Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
උතුරු පළාත් මහ ඇමතිට පෙත්සම අස්සන් කළ සුසිල්, ඇමැතිකම අරන් කියපු කතාව - Video

- උතුරු පළාත් මහ ඇමතිට පෙත්සම අස්සන් කළ සුසිල්, ඇමැතිකම අරන් කියපු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,909 Views
එස්. එම්. රංජිත් මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ උතුරු මැද පළාත් අමාත්‍යධුරයේ සුසිල් ගුණරත්න මහතා ඊයේ (16) දිවුරුම් දුන්නා.

සුසිල් ගුණරත්න මහතා පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව දිවුරුම් පෙත්සම් අත්සන් කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අතරින් එක් අයෙකුවීම විශේෂත්වයක්.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, වෙළෙඳ , ආහාර, සමූපකාර හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සුසිල් ගුණරත්න මහතා ඊයේ (16) දිවුරුම් දුන්නේ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේයි.

ඒ, පසුගියදා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් පුරප්පාඩු වූ එස්.එම්. රංජිත් මහතාගේ අමාත්‍යධුරයේයි.

ගුණරත්න මහතා මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා.

පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පෙරේදා දිවුරුම් පෙත්සම් ලබාදීමට නියමිතව සිටි අතර ගුණරත්න මහතාද එම පිරිස  අතරට එක්ව සිටියා.

ඊයේ ඔබතුමා දිවුරුම් ප්‍රකාශය අත්සන් කළාද මහ ඇමතිට විරුද්ධව ?
මම දිවුරුම් ප්‍රකාශයට අත්සන් කළා.

අත්සන් කරලා ඇයි අද මෙවැනි තීරණයක් ගත්තේ ඇමතිකමක් භාරගන්න ?
ඇමතිකම භාරගන්න හේතුව මම අවුරුදු 40 කට වැඩි කාලයක් කරගන්න බැරිවුණ උදව් උපකාර කිහිපයක් මේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිතුමා කළා පොදු කටයුතු සම්බන්ධයෙන්. තවදුරටත් එතුමා පොදු කටයුතු සම්බන්ධයෙන් මට උදව් ථඋපකාර කරන්න ප්‍රතිඥාවක් දුන්නා. අද එතුමාගේ ඉල්ලීමට අවනතවෙලා මේ අමාත්‍යාංශය භාරගත්තා.

එහෙමනම් දිවුරුම් ප්‍රකාශය ඇයි ඔබතුමා අත්සන් කළේ ?
දැන් අද දිවුරුම් ප්‍රකාශයක් දීලා තව එකක් හෙට දෙනකොට අද දිපු එක බලරහිත වෙනවා. ඒක තමයි දිවුරුම් ප්‍රකාශනවල තත්ත්වය.

දැන් මේ වගේ කී දෙනෙක් අත්සන් කරපු අය මහ ඇමතිතුමාට සහය පළ කරන්න එයිද?
ඒක හෙට අනිද්දා වෙනකොට දැනගන්න පුළුවන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හිටපු පළාත් අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී පළාත් සභා මන්ත්‍රී එස්. එම්. රංජිත් දැක්වූ අදහස් පහතින් බලන්න

එක් මන්ත්‍රීවරයෙක් මේ වගේ පහත් තීන්දුවක් ගත්තාට අපේ බහුතරය තාම අපිත් එක්ක ඉන්නවා.

ඔබතුමා දැන් කණ්ඩායමක් ලෙස ඉන්නවා කිව්වා 17 දෙනෙක්. දැන් සුසිල් ගුණරත්න ඇමතිතුමා ගියා වගේ වරදාන වරප්‍රසාදවලට අනෙක් මන්ත්‍රීවරු යයිද?

මේ පහුගිය ජනාධිපතිවරණය කාලේ ගියෙ ඔය වගේම වරප්‍රසාද සහ  මුදල් මත ගිය පිරිසක්. රට පාවා දුන්නේ. ඒ වගේ එහෙම නැහැම කියලා සම්පූර්ණයෙන්ම අපි එහෙම..... නමුත් අපි විශ්වාස කරගෙන අපේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා අපිත් එක්ක.  

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව  මාධ්‍යවෙත අදහස් පළ කළ අතර උතුරු මැද පළාත් සභාවේ පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

එම වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,303 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,681 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,183 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  445 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,416 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,685 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,667 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,061 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,268 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,245 Downloads



Top 10 Commenters

Latest Comments

Top