ලෙඩ රෝග ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක හැදෙන්න පුළුවන්. ඒ වගේම සුව වෙන වගේම සුව නොවන ලෙඩ රෝගත් තිබෙනවා. රෝගයක් වැළදෙන්න වර්ණ ජාති ආගම් කුල භේද බලපාන්නේ නැහැ . මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැනයි. ඔහු සුදු ජාතිකයෙක්.දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකු විදිහට ඔහු කටයුතු කර තිබෙනවා. එහිදී කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආබාධිත තත්වයක් නිසා මොහු වසර ගණනාවක් වේදනාවෙන් පිඩා විදලා. ඔහුට ප්‍රතිකාර කිරීමටවත් මුදල් තිබිලා නැති නිසා නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත් වෙලා.
මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයායි .මේ තරුණයා දකුණු අප්‍රිකාවේ දරුණු ලෙස පවතින වර්ගවාදී පිඩනයට හසුවී ඩුබායි වලට පැමිණ සිටි පුද්ගලයෙක්.
කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කල ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුලදී කොන්ද හා බෙල්ලේ අභ්‍යන්තර ආභාධයකට ලක්ව තිබෙනවා .වසර ගණනාවක් විවිධ රටවලින් බටහිර ප්‍රතිකාර ලබා ගෙන ඇති ඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍රශ්න මතුව තිබෙනවා.
ඩුබායි හිදී ශ්‍රිලංකාවේ මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබධව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වලා.
ඒ අනුව තමන් සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලාගත් ජස්ටින් රු 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්‍රේල් මස 17 වන දින ලංකාවට පැමිණ හොරිවිලට පැමිණ තිබෙන්නේ.
තමන් පත්ව ඇති තත්වයත් රෝගී තත්වයත් මුදල් නොමැති කමත් ගැන ඔහු වේදමහතාට දැනුම්දී දවසේ පැය 24 පුරා විදින වේදනාව දැනුම්දී රෝගී තත්වය සුව කර දෙන්නැයි ඉල්ලා තිබෙනවා.
මේ රෝගියාගේ අවංක උත්සයහ අවංක භාවය මෙන්ම ක්‍රීඩාවට ඇති කැමැත්ත නිසා ලොව ප්‍රබල රටවලින් ප්‍රතිකාර ලබා සේසතම අහිමි කරගත් ඔහුට හොරිවිල වෙදගෙදර නේවාසිකව ප්‍රතිකාර කිරීම ශාන්ත සෙනවිරත්න වෙදමහතා ආරම්භ කරලා.
ප්‍රතිකාර වලට මසක් ගතවෙද්දී ජස්ටින් වසර ගණනාවක සිට පවතී වේදනාව සුව වී මානසික තත්වය සුව අතට පත්වෙමින් සිටි .ලංකාවේ පාරම්පරික වෙදකම ගැනත් ජනතාවගේ ඇති ගතිගුණ ගැනත් ජස්ටින් ඉතා සතුටින් කියයි.
"මට දැන් ගොඩක් සුවයි ,ඇත්තටම මම හිතාගෙන හිටියේ ජිවිතයෙන් පවා සමුගනිවී කියල මම බෙල්ලේ කිලෝ 5ක බරක් එල්ලගෙන වගේ පැය 24 පුරා වසර ගණනාවක ඉදලා දුක් වින්දා ."
මම සදාකාලිකව වේදමහතාට වගේම ලංකාවේ මිනිස්සුන්ට ණයයි .ලංකාවේ ජනතාව වගේ මිනිස් කම හදුනන අනුන්ට උපකාර කරන පිරිස මට හමුවෙලා නෑ .මට නවාතැන් ,ආහාර ප්‍රතිකාර විතරක් නොවේ මානසික සුවය ලබාදුන්නා .තව දින කීපයකින් මම ලංකාවෙන් යනවා හැබැයි මම ලංකාව අමතක කරන්නේ නැහැ "
මේ වේදමදුරේ ඉ න්නකොට මම වැවේ නාන්න ගිහින් පාදයේ තුවාලයක් හැදිලා මම හබරණ දඹුල්ල රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගත්තා .ඒ රෝහල්වලදී කාර්ය මණ්ඩලය දොස්තරවරු .පුදුම කරුණාවන්ත පිරිසක් ,වේදමදුරේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ඇවිත් සිටිය රෝගීන් මට නෑදෑයන්ට වඩා උදව් කළා ."
"මම සල්ලි නැතිව ලෙඩේ සුවකරගන්න මානසිකත්වයෙන් වෙනත් රටකට ඇවිල්ලා මේ ආකාරයෙන් සුවය ලබයි කියලා කියන එක මට තවමත් හීනයක් .හොරිවිල වෙදමහතා ලෝකේ ඉන්න දෙවි කෙනක් කියලයි මට හිතෙන්නේ ."
"දකුණු අප්‍රිකාවේ මගේ මව් රටේ සුදු හම කළු හම නිසා වර්ගවදිව අපිව විනාශ කරනකොට අපට අඩුම තරමේ රස්සාවක් හෝ නොදෙන අවස්තාවක නාදුනන රටක මිනිස්සු මට කල සැළකිලි ගැන ලෝකයටම ආඩම්බරයි .මම ලංකාවෙන් ගියත් හැම නිවාඩුවකටම මගේ දෙමාපියන් බලන්න වගේ එනවා වෙදමහතා බලන්න ."
මම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඔබලා අහන්න ලංකාවේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම නම කියන්නම් විස්තර කියන්නම් ඒ නිසා තමයි මට විශ්වාසයක් තිබුනේ සල්ලි නැතිව හරි මට ලංකාවේ අයවලුන් පිහිට වෙයි කියලා .එක අතකින් මම සතුටු වෙනවා මගේ ච්න්තනය් හරි කියලා ,මම ඉදිරියේදී සොයා බලනවා මගේ ජිවිතයේ ඉතිරි කාලය ලංකාවේ පදිංචිවෙලා ගෙවලා දාන්න .වගේම මගේ කුමන හෝ දක්ෂතාවයකින් මේ රටට සේවයක් කරන්න .එක කාලගුණ සැලකීමක් කියල මම හිතන්නේ ."