Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
25
දුප්පතා ධනවතෙක් කරන වාස්තු ශිල්පීය රහස් මෙන්න

- දුප්පතා ධනවතෙක් කරන වාස්තු ශිල්පීය රහස් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,349 Views
වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන් මුදල් නොමැතිව පීඩනයට ලක්වී සිටියි. එහෙත් සමහර මිනිසුන් ඉතාමත් විශාල ධනයකට හිමිකිම් කියමින් දිනෙන් දින සාර්ථක වෙමින් තම ජීවීතය ඉදිරියට ගෙන යයි.
මේ අතරම සමහර පුද්ගලයින් දිළින්දන් සේ ජීවත් වූවද ටික කලකින් ධනවතුන් බවට පත්වේ. තවත් සමහර විශාල ධනවතුන් ලෙස ජීවත් වූ පුද්ගලයින් එක්වරම තමන්ගේ සියළුම ධනය විනාශ කරගෙන දිළින්දන් බවට පත්වේ.

මේවාට බලපාන බොහෝ හේතු කාරණා තිබේ. එම කාරණා අතුරින් මේ ලිපියෙන් කියවෙන්නේ වාස්තු ශිල්පීය කරුණු මගින් එම දෝෂ ඇතිවන ආකාරයයි.

උතුරු . දකුණු දිශා ද්වාර භාවිතය

ගෘහයක ධනය විනාශ වී එම ගෘහවාසීන් දුප්පතුන් බවට පත් වීමට එම ගෘහයේ ද්වාර සටහන ප්‍රබල සාධකයක්‌ ලෙස පෙන්වා දී තිඛෙනවා . ඒ අතර යම් ගෘහයක ඇත්තේ උතුර . දකුණු ද්වාර සටහනක්‌ නම් එම ගෘහ වාසීන්ගේ ධනය පිරිහී ගොස්‌ දුප්පත් වන බව හමා වාස්‌තු සෘෂී මතයයි. ඔබගේ ගෘහයේ මංගල ද්වාරය උතුරේ තිඛෙන විට මුළුතැන්ගේ ද්වාරය දකුණු දිශාවේ පිහිටීම හෝ මංගල ද්වාරය දකුණේ ඇතිවිට මුළුතැන්ගේ ද්වාරය උතුරේ පිහිටීම මෙම ද්වාර සටහනට ඇතුළත් වන අතර එවැනි නිවාස වල බලවත් වන අයහපත් ප්‍රතිඵල පහත පරිදි විය හැකි.

කවදා හෝ දිනයක නිවස සොර සතුරන්ට ගොදුරු වේ.
කවදා හෝ දිනයක තම දරුවන් තමන්ට විරුද්ධ වන අතර ධනය විනාශ වේ.
කවදා හෝ දිනයක රාජ බිය ඇතිවී ධනය විනාශ වේ.

මේ ආකාරයට උතුරු . දකුණු ද්වාර සටහන් යෙදී ඇති නිවාස හිමි වී ඇති ගෘහයක වර්තමානයේ ධනය ගැවසුනද අනාගතයේදී ධනය පිරිහී දුප්පත් වීමට ඇති ඉඩකඩ බහුල බැවින් ඔබ ඒ ගැන දැන් සිටම දැනුවත් වී සිටිය හොත් ඔබත් කර්මය පිළිබඳව පූර්වකතනය කිරීමේ ශිල්පීය ඥානය ඔබට ලැඛෙන බව කිව යුතුයි. දැන් ඔබ ජීවත් වන නිවසේ ඇත්තේ උතුරු . දකුණු ද්වාර සටහනක්‌ වුවද ඔබට යහමින් මුදල් ලැඛෙන අතර ඔබ ධනවත්ව සිටිනවා විය හැකිය. එයට හේතුව නිවසේ දෝෂවලට වඩා ඔබගේ කුසල් ශක්‌තිය මෙම අවස්‌ථාවේදී බලවත්ව පවතින බැවිනි. එසේ වුවද ඔබගේ කුසල් ශක්‌තිය දුර්වල වී අකුසල් බලවත් වන අවස්‌ථාව උදා වන විට ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ වල අයහපත් ප්‍රතිඵල ඔබට නිතැතින් උදාවනු ඇත. මේ නිසා පොහොසතුන් හිටි හැටියේ දුප්පතුන් බවට පත් වන්නේ එබැවිනි.

