වර්තමානය වනවිට කාන්තාවන් විසින් සිරුරේ ආකර්ශණය වැඩි කරගැනීමට ඔවුන් නොදැනුවත්වම තම සිරුරට සිදුකරගන්නා දැඩි හානි පිළිබඳව බොහෝ විට දැකගන්න ලැබෙනවා.
මේ අතර තමන්ගේ අනුදැනුම මත තම සිරුරේ හැඩය වෙනස් කිරීමට සිදුකරන නීති විරෝධී ප්‍රතිකර්මයක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
නීති විරෝධී ලෙසින් කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශය විශාල කිරීම සඳහා පවත්වාගෙන යන ආයතනයක් එරට පොලිසිය විසින් වටලන ආකාරය දැක්වෙන රහසිගතව පටිගත කරන ලද වීඩියෝවක් මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙහිදී ඔවුන් භාවිත කරනු ලබන අධික මාත්‍රාවකින් යුතු ඖෂධ කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශයට එන්නත් කරන අතර එමගින් දැඩි ජීවිත අවධානමක් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ලොව පුරා සිටින කාන්තාවන් අදාළ ස්ථානයට පැමිණ මෙලෙස එන්නත් කිරීම් සිදුකර ඇති බවටද හෙළිවී තිබෙනවා.