Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
හිටපු ඇමති කෙහෙළියගේ පුත් රමිත් ආදරවන්තිය ගැන මුල්වරට හෙළි කරයි -Exclusive- Photos

- හිටපු ඇමති කෙහෙළියගේ පුත් රමිත් ආදරවන්තිය ගැන මුල්වරට හෙළි කරයි -Exclusive- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,848 Views
"කැලිෆෝනියාවේ හිටියට එයත් හොඳට හැදිච්ච නුවර කෙල්ලෙක්.."

"මගේ තාත්තා දේශපාලඥයෙක් කියලා දැනගත්තම එයා බය වුණා.."

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රමිත් රඹුක්වැල්ල දකුණත් පිටදග පන්දු යවන්නෙක් වගේම වමත් පිතිකරුවෙක්. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් නිසා නිරන්තරයෙන්ම රමිත් කතා බහට ලක් වෙන චරිතයක් බවට පත් වුණා.ඔහු පහුගියදා කැලිෆෝනියාවේ ජිවත් වෙන නටලි ශේනෙල් එක්ක විවාහ ගිවිස ගත්තා. රමිත් නටලිගේ ආදර කතාව ගැන ඔහු මුලින්ම හිරුගොසිප් එක්ක කතා කළේ මේ විදිහටයි.

රමිත් නටලි එක්ක පටන් ගත්ත අලුත් ජිවිතේ වගකීමක් හැටියට දැනේනවා ඇති නේද.. මුලින්ම ඒ ගැන කතා කරමු..?
අලුත් ජිවිතයක්, ඒ ජිවිතේ වගකීමත් තියෙනවා. වෙනසකුත් දැනෙනවා. තනිකඩ ජිවිතේ හිටියට වඩා වෙනසක් දැනෙනවා. දෙන්නා අතර හොද ගැලපීමකුත් තියනවා.සතුටින් ජිවත් වෙන්න උත්සහ ගන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ.

හදිස්සියේම විවාහ ගිවිසා ගත්තේ..?
නටලි ඉන්නේ කලිෆොනියාවල. එයාට විදෙස් ගත වෙන්න තිබුණු නිසා ඉක්මණට විවාහ ගිවිසා ගත්තා. ඊට පස්සේ එයා ගියා. ආයේ එන්නේ ජූලී මාසේ. මමත් සති කිහිපයකට එයා ළගට යනවා.

විවාහ මංගල උත්සවයත් ළගදීම ගන්නවා කියලා ආරංචියි..?
ඔව්. නටලි ජූලී මාසේ ලංකාවට එන්නේ ඒ නිසා තමයි. අපි මේ ආගොස්තු මාසේ විවාහ මංගල උත්සවය ගන්නවා. මේ වෙනකොට ඒකට අවශ්‍ය සියලුම දේවල් ලෑස්ති කරනවා. මේ හැමදෙයක්ම හදිස්සියේම තමයි කරන්නේ.