ඔබගේ නිවසේ දැනටමත් ඇත්තේ උතුරු . දකුණු දිශාවලට යෙදී ඇති ද්වාර සටහනක්‌ නම් ඔබ එම දෝෂ හඳුනාගෙන එය වාස්‌තු ශිල්පයට එකඟ කර ගැනීම කළ යුතු වෙනවා. එහිදී ඔබ කළ යුත්තේ ඔබගේ ගෘහයට පොදු ස්‌ථානයකින් (කාමර හැර) නැගෙනහිර දිශාවෙන් හෝ බටහිර දිශාවෙන් ඔබගේ ගෘහයට නව ද්වාරයක්‌ විවෘත කර ගැනීමයි. නැගෙනහිර දිශාවෙන් ඔබ නව ද්වාරයක්‌ එක්‌ කළ විට .ධනද. නමැති ඉතා යහපත් ද්වාර සටහන ගෘහයේ බලවත් වන අතර බටහිර දිශාවෙන් ද්වාරයක්‌ එක්‌ කළ හොත් .විපුල. නම් යහපත් ද්වාර සටහන බලවත් වනු ඇත. ප්‍රායෝගිකව හැකියාව ඇතිනම් නැගෙනහිර හා බටහිර යන දිශා දෙකෙන්ම ද්වාර දෙකක්‌ ගෘහයට විවෘත කළ හැකිනම් ඔබගේ ගෘහයේ සතර දිශා ද්වාර සටහන නැත්නම් .විජය. නමැති ඉතා යහපත් ද්වාර සටහන බලගැන්වෙනු ඇත.

ධනවත් වන ද්වාර සටහන්

1. උතුර , දකුණ, නැගෙනහිර .ධනද. ( ධන සම්පත් බහුල වේ.)
2. උතුර, දකුණ, බටහිර .විපුල. (කීර්ති ප්‍රසංශා ලැබේ.)
3. උතුර, දකුණ, නැගෙනහිර බටහිර, .විජය. (යස ඉසුරු සම්පත් පහළ වේ.)

දැන් ඔබට කියා දෙන්නම් ඉතා දුප්පත්ව සිටි කෙනෙක්‌ ඉතා කෙටි කාලයකින් ධනවතෙකු වන්නේ කෙසේද කියා. කිසියම් පුද්ගලයෙකුගේ වර්තමාන ජීවිතයේ අකුසල් බලවත්ව පවතින විටදී ඔහු ධනයෙන් පිරිහී යනවා. එම පුද්ගලයා තමන්ගේ ගෘහ පරිශ්‍රයට ධනද, විපුල හෝ විජය ද්වාර සටහනක්‌ එක්‌කර ගන්නවා, එවිට ඔහුගේ අකුසල් ශක්‌තිය දුර්වල වී කුසල් ශක්‌තිය බලවත් වෙනවා. ඔහුගේ ධනය ඉපයීමේ ශක්‌තිය ප්‍රබල වී කෙටි කාලයකින් ධනවතෙකු බවට පත් වෙනවා. මේ ආකාරයටම යම් පුද්ගලයෙකු වර්තමාන ජීවිතයේදී කුසල් බලවත් වී ධනවතෙකු වී සිටිනවා. ඔහුගේ ගෘහයේ ද්වාර සටහන උතුරු . දකුණු ද්වාර සටහනක්‌ ලෙස පවතිනවා. ඔහුගේ අකුසල් බලවත් වී ඔහුගේ ධනය කෙටි කාලයකින් පිරිහී ගොස්‌ ඔහු දුප්පතෙකු බවට පත් වෙනවා.

