Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
25
පිළිකාවට අතවනන මද්‍යසාර භාවිතය ගැන ඔබත් දැනුවත් වෙන්න

- පිළිකාවට අතවනන මද්‍යසාර භාවිතය ගැන ඔබත් දැනුවත් වෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79 Views
පිළිකාව කියන්නේ හැම රටකම වසංගතයක් බවට පත් වෙලා. දිනකට වයින් වීදුරු භාගයක්‌ හෝ කුඩා බියර් කෑන් එකක්‌ පානය කළොත්  පියයුරු පිළිකාව වැළඳීමේ අවදානම වැඩියි කියලා  ලෝක පිළිකා පර්යේෂණ පදනම විසින් පළකරන ලද අලුත්ම පර්යේෂණ වාර්තාවක දැක්‌වෙනවා.

කාන්තාවන් මිලියන 12 කගේ වෛද්‍ය ඉතිහාසය සම්බන්ධව පළකර ඇති අධ්‍යයනයන් 100 කට අධික සංඛ්‍යාවක්‌ අධ්‍යයනය කිරීමෙන් පසු මෙම පර්යේෂණ වාර්තාව සකස්‌ කර තිබෙන්නේ.

මේ අනුව දිනකට වයින් වීදුරු භාගයක්‌ හෝ කුඩා බියර් කෑන් එකක්‌ පානය කරන ආර්තවහරණයට (මෙනපෝස්‌) ලක්‌වූ කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සියයට 9 කින් වැඩිවන බව හෙළි වෙලා.

එනම් එවැනි කාන්තාවන් 100 දෙනෙකු ගත් විට 13 දෙනෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක්‌ පවතිනවා.

පියයුරු පිළිකා පමණක්‌ නොව වෙනත් පිළිකාවන් වැළඳීමටද මත්පැන් භාවිතය හේතුවන බව පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා.

ඉහත කී පර්යේෂණ වාර්තාවට අනුව පාපැදි පැදීම, දිවීම වැනි දුෂ්කර ව්‍යායාමයන්හි නිරත වීමෙන් ආර්තවහරණයට ලක්‌වූ කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ක්‍රියාශීලී නොවන කාන්තාවන්ට වඩා සියයට 10 කින් අඩුවන බව දක්‌වා සදහන්.

නිරතුරුව කායික ව්‍යායාමයන්හි නිරත වීම, සමබල ආහාර වේලක්‌ ලබාගැනීම හා සෞඛ්‍ය සම්පන්න ශරීර බරක්‌ පවත්වා ගැනීම හරහා පියයුරු පිළිකා ඇතුළු වෙනත් පිළිකාවන් වැළඳීමේ අවදානම මෙන්ම අනිකුත් රෝග වැළඳීමේ අවදානමද අඩුවන බව පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා.

මෙම පර්යේෂණ වාර්තාවට පදනම් වී ඇති එක්‌සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශයන්ට අනුව ඕනෑම ප්‍රමාණයකින් මත්පැන් පානය කිරීම පිළිකා අවදානම වැඩි කිරීමට සමත්. ගර්භණී මවුවරුන් කිසිදු ආකාරයකින් මත්පැන් පානය සිදුනොකළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරනවා.

මත්පැන් පානය කිරීම පියයුරු පිළිකාවන් වැළඳීමේ අවදානමට අමතරව මුඛ, අක්‌මා, බඩවැල් පිළිකාවන් වැළඳීමේ අවදානමද වැඩි කිරීම නිසා මත්පැන් පානයෙන් වැළකී සිටීම වැදගත් බව පර්යේෂකයින්ගේ මතයයි.
පියයුරු පිළිකාවන් ඇතිවීමේ අවදානම වැඩිවශයෙන් පවතිනුයේ ආර්තවහරණයට ලක්‌වූ කාන්තාවන් හා පියයුරු පිළිකාවක්‌ පවුලේ වෙනත් අයෙකුට පවතී නම් එවැනි කාන්තාවන්ටයි.

වයස අවුරුදු 12 ට අඩු වයසකදී වැඩිවියට පත්වී මාසික ශුද්ධිය පටන් ගැනීම මෙන්ම උසින් යුතුවීමද පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩිකරන සාධකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මවුකිරි දීම හරහාද පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩුවන බව මෙයින් හෙළිකරගෙන තිබෙනවා.

කෙසේ වුවද ගෝවා, නිවිති වැනි කොල පැහැති එළවළු වර්ග අනුභව කිරීමෙන් පියයුරු පිළිකාවන් වැළඳීමේ අවදානම අඩුකරන බවට පවතින මතය තහවුරු කිරීමට තරම් සාක්‍ෂි මඳ බව පර්යේෂණ වාර්තාවෙහි දැක්‌වේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top