම්මික'ලාය.

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන බුද්ධ පාඨය පසක් කරමින් ඔවුනටද ස්වාභාවික මරණයක් අත් නොවිණි.

ඉන් ඉක්බිති කඩුවෙල සේම මෙරට පාතාලයේ කිරුළ පැලඳීමට දිනෙන් දින උත්සාහ කළ අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් 'සමයං'ටද එම හීනය සැබෑ කරගැනීමට ඔහුට විරුද්ධ පාතාල කල්ලි ඉඩ නොදුන්හ.

දිනය ඉකුත් පෙබරවාරි 27ය. අතුරුගිරිය, අරංගල ප්‍රදේශයේදී පාතාල නායක 'අතුරුගිරියේ ලඩියා' ඇතුළු පිරිසකට වෙඩි ප්‍රහාරයක් දියත් කිරීමේ චෝදනාවකට 'සමයං' සහ ඔහුගේ ගෝලබාලයන් සිව් දෙනකු කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් තිබිණි.

ඉදිරියට ඇදුණු බන්ධනාගාර බස් රථ දෙකට කළුතර, එතනමඬල ප්‍රදේශයේදී වෙඩි වරුසාවකට මුහුණ පාන්නට වූයේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට සහ පාතාල නායක 'සමයං' ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පිරිස ජීවිතක්ෂයට පත් වෙමිනි.

සැකකරුවන්ගේ ආරක්ෂාවට ගිනි අවි සහිතව ගමන් ගත් බන්ධනාගාර නිලධාරීන් තුෂ්ණිම්භූත කරමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර නියාමක එස්. සන්නිගම් සහ බන්ධනාගාර ජේලර් එස්. ආර්. විජේරත්න දිවි පිදූහ.

වෙඩි ප්‍රහාරයෙන් පාතාල නායක සමයං, ඔහුගේ ගෝලයන් වන සන්තක චලන තිලක් මල්ලිකාගේ, කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර, ළිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර යන පිරිස ඝාතනයට ලක් විය.

රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මෙම සත්පුද්ගල ඝාතන සිද්ධිය සෙවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පත් කළේය.

මෙම ඝාතනයට පාතාල නායක 'සමයං'ගේ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධානියා වූ 'අංගොඩ ලොක්කා' සම්බන්ධ බවට විමර්ශනවලින් තහවුරු වූ අතර ඊට කොළඹ සහ දකුණේ පාතාල සාමාජිකයන් සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු හෙළි වුණි.

සමයං නමැත්තා කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙයවමින් අංගොඩ ලොක්කාගේ සමීපතම සගයා වූ සුරංග කුමාර පෙරේරා නොහොත් 'අංගොඩ රත්තරන්'ව මුල්ලේරියාව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය. ඒ ඉකුත් ජනවාරි පස් වැනිදාය.

ඉන් අනතුරුව සමයං දුරකතනය හරහා අංගොඩ ලොක්කාට අනතුරු අඟවා තිබුණේ දෙසතියක් ඇතුළත ලොක්කාවත් අවසන් ගමන් යවන බවය.

මින් කෝපයට පත්වූ අංගොඩ ලොක්කා සමයං ඝාතනය කිරීමට සැලසුමක් සකස් කරන අතරතුර ඔහුගේ හිතවත් පාතාල නායකයකු වූ අතුරුගිරියේ ලඩියාගේ හොඳම ගෝලයා වූ මුනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී නොහොත් 'අතුරුගිරියේ බණ්ඩා'ටද සමයං ජීවත් වීමට අවස්ථාවක් ලබා නොදුන්නේය.

අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් තුළදී ඉකුත් ජනවාරි 17 වැනිදා වෙඩික්කරුවකුගේ උණ්ඩ ප්‍රහාරයකින් බණ්ඩා ඝාතනය විය.

තමන්ගේ ජීවිතයටත් 'සමයං' අනතුරක්ය යන බියෙන් අංගොඩ ලොක්කාත්, අතුරුගිරියේ ලඩියාත් එක්ව සමයං ඝාතනය සැලසුම් කළහ.

ඔවුහු දෙපළ පාතාලයේ කිරුළ දිනා ගැනීමට වෙර දරන සමයංව පරලොව යැවීමට අවශ්‍ය සහාය දකුණ රජ කරන පාතාල නායකයකුගෙන් ලබාගැනීමට තීන්දු කළහ. ඒ පාතාලයා 'මාකඳුරේ මධුෂ්'ය.

මාකඳුරේ මධුෂ් නම් පාතාලයා සිටියේ ඩුබායිවලය. ඔහු ඩුබායි සිට වයිබර් හරහා සම්බන්ධ වී සමයං ඝාතනය සැලසුම් කළේය.

ඊට ප්‍රබල පාතාල සාමාජිකයන් වන බත්තරමුල්ල බන්ටි, ගම්පහ චමී සහ දකුණේ දක්ෂ වෙඩික්කරුවන් කිහිප දෙනකු සම්බන්ධ කරගත්හ.

ඔවුන්ගේ සැලසුම රටේ ආරක්ෂාවටත්, නීතියටත් අභිභවා යමින් ක්‍රියාත්මක විය.

