Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
UPDATE අයහපත් කාලගුණයෙන් 91ක් මරුට - 110ක් අතුරුදන් - නවතම තොරතුරු - Videos & Photos

- UPDATE අයහපත් කාලගුණයෙන් 91ක් මරුට - 110ක් අතුරුදන් - නවතම තොරතුරු - Videos & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ තවත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

මීට අමතරව පුද්ගලයින් 53,000කට වැඩි පිරිසක් පීඩාවට පත්වී ඇති බව ද සඳහන්.

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කොළඹ, හම්බන්තොට සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම් එල්ල වී තිබෙනවා.



වැඩිම මරණ සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 37 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද මරණ 29 ක් වාර්තා වනවා.

පීඩාවට පත්වු මුළු පිරිස පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළා.
 
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පුද්ගල මරණ 28 ක් සහ අතුරුදන්වූවන් 66 දෙනෙකු පමණක් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර ආපදා තත්වයට පත්ව සිටි පුද්ගලයින් බේරා ගැනීමට යාමේදී හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයයෙන් ඇද වැටී තුවාල ලැබුවා.

ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.





-----------------------------------
කළුතර දිස්ත්‍රික්කයේ 37 මරුට රත්නපුරයෙන් මරණ
28ක්

70කට වැඩි පිරිසක් අතුරුදන්....

ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් ...

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් ප්‍රකාශ කළේ  තවත් 70කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ අධික වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් බදුරළිය ඩෙල්කිට්වත්ත නාය යාමෙන් නිවාස 3 ක් පස්වලට යටවී ඇති අතර එම නිවාසවල 11 දෙනෙකු පදිංචිව සිට ඇති බවයි.

ඉන් එක් අයෙකු බේරාගෙන ඇති අතර මෘත ශරීර දෙකක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම කොස්ගුලන ප්‍රදේශයේ නායයාමකින් නිවාස 3 කට අලාභ හානි සිදුව තිබෙනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ / ගල්කැටිය / මෝල්කාව / ඉහළ වෙල්ගම / යටගම්පිටිය / දියකඩුව / නාගහදොළ / කුකුලේගල / පාහියන්ගල පාර සහ කලවැල්ලාව යන ප්‍රදේශවල අඩි 10 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

පොලිසිය නිවේදනය කළේ මේවන විට ලැබී ඇති තොරතුරු අනුව තිබ්බොටුවාව කන්ද නායයාමෙන් නිවාස 3 කට හානි සිදුව ඇති බවයි.

එහි සිට නිවැසියන් 12 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මේ අතර මොරවක වත්ත නායයාමෙන් 4 දෙනෙකු මරණයට පත්වු අතර 16 දෙනෙකු අතුරුදන්වී ඇතැයි සඳහන්. නිවාස 12 කට මෙම නායයාමෙන් හානි සිදුව තිබෙනවා.

කොබවක ප්‍රදේශයේ නායයාමකින් නිවාස 2 ක් යටවී ඇති අතර පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

යටගම්පිටිය නායදොළ ලොග්ගෙවත්ත නිවාස 2 ක් වායයාම හේතුවෙන් පුද්ගලයන් 3 ක් අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.

බෝගහවත්ත මහගම ප්‍රදේශයේ නිවාස 4 ක් නායගොස් ඇති අතර පුද්ගලයන් 10 ක් පමණ අතුරුදන්ව ඇතැයි සඳහන්.

එක් පුද්ගලයෙක් තුවාල ලබා බුලත්සිංහළ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පැලවත්ත නගරයේ සිට කුම්බදුව දක්වා අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති බැවින් වාහන ගමනාගමනය ඇණහිට ඇති බවයි පොලිසිය කියාසිටියේ.

බඹරැල්ල / වලල්ලාවිට / පොල්ගම්පල ප්‍රදේශ අඩි 4 ක් පමණ මේවන විට ජලයෙන් යටවී තිබෙනවා.

මතුගම දික්පිටිය හංදියේ අඩි දෙක හමාරක් පමණ සහ මතුගම හොරණ මාර්ගයේ කුඩලිගම ප්‍රදේශයේ අඩි 8 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අලුත්ගම මතුගම මාර්ගයේ ඕවිටිගල ප්‍රදේශයේ ද අඩි 3 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් ස්ථානය ඉදිරිපිට අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර මෙම තත්වය හමුවේ අලුත්ගම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.

වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොකාවිල ප්‍රදේශයේ අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර මතුගම සිට අධිවේගී පිවිසුමට ගමනාගමන කටයුතු ඇණහිට තිබෙනවා.

තිනියාවල 18 කණුවේ සිට 19 කණුව දක්වා ප්‍රදේශයේ නාය  යාමක් සිදුව ඇති අතර 20 කණුවේ සිට 21 කණුව දක්වාත් නායගොස් තිබෙනවා.

මේ හේතුවෙන් තිනියාවල පැලවත්ත මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇතැයි සඳහන්.

වීරකන්ද ප්‍රදේශයේ නායයාමෙන් නිවාස 4 කට අලාභ හානි සිදුව ඇති අතර පිරිමි පුද්ගලයන් දෙනෙකක් සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජල ගැලීම් සහ නායයාම් තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර නෙලුව දුලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ කාන්තා නේවාසිකාගාරයට පස් කන්දක්  කඩා වැටීමෙන් සිදුවු අනතුරින් අතුරුදන්වු කාන්තාවන් 6 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවනවා.

පොලිසිය නිවේදනය කළේ පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි කාන්තාවන් 10 දෙනෙකු සිට ඇති බවයි.

ඉන් 4 දෙනෙකුගේ සිරුරු මේවන විට හමුවී තිබෙනවා.

පොලිසිය සහ ගුවන් හමුදාව එක්වයි අතුරුදන්වුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් එක් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ සහන සේවා සදහා නාවික හමුදාවේ නිලධාරීන් 150කට වැඩි පිරිසක් ද එක් කර ඇති බවයි.

විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ද, අවශ්‍ය භට පිරිස් ස්ථාන ගත කිරිම සඳහා එම්.අයි. 17 යානා දෙකක් ද යොදවා ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ආපදාවට ලක්වූවන් සහ එම ස්ථාන පිළිබදව තොරතුරු රැස් කිරීම සඳහා ගොඩබිමට සහ ජලයට ගොඩබැස්සවිය හැකි යානාවක් ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි හමුදා ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම 0112 343 970 දුරකථන අංකයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගත හැකියි.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයට මුහුණදීමට විශේෂ ආපදාකරණ කමිටුවක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පත් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ ආපදා තත්ත්වය යටතේ විවිධ හදිසි අනතුරු, දියේ ගිලීම්, වසංගත රෝග පැතිර යාමේ අවදානම් මතුවිය හැකි බවයි.

හම්බන්තොට - මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බැවින් ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

මේ හේතුවෙන් වීරකැටිය, අගුණුකොළපැලැස්ස, තංගල්ල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශවල ජනතාව අවදානයෙන් සිටින්නැයි ඔහු ඉල්ලීමක් කරනවා.

අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගල මරණ 81 ක්. 100 කට වැඩි පිරිසක් අතුරුදන් බව දිස්ත්‍රික් ලේකම්වරු පැවසුවා.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top