විපතට පත්වූ පිරිසක් බේරා ගැනීම සඳහා ගොස් හෙලිකොප්ටරයේ කේබලය කැඩී අනතුරට පත්වූ ගුවන් හමුදා සෙබලා ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.
එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයා මෙසේ අනතුරට ලක්වුණේ නෙළුව දුරිඇල්ල ප්‍රදේශයේ විපතට පත්වූ පිරිසක් බේරා ගැනීමට ගොස් සිටි අවස්ථාවෙයි.
පසුව එම සෙබළාව කරාපිටිය රෝහලට ඇතුළත් කළද පසුව මියගිය බවයි වාර්තා වන්නේ.