ගම්පොල පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ නිවසකින් දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි වයස අවුරුදු 90 ක් පමණ වයස මවක් ගම්පොල පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2000 ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන තිබෙනවා.
මෙම මවගේ දු දරුවන් පස් දෙනෙකු විවාහ වී රජතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය සිය බාල පුතු සමග පදිංචිව සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇය අතුරුදන්වූ පසු ගම් වාසීන් මුළු ගම්මානයම පීරා ඇය සෙවීමට කටයුතු කලද එය සාර්ථක වී නොමැති අතර පසුව තරුණයන් පරිසක් පුපුරැස්ස ගලේකන්ද තරණයට ගොස් තිබෙනවා.
එහිදී තරුණයන් පරිසකට කඳු මුදුනට යාමේදී ඇඳ ඇතිරිල්ලක් හමුවී ඇති බවත් ඉන් මදක් ඉදිරියට ගිය පසු මහලු කාන්තාව ගලක් මත වැඩිවී සිටින ආකාරය දැක ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.
පසුව අදාළ තරුණයින් පිරිස මහන් උත්සහයක් දරා එම කාන්තාව කඳු පාමුලට ගෙනවිත් තිබෙනවා.
කෙසේ වෙතත් තරුණයින්ට පවා යාමට අපහසු වූ මෙම කන්ද අදාළ මහලු කාන්තාව තරණය කළේ කෙසේදැයි ගම් වාසීන් අදටත් මවිතයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.