වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි (17) හැවිරිදි තරුණියක් පසුගිය 15 වන දින උදෑසන දුම්රියට පැණ සිය දිවි හානි කරගෙන තිබුණා.
එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුනේ වනතාවිල්ලුව, 16 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි බී.තෂ්මි සජානා නැමති 17 හැවිරිදි තරුණියක්.
එළුවන්කුලම,අරුවක්කාඩු හුණු ගල් කොරියේ සිට හුණු ගල් රැගෙන පුත්තලම බලා උදෑසන 8.00ට ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බවත්, එළුවන්කුලම දුම්රිය හරස් මාර්ගයේ සිට 156 වෙනි කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුර සිදුවනවාත් සමගම දුම්රිය නවත්වා ඇති බවත් පසුගියදා අනාවරණය වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අදාළ තරුණිය සහ පවුලේ අය අතර නිරන්තරයෙන් බහින් බස්වීම් සිදුවන බවයි පැවසුනේ.
තෂ්මිගෙ ජීවිතය යකඩ යකා බිලිගනිද්දී නොයෙක් දෙනා නොයෙකුත් කතා කිව්වා ඒ අතර තෂ්මිගේ පෙම්වතා යැයි කියන 23 හැවිරිදි ප්‍රදීප් නමැති පුද්ගලයා , තෂ්මිගේ මව සහ ප්‍රදේශවාසියෙක් ඇය ගැන සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා. එම සටහන පහතින් බලන්න
''මම එයත් එක්ක යාළු වුණේ එයා අට වසරේ ඉගෙන ගනිද්දී. ගියේ මැදගම ඉස්කෝලෙකට. ඒ වෙද්දි මම කළේ පෞද්ගලික කුලී රථයක රියැදුරු රස්සාව. අපි අතරේ ආදර සබඳතාවක් ගොඩනැඟුණා. තෂ්මිට අවුරුදු 10ක් වෙද්දි එයාගෙ තාත්තා එයාවයි අම්මවයි අතෑරලා වෙන කසාදයක් කරගෙන. ඒ නිසා මම තෂ්මිවයි එයාගෙ අම්මාවයි මාදම්පේ ගෙදරක නවත්වලා මාසෙ කුලී වියදමත් ගෙවලා, ඇයට උගන්වන වැඩවලටත් සල්ලි වියදම් කළා.
කුලී ගෙදර පදිංචියට ගිහින් වසර 4ක් ගෙවුණු තැන තෂ්මි පාසල් ගමන නතර කරන්න හිතුවා. පාසල් යන්න කියලා ප්‍රදීප් ඇයට කොතරම් ඇවිටිලි කළත් ඇය නොවෙයි ඇගේ තීරණය වෙනස් කළේ.
''මගේ මහ ගෙවල් තියෙන්නේ වනාතවිල්ලුව. එළුවන්කුලමෙ. කුලී ගෙදර ටික කාලයක් හිටියට පස්සේ මේ දෙන්නාව මම මගේ මහ ගෙදර එක්ක ආවා. අපි තුන්දෙනා මාස අටක් විතර එහෙ ජීවත් වුණා. මේ වෙසක් පෝය දවසේ තෂ්මි මට කිව්වා කිරි අම්මාව බලන්න විලත්තව යන්න ඕනි කියලා. මම වැඩ කළ වාහනෙන්ම එයාව ගිහින් ඇරලුවා. ඒ වෙසක් පෝයට පහුවදා. එහෙ ගියත් එක්කම ආයෙ කතා කරලා කිව්වා මට මෙහෙ ඉන්න බෑ ඇවිත් එක්ක යන්න කියලා. මමයි එයාගේ අම්මයි ගිහින් එක්ක ආවා. අපි මෙතෙක් කලක් විවාහ නොවුණේ තෂ්මිට වයස හරියනකම් හිටියේ.''
තෂ්මිට අවුරුදු 18 සම්පූර්ණ වෙන්න තිබුණේ ගෙවුණු 17දාට. 15දා ප්‍රදීප් උදේ රැයින් අවදි වුණේ වනාතවිල්ලුව පොලිසියට යන්න. ඒ රාජකාරි අවශ්‍යතාවකට. ඒ වෙලාවෙයි ඔහුට ඇහුණේ කවදාවත් එම ස්ථානයේ නොනවත්වන කෝච්චිය. ඒ මොහොතේ නවතින හඬ ''තෂ්මිගෙ අම්මට මම කිව්වා ඒ ඇයි කියලා බලන්න කියලා.'' එවිටයි ඇය දැක්කේ රේල් පීල්ල උඩ තියෙන තෂ්මිගේ නිසල සිරුර.
තෂ්මිගෙ මවගේ කතාව පහතින්.
මගේ කෙල්ල අදටත් ජීවත් වෙනවා ඔය තාත්තා කියන මිනිහා නැත්නම්. පලා කඩලා කඩවලට විකුණලා දුක් මහන්සි වෙලයි මම ඔය දරුවා හැදුවේ. දරුවාගේ තාත්තාට ගෑනු සියයකට වඩා ඉන්නවා. ගෙස්ට් හවුස්වලට ගෑනු විකුණනවා. දරුවන්ට මේවා ආරංචි වෙලා කලකිරීමෙන් හිටියේ.
මේ පිළිබඳව ගම්මු කියන කතාව පහතින්
''ඔය කෙල්ල යාළුවෙලා හිටි කෙල්ලා කෙල්ලට වයස මදි කියලා බැන්දෙ නෑ. කොල්ලයි, කෙල්ලගෙ අමයි අතරෙන් මොකක්ද අමුතු විදියේ හුටපටයක් තිබුණා. එදා ඒක කෙල්ල දැකලා තමයි කෝච්චියට පැනලා තියෙන්නේ.