Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
‘‘ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තවම විකුණලා නැහැ“ නීල් වර්ණකුලසූරිය- Photos

- ‘‘ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තවම විකුණලා නැහැ“ නීල් වර්ණකුලසූරිය- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,562 Views
"සමහරවිට තව අවුරුදු හත අටකින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණාවි.."
"මගේ දරුවන් සංගීතයට නැඹුරු අය නෙවෙයි.."

කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ කණ්ඩායමක් හැටියට සන්ෆවලර් සංගීත කණ්ඩායම හදුන්වා දුන්නාට වරදක් නැහැ. ඒ තරම්ම ජනතාව ඒ කණ්ඩායමට ආදරේ කළා. පසුගිය කාලය පුරාවට රාවයක් පැතිරුණා නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් කෝටි ගණනකට ලංසු තියලා කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන පුවත්පතකට නීල් වර්ණකුලසූරිය කතා කරලා තිබුණා.


නීල්... මොකද මේ එකපාරටම සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ...?
මොකක් ගැනද ඔය කියන්නේ.මට තේරුණේ නෑ.

සමාජ වෙබ් ජාලා කීපයකම පහුගිය දිනවල ප්‍රචාරය වුණා නීල් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණලා කියලා. මොකක්ද ඒ කතාව?
ඒ කතාව මාත් දැක්කා. මටත් පුදුමයි කවුද ඒ වගේ කතාවක් කිව්වේ කියලා. ඇයි ඒ වගේ කතාවක් දැම්මේ කියලා මාත් තාමත් හිතනවා.

ඒ කියන්නේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ශාන් කියන කෝටිපති ව්‍යාපාරිකයාට විකුණලා නැද්ද...?
නෑ... එහෙම සන්ෆ්ලවර් තාම කාටවත් විකුණලා නෑ.

එතකොට කවුද එහෙම කතාවක් කිව්වේ?
ඒකම තමයි මාත් අහන්නේ... කවුද එහෙම කිව්වේ. ඇයි එහෙම කිව්වේ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ අපේ බලගල්ලගෙනුත් මාධ්‍ය ආයතනයක කෙනෙක් විස්තර අහලා. ෆෝන් එකට කියපු දෙයක් පවා ඒ කෙනා වෙබ් සයිට්වලට දාලා. ඒක කොච්චර නරකද...? මට තේරෙන්නේ නෑ... ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා.

එතකොට නීල් හිතේවත් නැද්ද සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණන්න...?
මෙහෙමනේ... අනාගතේ ගැන කියන්න හරියටම මම දන්නේ නෑ... හෙට මට මොනව වෙයිද කියල මම දන්නේ නැහැනේ. අනික මගේ දරුවන් වුණත් සංගීතයට නැඹුරු අය නෙමෙයි. ඉතින් සමහරවිට තව අවුරුදු හත අටකින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණාවි. හැබැයි ඇත්ත කතාව තාම මම කාටවත් සන්ෆ්ලවර් විකුණලා නෑ... ඒක බොරුවක්.ෆෝන් එකට කියපු දෙයක් ඒ කෙනා වෙබ් සයිට්වල දාලා. ඒක කොච්චර නරකද.

කොහොමද සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම එදා වගේමද...?
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම පටන් ගත්තු දවස් ඉඳන් අද වෙනතුරු හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට තියෙනවා.

අද වෙනකොට බොහෝ සංගීත කණ්ඩායම් ඇතිවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?
අලුත් කණ්ඩායම් ඇතිවෙන එක හොඳයි. හැමදාම එකම පිරිසකටම ඉන්න බැහැනේ. හැබැයි වැඩේ කියන්නේ ඒ පටන් ගන්න හැම කණ්ඩායමකටම රැඳෙන්න තියෙන කාලය අඩුයි. එක එක හේතූන් නිසා බොහෝ කණ්ඩායම් රැදෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ නිසා ඒ කඩාවැටීම අපරාදයක් විදියටයි මම හිතන්නේ.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයින් කීපදෙනෙක් වරින් වර සංගීත කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම්වලට මාරැවුණා නේද...?
ඒක සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට විතරක් ඇතිවුණු සිද්ධියක් නෙමෙයි. ඕනෑම කණ්ඩායමක ආරම්භකම සාමාජිකයෝම නෙමෙයි අදටත් ඉන්නේ. ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේදි මේ කාලය පුරාවට එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වුණා. ඈත් වුණා. අලුතින් සාමාජිකයෝ ළංවුණා.මගේ දරුවන් සංගීතයට නැඹුරු අය නෙවෙයි.

අද සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?
සතුටුයි. ඉස්සර වගේම සන්ෆවලර් සංගීත කණ්ඩායමට තැනක් තියෙනවා. ඒක අපි කියනවට වඩා අපේ ආදරණීය රසික රසිකාවියන් දන්නවා සන්ෆවලර් සංගීත කණ්ඩායමේ තැන කොතැනද කියලා. ඒ නිසා සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මම අදටත් සතුටින්.

ඒ ජනප්‍රියත්වය නිසාමද සන්ෆවලර් එක ගැන මේ විදියට කතා වෙබ් සයිට්වල පලවෙන්නේ?
 අපෙන් කිසිම දෙයක් අහන්නේවත් බලන්නේවත් නැතිව හිතුමතේ විස්තර දානවා. ඔය  FBවල වැඩිපුරම තියෙන්නේ බොරුනේ. තමන් දැන් කරන කියන දේවල් ඒ ඒ වේලාවට ෆොටෝ අරගෙන විස්තර පළකරන එක තරම් සමහරුන්ට වෙන වැඩ නැහැනේ. සමහරැ ගෙදර කෑමක් ඉවුවත් ෆොටෝ අරගෙන FB දානවා. ඇත්තටම මේ දේවල්වලට මම කැමති නෑ. ඒ වගේම අපේ වයසේ වැඩිමල් උදවිය පවා මේකට කැමති නෑ. ඊට වඩා ඒ කාලය හොඳ දේකට යෙදෙව්වනම් ඉවරයිනේ.

නීල් කියන්නේ මේ සන්ෆ්ලවර් විකුණපු කතාව බොරුවක්... එහෙමද...?
ඔව්. ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තාම විකුණලා නෑ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,206 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,559 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,911 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,201 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,126 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,806 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,296 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,055 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,770 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,449 Downloads



Top 10 Commenters

Latest Comments

Top