ලිපියේ ආරම්භයේම මවට ආදරෙයි කියලා ලියලා....
පවුල් ප්‍රශ්ණ ගැන කළකිරී සියදිවි හානිකරගෙන...
මන්නාරම මහ පාලම අසලදී දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් මියගොස් තිබෙනවා.
ඊයේ (24) සවස 6.15 ට පමණ කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වු දුම්රියේ ගැටීමෙන් දැරිය මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ මන්නාරම උප්පුකුලම ප්‍රදේශයේ පදිංචි සන්මුගලිංගම් මිදුලා නමැති 16 හැවිරිදි දැරියක්.
ඇය ලියන ලද ලිපියක් ගමන් මල්ලේ තිබී හමුවී ඇති අතර මව නොසලකා හැරීම හේතුවෙන් සියදිවි හානිකර ගන්නා බවට එහි සඳහන්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
තවද මවගේ සෙනෙහස නොලැබුණු බවත් ගෙදර නිතර නිතර ඇතිවන ප්‍රශ්ණ පිළිබඳව ඇය කළකිරීමෙන් සිටි බවත් එම ලිපියේ සඳහන් වනවා.
මෘත ශරීරය මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙනවා.