Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
24
බලාගෙන ඉන්නේ ලස්සන නිර්මාණයකට දායක වෙන්න. ඒ නොලැබීම ගැන පුංචි දුකක් තියෙනවා - මීනා කුමාරි - Photos

- බලාගෙන ඉන්නේ ලස්සන නිර්මාණයකට දායක වෙන්න. ඒ නොලැබීම ගැන පුංචි දුකක් තියෙනවා - මීනා කුමාරි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65 Views
"මම මේ ගමන ආවේ බොහොම හෙමින්"

"මම බොහොම ආදරයෙන් සහ කැමැත්තෙන් තමා ඒ චරිත කරන්නේ"

වසර ගණනක් සිට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වුණු ඇය ප්‍රවීණ රංගන ශිල්පි මීනා කුමාරියි. මේ දිනවල පුංචි තිරයේ ‘කවුරුන්ද නුඹ මගේ’ හරහා ඔබ හමුවට එන ඇගේ නවතම තොරතුරු පිළිබඳව පුවත්පතක සංවාදයකට එක්වෙමින් අදහස් පළකර තිබුණා. එම සංවාදය පහතින්

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම ඔබව දකින්න ලැබෙනවා නේද?
ඔව්. Hiru නාළිකාවේ සහ තවත් නාළිකාවක ටෙලි නාට්‍ය දෙකක දකින්න ලැබෙනවා.

ඒ කියන්නේ ගොඩක් කාර්යබහුල වෙලා?
ඔව් ඉතිං. වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නේ දුවගේ අධ්‍යාපන කටයුතු නිසා. ඇය මෙවර උසස් පෙළ සදහා සුදානම් වෙනවා. ඒ නිසාම වැඩි කාලයක් දෙන්නේ එයා වෙනුවෙන්.

‘නෙතු’ සහ ‘කවුරුන්ද නුඹ මගේ’ කියන ටෙලි නාට්‍ය දෙකේම ඔබට ලැබිලා තියෙන්නේ එක හා සමාන චරිත නේද?
ටෙලි නාට්‍ය දෙකේම ‘ අම්මා’ ගේ චරිතය තමා ලැබුණේ. පසුගිය අවුරුද්දෙත් බොහෝ වෙලාවට ලැබුණේ අම්මා ගේ චරිතය. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඒ නිසා මම බොහොම ආදරයෙන් සහ කැමැත්තෙන් තමා ඒ චරිත කරන්නේ.

ඔබ මෙගා රැල්ලට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්ත කතාව කිව්වොත්, අද ඇත්තටම ඒ නාට්‍ය විතරයි නේ ගොඩක් වෙලාවට කෙරෙන්නේත්. ඒ නිසා අපිට ලැබෙන චරිතයට සාධාරණයක් කරනවා. ඒක තමා ඇත්තටම රංගන ශිල්පිනියක් විදියට කරන්න තියෙන්නේ. ඉතිං මුල් කාල වකවානුවල කලාත්මක චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. විශේෂයෙන් කියන්න ඕන අද මෙගා නාට්‍ය වල පවා හොඳ නිර්මාණ තියෙනවා. නාට්‍ය මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පිටපතක් ගත්තහම දීර්ඝ වුණත්, එය ගුණාත්මක බවින් යුතු නම් කලාවක් ලෙස ඒ චරිත රස විඳීමට පුළුවන්කම ලැබෙනවා කියලා මං හිතනවා.

ඇයි දැන් ඔබ කියන කලාත්මක නිර්මාණ සඳහා සම්බන්ධ නොවන්නේ?
ඒ වගේ නිර්මාණ බොහෝ වෙලාවට රූ ගත කිරීම් සිදු කරන්නේ කොළඹින් පිට. ඒ නිසා සමහර නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න අපහසුයි මට. දුවගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසාම ටිකක් කොළඹ අවට තියෙන නාට්‍ය වල තමා වැඩ කරන්නේ. ඉතිං ආසයි හොඳ ප්‍රමිතියක් තියෙන, ගුණාත්මක නිර්මාණ සඳහා දායක වෙන්න. ඉදිරියේදී බලමු .

ඔබට යම් නිර්මාණයකට කතා කළ විට එතැනදී ඔබ මුලින්ම බලන්නේ, පිටපත ද, අධ්‍යක්ෂවරයද, ලැබෙන චරිතයද, නැත්නම් ඊට දායක වන රංගන ශිල්පීන් ද?
මුලින්ම බලන්නේ පිටපත සහ මට ලැබෙන චරිතය.

දක්ෂ අධ්‍යක්ෂවරුන්නේ නිර්මාණ සඳහා සහභාගී වීමට ලැබෙන අවස්ථා භාර නොගෙන සිටීම, ඔබට අවාසියක් නෙමෙයිද?
අවාසියක් වෙනවා ඇත්තටම. අවාසියක් කියන්නේ, අපිත් බලාපොරොත්තු වෙන්නේ සහ බලාගෙන ඉන්නේ ලස්සන නිර්මාණයකට දායක වෙන්න. ඉතිං ඒ නොලැබීම ගැන පුංචි දුකක් තියෙනවා. නමුත් ඊට වඩා මට හිතෙනවා සමහර කාල වකවානු එනවා කැපකිරීම් කරන්න. දරුවා වෙනුවෙන් පවා අපි හරි කැපවීමක් කරන්න ඕන කාලයක් එනවා. ඒ කාලේදී ඒ කැපවීම දෙන්න ඕන. ඊට පස්සේ ඒ දේ එන්නේ නැහැ.

ඒ කැපවීමේ ප්‍රතිඵල ඔබ ගේ දෑස් ඉදිරිපිටම තියෙනවා.
මම හිතන්නේ ඒ ප්‍රතිඵලය ලැබුණේ මං කලින් කියූ දේ තුළ. අපි යම්කිසි දෙයක් හිතුවොත්, ඒ කැපවීම අවංකව, ආදරයෙන් කළොත් ඕනෑම කෙනකුට එහි ප්‍රතිඵල අපිටම ලබා ගන්න පුළුවන් කියලා.

කතා කරමු ආදරණීය දියණිය ගැන?
ඇය මේ දවස්වල විද්‍යා අංශයෙන් උසස් පෙළ සඳහා සුදානම් වෙනවා. ඉතිං මේ දවස්වල මහන්සි වෙනවා, පාඩම් කරනවා.ඒ දේවල් වලට මම උදව් කරනවා.

දවසක දියණිය කිව්වොත්, ‘අම්මේ මට කලාවට එන්න ආසයි’ කියලා. ඔබ එකට ඉඩ දෙනවද?
කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව,හැම දෙයකම හරි අවබෝධයකින්, හරි අඩිතාලමක් එක්ක ගමනක් යනන්ට ලැබෙනවා නම් සහ බොහෝම පිරිසුදුව හැම ගමනක්ම යන්න පුළුවන කියලා මම විශ්වාස කරනවා.ඇයට ඒ සඳහා උපරිම උදව්ව දෙනවා. හැබැයි දැනට නම් ඇයට එහෙම බලාපොරොත්තුවක් නැහැ.

ඔබ දැනට ක්ෂේත්‍රයට ඇවිත් දශක දෙකකට කිට්ටු වෙනවා.
ඔව්. මගේ කලා ගමනේ ආරම්භය සිදුවන්නේ 1988 දී වේදිකාව තුළින්. ඒ ගැන ගොඩක් සතුටුයි. මම මේ ගමන ආවේ බොහොම හෙමින්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top