ඔබගේ ගෘහය යනු ඔබගේ ජීවන ගමන් මගේ කැඩපත බව ප්‍රකාශ කළ යුතුයි. නිවසේ පවතින වාස්‌තු තත්වයන් නිසි පරිදි නිරීක්‍ෂණය කොට එම ගෘහ වාසීන්ගේ අනාගත ජීවිතය කෙලෙස වේවිද කියා කලින්ම පූර්වෝකතනය කළ හැකි බව කිව යුතුයි. උතුරු . දකුණු ද්වාර සටහනට අමතර වශයෙන් ඔබගේ ධනය පිරීහී දුප්පත් වන්නට බලපාන ප්‍රබල අයහපත් ද්වාර සටහන් කිහිපයක්‌ම පවතින බව මතක තබා ගන්න. එනම් යම් ගෘහයක පිහිටා ඇත්තේ ඇතුළු වීමට හා පිටවීමට එක්‌ ද්වාරයක්‌ පමණක්‌ නම් එම ද්වාරය බටහිර දිශාවේ හෝ උතුරු දිශාවේ යෙදී තිබීම නිසා ඔහු අන්ත දිළින්දෙකු වන අතර. මෙය උතුරු . දකුණු ද්වාර සටහනට වඩා ප්‍රබලව සක්‍රීය වන අයහපත් ද්වාර පිහිටීමක්‌ ලෙස මහා වාස්‌තු ශිල්පයේ පෙන්වා දී තිඛෙනවා. බටහිර දිශාවෙන් පමණක්‌ ප්‍රධාන ද්වාරයක්‌ යෙදී ඇති විටක එම ද්වාරය .බර. නැත්නම් දුප්පත් බවේ ද්වාරය ලෙස හඳුන්වන අතර උතුරු දිශාවෙන් පමණක්‌ ප්‍රධාන ද්වාරය යෙදී තිඛෙන විට එය .දුර්මුඛ. නැත්නම් කායික සහ මානසික පීීඩනය බලවත් කරන ද්වාර සටහනක්‌ පෙස බලවත් වනු ලබයි.

ගෘහයක මංගල ද්වාරයේ පියන වමට විවෘත වීම සහ දෝෂ පාද පිහිටීම

යම් ගෘහයක මංගල ද්වාරයේ පියන එළියේ සිට විවෘත කරන විට වාමාවෘතව විවෘත වන්නේ නම් එම ගෘහ වාසීන් දිළිඳු බවට පත් වන අතර දක්‌ෂිණාවෘතව විවෘත වන්නේ නම් ගෘහයේ ධනය සුරැකේ. මීට අමතරව ගෘහයක මංගල ද්වාරය .භද්‍ර. සහ .රික්‌තා. නමැති අයහපත් පාද වලින් යෙදී ඇති විටෙක ගෘහයේ සම්පත් හීන වන අතර නන්දා, ජයා, පූර්ණා නමැති සුභ පාද වල යෙදී ඇති විටෙක එම ගෘහයේ ධනය රැඳීම බහුල වන බව මහා වාස්‌තු පුරාණයේ පෙන්වා දී තිඛෙනවා.

මහා වාස්‌තු ශිල්පයට අනුව යම් ගෘහයක ජීවත් වන ගෘහ වාසීන් දුප්පත් වීම හෝ පොහොසත් වීම උදෙසා බලවත්ව සක්‍රීය වන වාස්‌තු අංගයක්‌ ලෙස එම නිවසේ ද්වාර සටහන මූලිකව දායක වන බව කිව යුතුයි. ඔබගේ ධනය පිරිහී ගොස්‌ ඔබ දිළින්දෙකු වීමට ප්‍රථම ගෘහයේ ද්වාර සටහන පිළිබඳව නිසි ලෙස අවධානය යොමු කිරීමෙන් අනාගත අවදානමෙන් ආරක්‍ෂාවීම උදෙසා ඔබට හැකියාව ලැඛෙනු ඇත. මිනිසුන්ගේ අකුසල් බලවත් කාල වලදී කිසිම අධ්‍යාත්මික කටයුත්තක්‌ උදෙසා සිත නැඹුරු නොවන අතර සෑම විටම අකුසල් වල ප්‍රතිවිපාක පළ දීමේ දිශාවටම ගමන් කිරීම සිදු වේ. මේ නිසා ඔබ සෑම විටම ඔබගේ සිත නම් විශ්වාස කරන්න එපා. ඔබගේ අකුසල් සිත පිළිබඳව ප්‍රඥාවෙන් විමසා බලා බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් පමණක්‌ ඔබට අකුසල් පරාජය කිරීමේ ආධ්‍යාත්මික ශක්‌තිය වර්ධනය වනු ඇත. මේ නිසා ඔබ සෑම විටම මහා විශ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කොට කුසල් සිත් වර්ධනය කර ගනිමින් දේව ශක්‌තිය ලබා ගන්න. ඒ තුළින් ඔබගේ ගෘහයේ දෝෂ දුරු වී ධන ධාන්‍යයෙන් හා නිරෝගී සම්පතින් බහුල වනු ඇත.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,974 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,341 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,344 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,503 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,578 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,026 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,588 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,947 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top