ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක 3ක්... සීතාවක, කොළොන්නාව, හෝමාගම, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට අවදානම හේතුවෙන් ඉවත් වන ලෙස දැනුම් දෙයි... රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම් වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. මිට අමතරව කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර නගරයත් ජලයෙන් යට වී ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාවට තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දුරකථන අංක 3 ක් ලබාදී තිබෙනවා.
ඒ අනුව මුහුණපා ඇති ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක 0112 136 226,0112 136 136 සහ 077 395 79 00 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝර්ටන් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශ අද උදෑසන සිට වාන් දමන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා. ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු දෙක සහ මස්කෙළිය - කැනියොන් ජලාශයේ වාන්දොරටු දෙක ද අද උදෑසන විවෘත කෙරුණා. එමෙන්ම, කැළණි ගග දෙපස සිටින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාව ගංවතුර අවදානම නිසා අවධානයෙන් සිටිය යුතු බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ. එමෙන්ම, සීතාවක, කොළොන්නාව, හෝමාගම, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට අවදානම හේතුවෙන් ඉවත් වන ලෙස ද ඔහු දැනුම්දීමක් කළා. දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. දිවයින වටා සෙසු මුහුදු ප්රදේශවලද සුළඟේ වේගය 60 සහ 70 දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට ඉතා රළු වියහැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ තද වැසිද බලාපොරොත්තු වියහැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ ධීවර හා නාවික ප්‍රජාව මේ පිලිබඳ සැලකිලිමත් වන ලෙසයි.VIDEO VIDEO ---------------------------- 2017-05-26 09:48:17බුලත්සිංහල නායයාම්වලින් 6ක් මරුට 12ක් අතුරුදන් - දෙණියාය මොරවක කන්දත් නායයයි Photos මේ වනවිට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ මාතර දෙණියාය - මොරවක කන්ද සහ කළුතර - බුලත්සිංහල - බෝගහවත්ත - දෙල්පාවත්ත යන ප්‍රදේශවල නායයාම් වාර්තා වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බුලත්සිංහල - බෝගහවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.තවත් අතුරුදන් වූ 4 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් නායයාමට ලක්වූ ස්ථාන වෙත ගමන් කිරීමට පවා අපහසු මට්ටමක පවතින බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, මෙහෙයුම් සඳහා දැනටමත් ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බෙල් - 212 සහ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් දැනටමත් යොදවා ඇති බවයි. බුලත්සිංහල කොබවක දිවලකඩ කන්දත් නායයාමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පොලිස් මූලස්ථානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් නායයාම්, ගංවතුර සහ පස් කඳු කඩා වැටීම් මෙන්ම විවිධ අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි.