ලක්ෂපාන දිය ඇල්ලට ජලය ගලා එන කැළණි ගංඟාවේ අතු ගංඟාවකට පැන අතුරුදන් වු බවට සැක කෙරෙන කාන්තාවක් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කළා.
මෙම කාන්තාව සමග සිටි මාස 2 ක් වයසැති බිළිඳියගේ සිරුර අද (24) අලුයම සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ ලක්ෂපාන දිය ඇල්ල ආසන්නයේ පෞද්ගලික විදුලි බලාගාරයක් අසල රැඳී තිබියදීයි.
සිය බිළිඳියට ත්‍රිපෝෂ රැගෙන ඒමට යන බවට පවසා ගිය මෙම කාන්තාව යළිත් නොපැමිණීම හේතුවෙන් ඊයේ (24) රාත්‍රී පවුලේ සාමාජිකයන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව කළ විමර්ශණයකදී ඇයගේ ඇඳුම් කිහිපයක් දිය ඇල්ල අසල තිබී හමුවී ඇතැයි සඳහන්.
ඒ අනුවයි පොලිසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතවී ඇත්තේ.
අනතුරුව අද අලුයම 2 ට පමණ කුඩා බිළිඳියගේ සිරුර හමුවී තිබුණා.
පසුව ලක්ෂපාන දිය ඇල්ලට පැන අතුරුදන්වු දෙදරු මවගේ මළ සිරුර දිය ඇල්ලට පහළ ප්‍රදේශයක තිබියදී සොයාගැනුනා.
ඒ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකදීයි.
පොලිසිය සැක පළකරන්නේ 26 හැවිරිදි කාන්තාව දරුවා සමග ඇල්ලට පැන සියදිවි හානිකර ගන්නට ඇති බවටයි.
මෙම කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව ද සඳහන්.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇය සියදිවි හානිකර ගන්නට තැත්කර ඇති බවට ද පොලිසිය සැක පළකරනවා.
ඔවුන් නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවන්.