දික්කසාද පෙම්බරිද මං, ඔයා හුගක් වෙනස් වෙලා වැනි ගීත ගැයු ගයනි මධුශාව හැමෝටම අමතක වෙලා වගෙයි. කාලෙකින් ඇගේ නිර්මාණ දකින්න ලැබුණේ නැහැ. කලාවෙන් ඈත් වෙලා ඉන්නේ මොන හේතුවකට කියලා හොයලා බලන්න ගයනිව හිරුගොසිප් වෙත එකතු කරගත්තා. මේ ඇගේ කතාබහයි.
ගයනි කොහොමද..?
හොදින් සතුටින් ජිවත් වෙනවා. මේ දවස්වල ටිකක් විවේකි සුවයෙන් ඉන්නවා කිව්වොත් හරි.
දකින්න ලැබෙන්නේ නැහැ . අලුත් නිර්මාණ කරන්න අදහසක් නැද්ද..?
මම නිහඩව ඉන්නවා නෙමෙයි. කලාවෙන් ඈත් වෙලා ඉන්නවත් නෙමෙයි. රූපවාහිණි වැඩසටහන්,පුවත්පත් සාකච්ඡා වලට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසයි මාව දකින ලැබුණේ නැත්තේ. මම අවුරුදු දෙක තුනකින් අලුත් ගීතයක් කරේ නැහැ. ඔයා හුගක් වෙනස් වෙලා කියන ගීතය මම ගායනා කලේ දයාසිරි ජයසේකර මහත්මයා එක්ක. ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. මේ වසර අවසානයට කලින් හොඳ රසවත් වෙනසක් තියෙන ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
මේ යන රැල්ලට ඔබේ හඩ මුසු වෙන්නේ නැති නිසා පැත්තකට වෙන්න හිතුවද..?
මේ යන රැල්ලට ගීතයක් කරන්න නම් මගේ කොහෙත්ම අදහසක් නැහැ. මම හොයන පද රචනයක් මට ලැබුණේ නැහැ. ඒකත් හේතුවක් අලුත් නිර්මාණයක් කරන්න ප්‍රමාද වෙන්න. මේ යන රැල්ලට ගීත ඕන තරම් ලැබුණා. නමුත් මම කැමති නැහැ. එහෙම නැතුව මාව ප්‍රතික්ෂේප වෙලා එහෙම නෙමෙයි.
අපිට නම් ආරංචිය ඔබ නොදකින්න හේතුව ඔබට ආදරය හරස් වෙලා කියලයි..?
මම පෙම්වතියක් ඒක බොරුවක් නෙමෙයි. මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් ඔහුට මම ගැන අපි ගැන අපේ ආදරේ ගැන හොද අවබෝධයක් තියෙනවා. එයා මට නිතරම කියන්නේ හොද දෙයක් කරන්න කියලයි. එයා නීති රීති දන්නේ නැහැ. මට ඕනෑම වෙලාවක උදව් කරනවා මිසක්.
විවාහය ලගදීම සිදු වෙනවද..?
දින වකවානු දාගෙන නැහැ. මේ කාලේ වෙනකොට බදිනවා කියලා හිතලත් නැහැ. නමුත් විවාහ වෙන්න ඕන. ඒක නියමිත කාලයේදී හොද විදිහට වෙයි කියලා මම විශ්වාස කරනවා.
ප්‍රසංග වේදිකාවට තියෙන ඉල්ලුමත් අඩු වෙලාද..?
නැහැ. හොද ඉල්ලුමක් තියෙනවා. පසුගිය කාලය පුරාවටම කාර්යබහුල වුණේ ප්‍රසංග වේදිකාවත් එක්ක තමයි. ප්‍රසංග වේදිකාවට නැග්ගට පස්සේ මට ලැබෙන ප්‍රතිචාරත් එහෙමයි. ළගට ඇවිත් කතාබහ කරන අය ඉන්නවා. මට ඒ ගැන නම් සතුටු වෙන්න පුළුවන්.
ඉල්ලුම වැඩි නිසා අය කරන මුදලත් වැඩි ඇති..?
මම ලොකු මුදලක් අය කරන ගායිකාවක් නෙමෙයි. සාමාන්‍ය මුදලක් අය කරනවා. අඩුම මුදලකට ගීත ගායනා කරන්නෙත් නැහැ.
තවමත් අනුන්ගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරලා මුදල් උපයනවද..?
මේ වෙනකොට මම ගීත තිහක් විතර ගායනා කරලා තියෙනවා. නමුත් ඒ ගීත වලින් ජනප්‍රිය ගීත තියෙන්නේ කිහිපයයි. ඒ ගීත ඇති මට ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්න. ඒ නිසා මමප්රවිනයින්ගේ හෝ අනුන්ගේ ගීත ගායනා කරන්නේ නැහැ. මුදල් හම්බ කරන්න.
ගයනි කියන්නේ ගොසිප්වලට බය කෙනෙක්ලු.. ඇත්තද ..?