Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
අයහපත් කාළගුණය රටට බලපෑ හැටි - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - Video & Photos

- අයහපත් කාළගුණය රටට බලපෑ හැටි - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
සබරගමුව පළාතේ සියලුම පාසල් වසා දැමේ...

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව...

පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහන මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර දෙනියාය මොරවක කන්ද නායගොස් ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කළා.
 
කළුතර බුලත්සිංහල බෝගහවත්ත ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබෙනවා.

මේ අතර ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කර ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ MI 17 හෙලිකොප්ටර් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොමුකර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි.

මේ අතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර කැළණි ගඟේ ජල මට්ටම ද අවදානම් තත්ත්වයක පවතිනවා.

මේ නිසා කැළණි ගඟ දෙපස ජනතාවට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලූව, හබරකඩ සහ මොරවක, යක්කලමුල්ල, ඉමදූව, වල්පොල, තවලම, ආදී ප්‍රදේශ මුළුමනින්ම පාහේ ජලයෙන් යටවී ඇති බව සඳහන්.

කළුගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ - පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශ ද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම, කිරම ඔය පිටාර ගැලීම නිසා මාතර - කඹුරුපිටිය සහ මුලටියන ප්‍රදේශවල පහත්බිම්වල ජනතාවටද ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බව සඳහන්.

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කලවාන, ඇලපාත, අයගම, කිරිඇල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා ඇති බවයි.

වර්ෂාවත් සමඟ සබරගමුව පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

දෙනියාය - පල්ලේගම බෝගොඩ කර්මාන්ත ශාලාව අසලදී ටිපර් රථයක ගමන්ගත් පිරිසක් මාර්ගයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොටු වී සිටියා. එම අවස්ථාවේදී මාර්ගයේ ජල මට්ටම අඩි 06 ත් 08 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණා.

එමෙන්ම, වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය බැදිගම - මාරගස්හන්දිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ ජලයෙන් යට වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක් ජල පහරට කොටු වූ අතර, පොලිසිය මැදිහත් වී ඔවුන් බේරාගත් බවයි වීරකැටිය පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

පසුගිය පැය 21 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටයි.

රත්නපුර කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට වාර්තා වී ඇති එම වර්ෂාපතනය මිලිමීටර් 196 යි දශම 7 ක්.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ.

මේ අතර සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් සහ පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ...

01 - I.K.A. Nandasiri Colombo +94 11 2325511
+94 11 2437242
+94778819389

02 - A. Sedara Galle +94 91 2247175
+94 91 2247175
+94 77 1761692

03 - Kusumsiri Gampaha +94 33 2234142
+94 33 2222900
+94 77 4342786

04 - Krishan Kaluthara +94 77 6368763

05 - Widanage Matara +94 41 2222284
+94 41 2222234
+94 71 8245180

06 - K.Kumara Rathnapura +94 45 2222233
+94 45 2222140
+94 71 4408835




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top