තමන්ගේ පාසලේ සිසුවෙකු සමඟ ලිංගිකව එක්වූ ගුරුවරියකට ලැබුණු දඬුවමක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රදේශයෙන්.
අදාළ ගුරුවරිය විසින් ඇයගේ පාසලේ සිසුන් කණ්ඩායමකට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.
එහිදී පැවති සාදයකදී තම සැමියාට අධික ලෙස මත්පැන් ලබාදීමෙන් අනතුරුවයි මෙම ගුරුවරිය අදාළ සිසුවා සමඟ ලිංගිකව එක්වී ඇත්තේ.
අදාළ සිසුවා 18 හැවිරිදි වියේ පසුවන අතර Jessica Storer නම් මෙම ගුරුවරියගේ වයස අවුරුදු 29 ක්.
සැකකාර ගුරුවරියගේ සැමියාගේ වයස අවුරුදු 33 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගුරුවරිය විසින් තමන් අපයෝජනය කිරීමෙන් අනතුරව ඒ බව සඳහන් කරමින් අදාළ සිසුවා විසින් ලිපියක්ද ලියා තිබෙනවා.
එහි සඳහන් වන්නේ අදාළ සිදුවීමෙන් පසුව තමන්ට සියදිවි හානිකරගැනීමට සිතුනු බවයි.
අනතුරුව මේ පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
පසුව නඩුව සඳහා අධිකරණයට පැමිණි එම ගුරුවරිය තමන් අදාල සිදුවීමට වැරදිකරු බවට පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.