ඩෙංගු රෝගය වැළදී මියගිය දඹුල්ලේ තිදරු මවගේ දේහය කනත්තට රැගෙන යද්දී ඩෙංගු වැළදී ප්‍රතිකාර ලබමින් සිටි මියගිය කතගේ නිවස ආසන්නයේම පදිංචි තරුණයකු 25 දින පස්වරුවේ මියගොස් තිබෙනවා.
දිනකීපයක් ඇතුලත දඹුල්ලේ මියගිය තෙ වැනි මරණය මෙය වෙයි.
මෙසේ මියගියේ දඹුල්ල අටේ ඇළ පාරේ පදිංචි චමින්ද කුමාර ධර්මසේන (30) අවිවාහක තරුණයෙක්.
ඔහුගේ දේහය අද 26 දවල් වන විටත් නිවසට ගෙනවිත් නොතිබිණි .
පෙරදා මියගිය තිදරු මව වූ දඹුල්ල බස් නැවතුම්පලේ රෙදි කඩයක් පවත්වාගෙන ගිය දඹුල්ල අටේ ඇල පාර පදිංචි එච් .එම් .අයි .ජී . චන්ද්‍රිකා ශියානි හේරත් නමැති 38 හැවිරිදි මහත්මියගේ දේහය රැගත් පිරිසක් 25 දින පස්වරුවේ දඹුල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුණා.
මාර්ගය හරස් කොට සිරුර සහිත පෙට්ටිය මාර්ගය මැද තබාගෙන පිරිස වගකිවයුතු බලධාරීන්ගේ අවධානය දඹුල්ලේ පවතින අවධානම් තත්වයට පිළියම් ඉල්ලා තිබෙනවා.
මේ දින 26 තුලදී දඹුල්ල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් 63ක් දඹුල්ල රෝහලෙන් පමණක් වාර්තා වූ බවයි සඳහන් වන්නේ.
ඉන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
26 වන දින වනවිට දඹුල්ල රෝහලේ නේවාසිකව රෝගීන් 28 දෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන් හතර දෙනකු අසාද්‍ය තත්වයේ පසුවන බවයි දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
දඹුල්ලේ ඩෙංගු අවධානම පිළිබදව මිට මාස කීපයකට පෙර බස් නැවතුම්පලේ වෙළෙන්දෝ පෙන්වා දුන් බවත් ,දඹුල්ලේ මාධ්‍යවේදීන් විෂය භාර ඇමතිවරුන්ට පෙන්වා දුන් නමුදු පිලියමක් නොමැති බවත් එසේ පෙන්වාදෙන පිරිස් වෙත අබුත චෝදනා එල්ල කරමින් පුද්ගලිකව පළිගැනීම් හා කණ්ඩායමක් සුදානම් කොට සමාජ ජාල වෙබ් අඩවි හා මුහුණු පොත හරහා මඩගැසීම සිදු කරන බව ජනතාව පෙන්වාදෙනවා.
රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වැඩි දෙනකු දඹුල්ල බස් නැවතුම්පල ආසන්නයේ සහ බස් නැවතුම්පලේ වෙළදසැල් පවත්වාගෙන යන අයවලුන් බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.