රුපියල් ලක්ෂ 50 ක වටිනාකමකින් යුත් රන් බිස්කට් 6 ක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ පොට්ට නවුෆර්ගේ දෙවන බිරිඳ ඇතුළු තවත් 5 දෙනෙකු සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි ඔවුන් අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර රුපියල් කෝටි තුනහමාරක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලාංකික කාන්තාවක්ද ගුවන් තොටුපළ රේගුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.