විවාහයෙන් පස්සේ රමිත් ක්‍රිකට් වලට සමුදීලා නටලි එක්කම විදෙස්ගත වෙනවද..?
නටලි ජූලී මාසේ ලංකාවට ආවට පස්සේ අපි දෙන්නා අවුරුදු දෙකක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි දෙන්නම විදෙස් ගත වෙන්න හිතාගෙන ඉන්නේ. ක්‍රිකට්වලට සමුදෙන්න නම් හිතන්නේ නැහැ දැන්ම.ජාතික කණ්ඩායමට  අවස්ථාවක් ලැබෙනකල් උත්සාහ කරනවා දක්ෂතා පවත්වාගන්න. පුහුණු වීම වගේම ක්‍රීඩා සමාජ තරගවලට සම්බන්ධ වෙනවා. අවුරුදු දෙකකට පස්සේ කැලිෆෝනියා යන්න හිතාගෙන ඉන්නෙත් ක්‍රීඩා පැත්තෙන් වැඩ කරන්න හිතාගෙන තමයි. පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්න ආසයි. ඒකට අවශ්‍ය කරන විභාග ලංකාවේදී ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්නේ.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබෙන එකට දුකක් ඇති නේද..?
ඇත්තටම දුකක් තියෙනවා. නමුත් අවස්තාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හැමෝටම හොරෙන් ආදරේට හොයා ගත්ත පෙම්වතිය ගැන කිව්වොත්..?
එයාව මට මුණගැහුණේ පාටී එකකදී. දැක්කට පස්සේ හිත ගියා. නමුත් ආදරයක් හිතිලා නෙමෙයි කතා කළේ. එතැනදී දෙන්නා කතා බහ කරලා යාළුවො වගේ ආශ්‍රය කරා. ආශ්‍රය කරාට පස්සේ තමයි මට හිතුණේ මට ආදරේ කරන්න ගැළපෙනම කෙනා මුණ ගැහුණා කියලා. ඊටපස්සේ මම එයාට මගේ යෝජනාව කිව්වා. එයත් මට කැමති වුණා. දැන් අපි ආදරය කරන්න පටන්  අරගෙන අවුරුදු එකහමාරක් විතර ඇති.

දේශපාලඥයෙක්ගේ පුතෙක් කියලා ඇය දැනගත්තට පස්සේ ඇගේ ප්‍රතිචාරය කොයිවගේද..?
අපි ආදරේ කළා. නමුත් මගේ දෙමාපියන්වත් මම ගැනවත් එයා හොයලා බැලිවේ නැහැ. මොනාද කරන්නේ කියලාවත් ඇහුවේ නැහැ. මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා දන්නෙත් නැහැ. මම කියන්න ගියෙත් නැහැ. නමුත් එයා වගේම එයාගේ ගෙදර අය අපි ගැන දැන ගත්තට පස්සේ බය වුණා. මව විවාහ කර ගන්න අදිමදි කළා. නමුත් එයා මට ආදරේ කළේ ඒ ගැන දන්නේ නැතුව.ටික දවසකින්  දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබුණා. මොකද පවුල් දෙකම නුවර නිසා.

කාලයක් විදෙස්ගත වුණ කෙනෙක් විදිහට නටලි භාවිතා කරන්නේ ඒ රටට උචිත විලාසිතා. නමුත් ඒ විලාසිතා අපේ රටට ගැළපෙන්නේ නැති නිසා ඔබ නීති දානවා ඇති නේද..?
එයාට  ඉන්නේ  අම්මා තාත්තා වගේම අක්කයි  අයියයි  විතරයි. නටලි පව්ලේ බාලයා. එහෙම කියලා එයාට ඕන විදිහට ජිවත් වෙන්න දෙමාපියන් නිදහස දුන්නේ නැහැ. විදෙස්ගත වෙලා හිටියත් ඒ දෙමාපියන්ට වගේම නටලිට හැදිච්චකම තියෙනවා. එයත් නුවර කෙල්ලෙක්නේ .මගේ අම්මා තාත්තා එයාට ආදරේ කරන්නෙත් ඒකයි.ගැළපෙන විදිහට විලාසිතා කරන නිසා මට නීති දන්නා අවශ්‍ය වෙන්නේ නැහැ.

රමිත් කැමති නැද්ද දේශපාලනය සම්බන්ධ වෙන්න..?
ඉස්සර නම් පොඩි කැමැත්තක් තිබුණා. දැන් නම් කැමැත්තක් නැහැ. දේශපාලනය කරනවා කියන්නේ කාර්යබහුල ජිවිතයක් ගත කරන්න ඕන. ඒ කාර්යබහුලකම නිසා පවුල මග ඇරෙන්න පුළුවන්. මම කැමති නැහැ කාර්යබහුල වෙලා පව්ලෙන් අත්වෙලා ඉන්න. ඒ නිසා මට තාත්තා බල කරන්නෙත් නැහැ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,221 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,560 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,924 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,210 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,126 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,806 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,298 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,065 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,915 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,450 Downloads



Top 10 Commenters

Latest Comments

Top