Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
අදටත් මට ආදරෙයි කියලා යෝජනා කරන අය ඉන්නවා -Exclusive - Photos

- අදටත් මට ආදරෙයි කියලා යෝජනා කරන අය ඉන්නවා -Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
"එයා එක්ක ජිවත් වෙන්න හරිම ලේසියි.."

"ඒක ආත්මීය බැඳීමක් වගෙයි.."


පුංචි තිරයේ කඩවසම් තරුණයා හැටියට තවමත් හදුන්වන්නේ ඔහුවයි. කඩවසම් තරුණයා විදිහට ඔහු නිරූපනයේදී ලෝකය දිණුවා. ඔහු වෙනකවුරුවත් නෙමෙයි රොෂාන් රණවන. වැඩිපුරම සිනමා පිටපත් වලින් දකින්න ලැබෙන ඔහු ගැනයි මේ තොරතුරු හිරු ගොසිප් වලින් පල වෙන්නේ.



රොෂාන් තවමත් කාර්යබහුල සිනමාව එක්කද..?
ඔව්. පහුගිය දවස්වල අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒකේ වැඩ ඉවර වුණේ ළගදි. එකත් එක්ක තමයි මම කාර්ය බහුල වුණේ. ඊට අමතරව මම රංගනයෙන් සම්බන්ධ වුණ ෆේස් ටු ෆේස් සිනමාපටයත් තියෙනවා.

රංගනයට අවතීර්ණ වුණ කාලේ ඉදලා පෙම්වතාගේ චරිත වැඩිපුර ලැබෙන්නේ.රොෂාන්ට පෙම්වතාගේ රාමුවෙන් මිදෙන්න අවස්ථා ලැබෙන්නේ නැද්ද..?
මම කැමතියි විවිධ චරිතවල රගපාන්න. නමුත් ආරාධනා වැඩිපුර ලැබෙන්නේ පෙම්වතාගේ චරිත. වෙනස් චරිත කරලා තියෙන්නේ සීමිත ප්‍රමාණයයි. මට අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම වෙනස් චරිත භාර ගන්නවා.

සිනමාවට වැඩි ඉඩක් වෙන් කරලා තියෙන නිසාද පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැත්තේ..?
මම අවුරුදු දෙකක් විතර කිසිම ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණේ නැහැ. මගේ හිතට වදින චරිතයක් තිබුණේ නැති නිසා. අවුරුදු දෙකකට පස්සේ රොමැන්ටික් චරිතයක් ලැබුණා. ඒක ආත්මීය බැදීමක් තියෙන කතාවක චරිතයක් විදිහට හදුන්වන්න පුළුවන්. වෙනස්ම කතාවක්. පිටපත ලස්සනට ලියැවිලා තියෙනවා.  ඒ චරිතයට මගේ හිත ඇළුම් කරනවා. ඒ නිසා මම හිතුවා ඒ චරිතයට පණ පොවන්න.

බොහෝ ජනප්‍රිය චරිත විවාහයෙන් පස්සේ දකින්න නොලැබෙන්නේ නිර්මාණ නොලැබීම හා ප්‍රතිචාර මදිකම මත කියලා කතාවක් තියෙනවා.  විවාහ වුණාට පස්සේ රොෂාන්ටත් ඒ ඉරනමම අත්‍ වුණාද..?
මම ජනප්‍රියිද නැද්ද කියලා දන්නේ දකින මිනිස්සු. මට නම් එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ. විවාහ වුණත් මට ආදරේ කරන අය ඉන්නවා. ඒ වගේම වැඩ ලැබෙන ප්‍රමාණයේ මදිකමක් ඇත්තෙත් නැහැ.

ඒ කියන්නේ තවමත් ආදරේට ඇරයුම් ලැබෙනවා කියන එකද..?
මට විතරක් නෙමෙයි. ජනප්‍රිය බොහෝ අයට විවාහ වුණත් නැතත් ආදරේට ඇරයුම් ලබන අය ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. අදටත් මට ආදරෙයි කියලා යෝජනා කරන අය ඉන්නවා.

කාර්යබහුලකම එක්ක පුද්ගලික ජිවිතේට කාලයක් වෙන් කරන්න පුළුවන්ද..විවාහකයෙක් විදිහට කාර්ය බහුලකම එක්ක වගකීම් මග හැරෙනවද..?
මට වඩා මගේ බිරිඳ කාර්යබහුලයි. නමුත් අපි අපිට කාලය වෙන් කරගන්නවා. දෙන්නම සහයෝගයෙන් වැඩ කරනවා. එයාව මට ලැබෙන්නේ මම ජනප්‍රිය වෙන්න කලින්. ඒ නිසා ඉස්සර ලැබුණු සහයෝගය තවමත් කුෂ්ලානිගෙන් මට ලැබෙනවා. මාව හොදින් තේරුම් අරගෙන ඉන්න කෙනෙක් නිසා එයා එක්ක ජිවත් වෙන්න හරිම ලේසියි. අපි දෙන්නම ගෙදර ඉන්න වෙලාවට මමත් එයාට ගෙදර වැඩවලට උදව් කරනවා. වගකීම් මග හරින්නේ නැහැ.

පුංචි පවුල සම්පුර්ණ කරගන්න තවත් කාලයක් ගන්නද බලාපොරොත්තු වෙන්නේ..?
අපි දෙන්නාගේ ජිවිතේ සම්පුර්ණ කර ගන්න තවත් වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස තව ටික කාලයකින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි දෙමාපියන් වෙයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top