භූමී කියන චරිතය සමාජ ගත වෙන්නේ ලිංගික සංක්‍රාන්තියට පත් කෙනෙක් නිසයි. කෙටියෙන් කිව්වොත් කුමුදු කියන තරුණයා භූමී කියන තරුණිය බවට පත් වුණු නිසයි. එහෙම නේද..?
මම සම්පුර්ණයෙන්ම ලිංගික සංක්රන්තියට පත් වෙනකොට මගේ වයස අවුරුදු 20 යි. 2010 වර්ෂයේ ඉදලා මම වැඩ කළේ මානව හිමිකම් සංවිධාන වල. දැන් මම මානව හිමිකම් තරුණ සංවිධානයක ව්‍යාපෘති කළමනාකාරිනියක් විදිහට වැඩ කරනවා. මේ හැම දෙයක් එක්කම මම ලිංගික සංක්‍රාන්තිකයින් වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කළා. ඒ නිසයි මම කව්ද කියන එක සමාජගත වුණේ. මම හිතන්නේ මම තමයි ඒ වෙනුවෙන් කතා කළ එකම කෙනා. ඒ වගේම පහුගිය කාලය පුරාවටම සය පෙති කුසුම චිත්‍රපටිය නිසා මාව කතාබහට ලක් වුණා.
තරුණයෙක් තරුණියක් බවට පත් වුණාට පසුව ඔබට දැන් මොකද හිතෙන්නේ..?
අපි වගේ අය දිහා මේ සමාජය බලන්නේ හරිම අමුතු විදිහට. ලිංගික සංක්‍රාන්තියට පත් වුණ එකම කෙනා මම විදිහට තමයි සමහරු මගේ දිහා බලන්නේ. ඇත්තටම කිව්වොත් මම පුංචි කාලේ ඉදලම හිතුවේ මම ගැහැණු ළමයෙක් කියලා. ඒ හැගීම එක්ක ජිවත් වුණ නිසා අද මගේ වෙනස ගැන මට සතුටුයි. ඒ වගේම මානසිකව වැටුණ අවස්ථාත් නැතුවම නෙමෙයි.
සම්පුර්ණයෙන්ම ලිංගික සංක්‍රාන්තියට පත් වෙන්න ඔබට අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති..?
මම සම්පුර්ණයෙන්ම ගැහැණියක් වෙන්න ශල්‍ය කාර්ම දෙකක් කළා. එකක් ලංකාවේ. අනික පිට රට. මට හැමදෙයක්ම කරගන්න වුණේ තනියම. දෙමාපියන්ගෙන් වෙන් වුණ නිසා. මට යාලුවෝ ගොඩක් හිටියා. ඒ අය තමයි මට හයියක් වුණේ. උදව් කළේ. සාමාන්‍ය කෙනෙක්ට වඩා මට අභියෝග වැඩියි. සමාජයේ ගැරහුම් වැඩියි. අපිට මේ රටේ තැනක් නැහැ. ගැටළු ගොඩයි.
ඔබ කලක් සමාජයෙන් පිඩා වින්දා. ඒ වගේම දෙමාපියන්ගෙන් ඈත් වෙලා ජිවත් වුණා. ඒ ගැන කිව්වොත්..?
මම දකුණු ඉන්දීය සම්බවයක් තියෙන කෙනෙක්. මගේ අම්මාට තාත්තාට ඉන්න එකම දරුවා මම තමයි. මම හරියටම අවුරුදු පහක් ඒ අයගෙන් ඈත් වෙලා ජිවත් වුණා. ඕනෑම දෙමාපියෙක් දරුවෝ වැජඹෙනවා දකින්න ආසයි. මගේ වෙනස ඒ අයටත් කාලයක් බලපෑවා. නමුත් දැන් මන් ඉන්නේ ඒ අය එක්ක. දැන් මන් තත්ත්වය ගැන ඒ දෙන්නා සතුටු වෙනවා.
ඔබ පාසැල් ගියේ පිරිමි පාසලකට. ඔබ පාසලේදී පිරිමි ළමයින්ට පෙම්බදින්න ඇති..?
ඔව්. මම කොලඹ ඩි. එස් සේනානායක විද්‍යාලයට ගියේ. මට කවදාවත් පෙම්වතියක් ඉදලා නැහැ. දන්නා දවසේ ඉදලා මගේ හිත ගියේ පිරිමි ළමයින්ට. පාසලේ හිටියා දක්ෂ ළමයෙක්. මුලින්ම මගේ හිත ගියේ එයාට. ඒක ආදරේකට වඩා ආකර්ෂණයක් කිව්වොත් හරි. මම එයාට කිව්වා මම ආදරේ කරනවා කියලා. ඒ යෝජනාව එයා ප්‍රතික්ෂේප කළා වගේම ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිදු වුණා.
ඔබ දැන් පෙම්වතියක්. ඒ ආදරේ ඔබට පිඩාවට ලක් වෙලා නැද්ද..?
මම ඔහුට ආදරේ කරන්න පටන් අරගෙන මාස 8ක් විතර ඇති. අපි හොද අවබොධයක ඉන්නවා. ඒ ආදරේ දැනෙනවා. එයා මට ආදරේ කරන්නේ මගේ පෞර්ෂයට කියලයි කිව්වේ.
විවාහ වෙන්න අදහසක් තියෙනවද..?
මම ආසයි විවාහ ජිවිතයක් ගත කරන්න. නමුත් ඒකට කාලයක් යයි. ඉදිරියේදී මොනා වෙයිද කියන්න දැන්ම බැහැ.
කීදෙනෙක්ට ආදරේ කරලා තියෙනවද..ප්‍රථම ප්‍රේමය අහිමි වෙද්දී දුකක් දැනුනද..?
මේ මගේ තුන් වැනි පෙම්වතා. ප්‍රථම ප්‍රේමය අහිමි වෙද්දී දුකක් දැනුණා. හැර යෑම කොහොමත් දුකක්නේ.
දැන් භූමී ප්‍රසිද්ධ නිසා ආදරේට ගොඩක් ඇරයුම් ලැබෙනවා ඇති නේද..?
ඇත්තටම කිව්වොත් ආදරේට වඩා රාගයට ඇරයුම් ලැබෙනවා. ආදරේ වඩා රාගය දෙන්න ඕන තරම් අය මගේ ළගට එනවා. කෙලින්ම වගේම ව්‍යංගයෙන් රාගයට ඇරයුම් ලැබෙනවා. අසෝබන විදිහට යෝජනා ගෙන අයත් ඉන්නවා. යෝජනා කරන ස්වරූපය අනුව තමයි මමත් කතා කරන්නේ. සමහර අයට මම බනිනවා. සමහර අයට මම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ කරුණාවෙන්.
විලාසිතා කරනවද..?