කාන්තා ඇඳුම් තොගයක් සහ කාන්තාවන්ගේ රත්රන් මුදු - කරාබු ඇඳ මෙට්‌ටය යට...
තලවතුගොඩ පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක සුපවේදියක්...
නිවෙස් තුළට රාත්‍රි කාලයේ නිරුවතින් රිංගා කාන්තාවන් බිය ගන්වා අතවර කළ "ග්‍රීස් යකා" තලංගම පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට මෙලෙස ඇතුළු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
CCTV වීඩීයෝ ඔස්‌සේ හඳුනාගෙන තිබෙන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේදීයි.
සැකකරු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, 29 හැවිරිදි පුද්ගලයෙක් බවත් වාර්තාවනවා.
අත්අඩංගුවට පත් සැකකරු දිවා කාලයේ තලවතුගොඩ පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක සුපවේදියකු හැටියට කටයුතු කර තිබෙන අතර රාත්‍රි කාලයේ සහ අළුයම් කාලයේ නිරුවතින් නිවෙස් තුළට රිංගා නින්දේ සිටින කාන්තාවන්ගේ සිරුර ස්‌පර්ශ කිරීම් සහ අතවර කිරීම් ද මීට අමතරව එම කාන්තාවන්ගේ රන් භාණ්‌ඩ කොල්ලකෑම් ද සිදු කර තිබෙනවා.
තලංගම පොලිසිය වෙත කාන්තාවන් ගණනාවකගෙන් ලද පැමිණිලි ඔස්‌සේ එම සිද්ධීන් වූ ස්‌ථානයන්හි අවට සී. සී. ටී. වී දර්ශන පථ ලබාගත් පොලිසිය එම දත්ත ඔස්‌සේ සැකකරු හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට පත් සැකකරුගේ පැලවත්ත ප්‍රදේශයේ නවාතැන පරීක්ෂාවට ලක් කළ පොලිසිය ඔහුගේ නිදන ඇඳ මෙට්‌ටය යට තිබී කාන්තා ඇඳුම් තොගයක් සහ කාන්තාවන්ගේ රත්රන් මුදු - කරාබු වැනි ස්‌වර්ණාභරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.