මේ වනවිට පවතින අධික වර්ශාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනවා.
ග්‍රෑන්ඩ් පාස්, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හයිලෙවල් මාර්ගය, තුන්මුල්ල අවට රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම අධික වර්ෂාවත් සමග කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ, තොරණ කඩා වැටී වාහන 4 කටද අලාභ හානි සිදුව තිබෙනවා.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.