ඔබ මේ අත්දැකීමට කොහොම මුහුණ දේවිද?
සාරංග දිසාසේකර කියන්නේ හැමදාමත් මිනිසුන්ගේ හිත දිනා ගත්ත චරිතවල රගපෑ නළුවෙක්.ඒ වගේම පහුගිය කාලය පුරාවටම කතාබහට ලක් වුණ නළුවෙක්. ඒ ඔහුගේ බිරිඳ සාරංගගෙන් වෙන් වුණා කියන කතාවත් එක්කයි. නිරන්තරයෙන්ම බුකියට ඔහු එකතු කරන අදහස් නිසා බුකිය හෙල්ලෙනවා. ඒ වගේ සටහනක් ඔහු මුහුණත් පොතට මේ විදිහට එකතු කරලා තිබුණා. බොහෝ අය නම් කියන්නේ ඒ සටහන යොදලා තියෙන්නේ බිරිඳ උමාලි ගැන කියලයි.
ඔබ මේ අත්දැකීමට කොහොම මුහුණ දේවිද?
තමුන් ආදරය කරන බිරිඳ තමුන් නිවසට පැමිණෙන විටදි තවත් පිරිමියෙකු සමග යහන්ගත වෙලා ඉන්නවා දැකපු එ ඇස් 2 මේ ලෝකයට කථා කරපු මහ පුදුම පණිවිඩයක් මේ ගිතයේ ඇතුලෙ සැග වෙනවා.
"ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"
සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුගෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් පසින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය.
උපුටා ගැනීමක්..