ඝාතකයන් සොයා පොලිසිය ලුහුබඳින අවස්ථාවේදී අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා පේසාල මුහුදු තීරය ඔස්සේ පලා ගිය බව පොලිස් බුද්ධි අංශ තහවුරු කර ගත්තේය.

ඝාතනය සිදු කළ පෙබරවාරි 27ට දින දෙකකට පසු මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට පලා ගිය මොවුන් දෙදෙනා පිළිබඳ යළි තොරතුරක් ලැබුණේ ඉකුත් මැයි 23 වැනිදාය.

එම පාතාල නායකයන් දෙදෙනා ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් චෙන්නායි ගුවන් තොටුපොළේ සිට මාකඳුරේ මධුෂ් වෙසෙන ඩුබායි බලා යෑමට උත්සහ කිරීමේදී එරට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රැවුල්, කොණ්ඩ කපා ඉන්දියානුවන් විලස සැරසී සිටි මොවුන් දෙදෙනාගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරිණි. ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිණි.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු පොලිසිය විසින් මෙරට රහස් පොලිසිය දැනුවත් කිරීමටද එදිනම කටයුතු කළේය.

ඔවුන්ගේ ඡායාරූප එරට ආරක්ෂක නිලධාරීන් රහස් පොලිසිය වෙත එව්වේය. ඒ මෙම සත්පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සංවිධාන කරගැනීමටය.

එම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගනු ලැබිණි.

අනතුරුව පාතාල නායකයන් දෙදෙනා එරට අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පසුව ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කළහ.

මෙම ඝාතනයේ ප්‍රධාන අපරාධකරුවන් දෙදෙනා ඉන්දියාවේදී හසුවන විටත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සහ හතර දෙනකු පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

'සමයං' ඝාතන සිද්ධියට මාකඳුරේ මධුෂ්ගේ නම ඈඳෙනවා සේම මේ වසරේ දෙවැනි වතාවටත් පොලිසියට හීන් දහඩිය දැමූ සිද්ධිය වූයේ පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයටද මාකඳුරේ මධුෂ් සම්බන්ධ බව හෙළි වීමය.

වෙසක් පුන් පොහෝ දිනයට පෙර දින, එනම් මැයි 09 වැනි දින මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඉලක්ක කරගනිමින් සන්නද්ද කල්ලි ප්‍රහාරයක් දියත් කළේ ඩුබායි සිට මධුෂ්ගේ සැලසුමකට අනුවය.

පොලිසියට හිසරදයක් වී සිටින මධුෂ් සෙවීමේ ජාත්‍යන්තර මෙහෙයුමද මේ වන විට දියත් කොට ඇත. ඔහුගේ ගෝලබාලයන් සොයාද විශේෂ මෙහෙයුම් පොලිසිය විසින් දියත් කළේය.

පිළියන්දල වෙඩි ප්‍රහාරයෙන් 11 හැවිරිදි දැරියකද අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇයගේ සහෝදරයන් දෙදෙනාද බරපතළ තුවාල ලැබීය.

මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුද මින් දිවි පිදුවේය.

මෙම ඝාතනයට පැමිණි මධුෂ්ගේ ගෝලයා වූ ආමි අසිතද ඝාතනයෙන් දින හතකට පසු තලෛයිමන්නාරම් මුහුදු සීමාව හරහා දකුණු ඉන්දියාවට පැන ගියේය.

ආමි අසිත සොයා එම බෝට්ටුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තු ලබා දෙමින් සිටි පෞද්ගලික ඔත්තුකරුද පැන ගියේය.

ඔත්තුකරු පොලිසිය මුළා කරමින් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතනයට මධුෂ්ට අනෙක් අතට තොරතුරු ලබා දී ඇති බවට පොලිස් විමර්ශකයන් තොරතුරුද අනාවරණය කරගන්නා විට ඔත්තුකරුවා ලංකාවෙත් නැත.

මෙම ඝාතකයන් තලෛයිමන්නාරම හරහා ඉන්දියානු මුහුදු සීමාවට රැගෙන ගිය බෝට්ටුකරුට රුපියල් 50,000ක මුදලක් දී ඇති බවද හෙළි වී ඇත.

මෙරට තුළ භීෂණයක් ඇති කරමින් මිනිස් ජීවිත නසා අවසානයේ පාතාල නායකයන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා යයි.

කොළඹ පාතාලය හෙල්ලෙන විට ඔවුහු දකුණේ පාතාල නායක මධුෂ්ට ළංවී සියලු අපරාධ ක්‍රියා සංවිධාන කරමින් සිටිති.

එහෙත් මේ වන විට පිළියන්දල ඝාතන සිද්ධියටද අවශ්‍ය සැකකරුවන් තිදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන සිටී.

ඊට අමතරව ප්‍රධාන පාතාල නායකයන්ද පොලිස් දැලට හසුවී ඇති අතර පොලිසියේ ඊළඟ ඉලක්කය වනුයේ පාතාලය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙය වන 'මාකඳුරේ මධුෂ්' අත්අඩංගුවට ගැනීමය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top