Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
23
මේ දවස්වල මම අපේ දරුවා බිහි කරන්න සුදානම් වෙනවා- දුලීකා මාරපන- Exclusive - Photos

- මේ දවස්වල මම අපේ දරුවා බිහි කරන්න සුදානම් වෙනවා- දුලීකා මාරපන- Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
"මම O/L කරද්දී සුජීව වේදිකාවේ රඟපානවා.."

"මම ඇඟ හදා ගන්නේ කාගේවත් බලපෑමකට නෙමෙයි .."

බාල තරුණ මහළු හැමෝගෙන්ම ප්‍රතිචාර ලබන්න කලාකරුවෙකුට අවස්ථාවක් ලැබෙනවා නම් ඒ අතලොස්සකට විතරයි. ඒ විදිහට හැමෝගෙම අවධානය ගන්න දුලීකා මාරපන කියන රංගන ශිල්පිණියට හැකියාවක් ලැබිලා තියෙනවා. පුංචි තිරය, සිනමා තිරයේ වගේම වේදිකාව තුළත් රංගනයෙන් පෙරළියක් කළ කෙනෙක්. ඒ නිසාම ඇගේ නවතම තොරතුරු හිරු ගොසිප් වලින් කතා කරන්න හිතුවේ. මේ ඇය අප සමග කළ සංවාද සටහනයි.



දුලීකා ටිකක් පුංචි තිරයෙන් අයින් වෙලා කියලා ආරංච්යි..  පුංචි තිරයෙන් ආයේ දකින්න නොලැබෙයිද..?
අලුත් ටෙලි නාට්‍ය නම් භාර ගත්තේ නැහැ. ඉදිරියේදී මට රගපාන්න පුළුවන් හොද චරිතයක් ලැබුණොත් සහභාගී වෙනවා.

වේදිකාවට වැඩි කාලයක් වෙන් කරන්න ඕන නිසාද වැඩිපුර ප්‍රේක්ෂකයින් ගැවසෙන පුංචි තිරයට අඩු වෙලාවක් වෙන් කරලා තියෙන්නේ..?
ලෝරන්ස්ගේ මනමාලි වේදිකා ගත කරනවා. ඒකම නෙමෙයි හේතුව. ඉදිරි කාලය පුරාවටම මගේ රංගන දායකත්වය සිනමාවට දෙන්න හිතුවා. සිනමා පිටපත් කිහිපයක්ම ලැබිලා තියෙනවා. විවිධ චරිත වලින්. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මගේ බාහිර ස්වරූපය පවා වෙනස්. විලාසිතා වෙනස්. ඒ චරිත ඇතුළේ මාව බටහිර පන්නයටත් දකින්න ලැබෙනවා. අතිශය ගම්‍ය විදිහටත් මැද මාවතේ චරිත වලිනුත් දකින්න ලැබෙයි.

මේ දවස්වල සෑහෙන්න මහන්සි වෙනවාලු අග කෙට්ටු කරගන්න..ඇත්තද..?
ඔව්. මම මේ දවස්වල ව්‍යායාම් කරනවා. දැනටමත් ටිකක් බර අඩු වෙලා තියෙනවා. තව ටිකක් බර අඩු කරගන්න ඕන.

සුජීවගේ බලපෑමකටද එහෙම කරන්නේ..?
අනේ නැහැ. මට කිසි කෙනෙක් බලපෑම් කරන්නේ නැහැ. සුජිවත් එහෙමමයි. චරිතයකට මම කෙට්ටු වෙන්නේ. එක නිර්මාණයකට මහතට ඕනලු. ඒ නිසා කෙට්ටු වෙන්න එපා කියලා එහි නිර්මාණ කරුවා කිව්වා. අනිත් නිර්මාණයට මාව කෙට්ටුවට ඕනලු. ඉතින් ඉදිරියේදී මගේ රගපෑම් විතරක් නෙමෙයි මගේ බාහිර ස්වරූපයත් වෙනස් විදිහට දකින්න ලැබෙයි.

සුජීවගේ කුළුදුල්ම සිනමා කෘතියට ඔබේ වැඩි දායකත්වයක් ලැබෙනවා නේද..?
නිර්මාණ වලින් වෙනසක් කරන්න කියලා හැමෝම කෑගහනවා. නමුත් කව්රුවත් වෙනසක් කරන්නේ නැහැ. ප්‍රේක්ෂකයින් වෙනස බලාපොරොත්තු වෙනවා. මම යම්තාක් දුරට ලෝරන්ස්ගේ මනමාලි වේදිකාගත කරලා වේදිකාව තුළ වෙනස කළා. අපිට අවශ්‍යයි ඒ වෙනස සිනමාවෙත් කරන්න. හාස්‍ය ත්‍රාසය හැමදේම අඩංගු වෙනස්ම නිර්මාණයක් අපි සිනමාවට බිහි කරනවා. මම රංගනයට ඇවිත් අවුරුදු 20ක් විතර ඇති මේ කාලය පුරාවට නොදැක්ක වෙනසක් මේ සිනමා පිටපතෙන් එලියට එන්නේ. ඉස්සර සිනමා ගැලරියෙන් විසිල් පාරක් එනවා සාර්ථක නිර්මාණවලට. මම හිතනවා ඒ යුගය යලිත් බිහි කරන්න අපි උත්සහා කරනවා.සුජීව අධ්‍යක්ෂණය කරනවා. අපේ හීනය සැබෑ කරගන්න මුල්‍ය දායකත්වය ලබා දෙන්නේ මගේ සහෝදරිය කල්‍යාණි රණවක.

සුජීවට වඩා ඔබට රංගනයේ පළපුරුද්ද තියෙද්දී ඔබ අධ්‍යක්ෂණ කටයුත්ත නොකරන්නේ..?
මම  O/L කරද්දී සුජීව වේදිකාවේ රඟපානවා. මට කලින් තමයි එයා කලාකරුවෙක් වෙන්නේ. නමුත් ඔහු රගපාන්නේ නිර්මාණ අතලොස්සක. ඔහු බොහෝ ප්‍රවිනයින්ගේ ඇසුර ලබාගෙන අත්දැකීම් පළපුර්ණයෙන් පොහොසත් කෙනෙක්. මම හිතනවා මට වඩා ඔහු ඒ දේට සුදුසුයි කියලා.

මේ තරම් කාර්ය බහුල වෙද්දී පුද්ගලික ජිවිතේට කාලය යොදවන්න වෙලාවක් තියෙනවද..?
අපි දෙන්නම නිර්මාණවලට වැඩි කාලයක් යොදවනවා. එකට ඉන්න වෙලාවටත් එහෙමයි.

පුංචි පවුල සම්පුර්ණ වෙන්නේ කවදද..
මම දැන් දරුවෙක් බිහි කරලා ඉවරයි. ඒ ලෝරන්ස්ගේ මනමාලි. ඒ ඊ ළග දරුවත් බිහි කරන්න මේ දවස්වල සුදානම් වෙනවා. මෙතනින් නවතින්නේ නැහැ. මම කතාබහට ලක් වෙන නම තියන දරුවෝ තව පහළවක් විතර බිහි කරනවා.

ඒ නිර්මාණනේ.දරුසුරතල් බලන්නේ...?
මම තවම ඒ ගැන හිතලා නැහැ. මම කිසි දෙයක් ගැන අඔනවට වඩා හිතන කෙනෙක් නෙමෙයි.බලමු.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top